IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුනරුත්ථාපන කඳවුරේ මංගල සීනු

 

අපගේ ඥාතීන් අප බැලීමට පැමිණෙන්නේ මසකට දෙවරක් පමණි. ඔවුන් අප වෙත රැගෙන එන භාණ්ඩ ඉතා පරිස්සමෙන් අපි රැකබලා ගන්නෙමු. එහෙත් ඇතැම් කෙනෙක් අපගේ භාණ්ඩ බලහත්කාරයෙන් රැගෙන පාවිච්චි කරති. මෙම අසීරු කාලය නිමා කරමින් කොළඹ - අලුත්කඬේ මහේස්ත්‍රාත්තුමිය වසරක පුනරුත්ථාපන කාලයක් සඳහා මා වව්නියාව පුනරුත්ථාපන කඳවුරට යොමු කළාය. ඒ 2012 වසරේ ජුනි මස 22 වැනි දිනය.

 

2013 වසරේ වවුනියාව නගර සභා ශාලාවේ පැවැති සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට අපි සහභාගි වුණෙමු. මෙම උළෙල සංවිධානය කර තිබුණේ බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යංශය මඟිනි. මෙම උත්සවයට දකුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ මෙන්ම ඇතැම් දේශපාලනඥයෝ ද සහභාගි වූහ. 


එසේ පැමිණි බොහෝ දෙනෙක් මා අසලටම පැමිණ ‘වව්නියාව පුනරුත්ථාපන කඳවුරේ ඉන්න කොටි නායිකා තමලිනි මුණගස්වන්න පුළුවන්දැයි’ මගෙන්ම විමසුහ. ඒ මා යැයි පැවසූ විට ඔවූහු මගෙන් නොයෙක් ප්‍රශ්න ඇසීමට පටන් ගත්හ. ප්‍රභාකරන් පිළිබඳවත් කොටි සංවිධානය පිළිබඳවත් ඔවූහු මගෙන් විමසන්නට වූහ. මෙම ප්‍රශ්න කිරීම් මා හට මහත් වධයක් විය. මේ මොහොතේ මා පත්ව සිටින අසීරු තත්ත්වයේදී යුද හමුදා නිලධාරීහු හා නිලධාරිනියෝ මා ඔවුන්ගෙන් ගලවා ගත්හ. “තමලිනි දැන් පුනරුත්ථාපනය ලබනවා. ඒ නිසා ඇයගෙන් මෙහෙම ප්‍රශ්න ඇසීම වැරදියි” යැයි එම නිලධාරිහු කීහ.


2012 වසරේදී වවුනියාව පුනරුත්ථාපන කඳවුරේ විවාහ මංගල උත්සවයක් පැවැත්විණි. අප සමඟ මෙම කඳවුරේ පුහුණුව ලබමින් සිටි ප්‍රියා මනාලිය වූවාය. පිරිමි පුහුණු කඳවුරේ පුනරුත්ථාපනය අවසන් කර සිටි මදි මනාලයා විය. ප්‍රියාගේ මව ඇය කුඩා කාලයේදීම මියගොස් තිබූ අතර පියා බොහෝ දුක්විඳ ප්‍රියා හදාවඩාගෙන තිබේ. ප්‍රියා එල්.ටී.ටී.ඊ සංවිධානයට එක් වුවද අසනීප තත්ත්වයෙන් පසු වූ බැවින් යුද කටයුතුවලට සහභාගි නොවූවාය. ඇය එල්.ටී.ටී.ඊ සංවිධානයේ ආහාර නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධව සිටියාය.


2009 වසරේදී ඇය හමුදාවට බාර වූවාය. පසුව ඇය බූස්ස කඳවුරේ රඳවා තැබිණි. ඉන්පසුව ඇයව වවුනියාව පුනරුත්ථාපන කඳවුරට මාරු කර එවුණි. පුනරුත්ථාපනය වීමෙන් පසුව ඇයව බාරදිය යුත්තේ කාටද යන ප්‍රශ්නය පැන නැගිණි. පුනරුත්ථාපනය වීමෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ දෙමාපියනට හෝ ලේ ඥාතීන්ට බාරදීම සිදුවිය. පුනරුත්ථාපනයෙන් නිදහස් වී යළිත් ඔහු හෝ ඇය වැරදි කළහොත් ඔහු හෝ ඇය බාරගත් පිරිස ඒ සම්බන්ධව වගකීම බාරගත යුතු විය.


ප්‍රියා ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගිය මදීගේ මව ප්‍රියා බාර ගැනීමට කැමැත්තෙන් ඉදිරිපත් වූවාය. එහෙත් ඇය විවාහ වී නොසිටි බැවින් මදීගේ මවට බාරදීම කළ නොහැකි විය. එම ප්‍රශ්නයට තිබූ විසඳුම වූයේ ප්‍රියාගේ හා මදීගේ විවාහය සිදුකිරීමය. එය එලෙසින්ම ක්‍රියාවට නැගිණි. විවාහයෙන් පසුව ප්‍රියා මදීගේ මව සමඟ නික්ම ගියාය.


ප්‍රියා මට වඩා වසර කීපයකින් බාල වුවද අප දෙදෙනා අතර ඉතා හොඳ මිත්‍රත්වයක් ගොඩ නැගී තිබිණි. ප්‍රියාගේ ස්වාමියා, එල්.ටී.ටී.ඊ සංවිධානයට එක්වී සිටියේ තරුණයකු ලෙස තරුණයන්ගේ විමුක්තියට දායක වීමටය. ප්‍රියාගේ විවාහ උත්සවයේදී දෙවැනි මනාලිය වූයේ මා යැයි ඇතැම් පුවත්පත් වාර්තා කර තිබිණි. එහෙත් එය වැරදි ප්‍රවෘත්තියකි.  ප්‍රියාගේ දෙවැනි මනාලිය වූයේ ඇයගේම නැගණියයි. දෙවැනි මනාලිය වූයේ මා යැයි පළ වූ වැරදි ප්‍රවෘත්තිය දැක කවුරුත් සිනාසුනහ.


තවත් කොටසක් ලබන සතියට....

පරිවර්තනය : එස්. තිලෙයිනාදන්

 



අදහස් (0)

පුනරුත්ථාපන කඳවුරේ මංගල සීනු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site