IMG-LOGO

දේශපාලන සහජීවනයේ ඇත්ත කතාවක්

1991 විවෘත කිරීමේ ඵලකයේ ඡායාරූපයක්.

 

 

කතරගම අඩවියේ කෙරෙන සෑම හොඳ වැඩකදීම කතරගම දෙවිඳුන් සිහිපත් කිරීමත්, සමන්දෙවි අඩවියේ කෙරෙන සෑම හොඳ කටයුත්තක දීම සමන් දෙවිඳුන් සිහිපත් කිරීමත් පුරාතනයේ පටන් මිනිසුන්ගේ පුරුද්දක් විය. එසේම එම පළාත්වල දේශපාලනඥයින් ද කතරගම දෙවිඳුන් හා සමන් දෙවිඳුන් ගැන දක්වන්නේ ඉමහත් භක්තියකි. ගෞරවයකි. එනිසාම කතරගම දෙවිඳුන් නමින් කරන ඉල්ලීම් ඉටුකිරීමටද ඔවුන් දක්වන්නේ දැඩි ඕනෑකමකි. 


මේ අදහස සනාථ වන සිදුවීමක් මාගේ මතකයට ආවේ 1990 ගණන්වලදී කතරගම - තිස්ස පාරේ බෝගහපැලැස්ස මහා විද්‍යාලයේ එවකට ආචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඩබ්.කේ. සිරිපාල මහතා හදිසියේම මුණගැසුණු අවස්ථාවකදීය. එතුමා මාගෙන් විමසා සිටියේ කතරගම් පාරේ බෝගහපැලැස්ස විදුලි යෝජනා ක්‍රමය මහින්ද මහත්තයයි ඔබතුමයි විවෘත කළා මතකද කියාය. මා හට එවිට අතීතයේ සිදුවීම් රැසක් මතකයට ආ අතර බෝගහපැලැස්ස විදුලි යෝජනා ක්‍රමය විවෘත කිරීම විශේෂ කරුණක් වශයෙන් සිහිපත් විය. ‘ඔව් ස්කෝලෙ මහත්තයා. ඒ කාරණය තව ටිකක් පැහැදිලි කරන්නැ’යි මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු මෙසේ කීවේය. ‘දිනක් මට මතක හැටියට 1989 පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සිදුවූ භාරයක් ඔප්පු කරන්නට මහින්ද මහත්තයා කතරගම පැමිණි අවස්ථාවේ මට මුණගැහුණා. රටේ භීෂණයක් පැවති එසමයේ ඒ ගැනද ප්‍රවේශමෙන් කිරිවෙහෙරේ සිට කතරගම මහ දේවාලය දෙසට ගමන්කරමින් සිටි වෙලාවේ එම විදුලියෝජනා ක්‍රමය ගැන මම මහින්ද මහත්තයට මෙහෙම කිව්වා. මහින්ද මහත්තයෝ මේක කතරගම දෙවියන්ගේ අඩවිය නිසා බෝගහපැලැස්ස ඉඳලා කතරගම දක්වා අඩවිය අපි ආලෝක කරමු නේද කියලා. එය ස්ථිර වශයෙන්ම කරලා දෙන්නම් කියල එතුමා කිව්වා. ඒ අනුව තමයි ඒ විදුලි යෝජනා ක්‍රමය ලැබුණේ’ සිරිපාල ගුරු මහතා කීවේය. මේ ගැන විවරණයක් පත්තරේට ලියන්නට මට හිතුණේ ඒ සංවර්ධන කටයුත්තෙන් හෙළිවන වැදගත් කරුණු කීපයක් පෙන්නුම් කිරීමටයි.


අපේ රටේ දේශපාලනයේ නිදහස ලැබුණු කාලයේ පටන් මේ දක්වා සහජීවන දේශපාලනය වෙනුවට පෙන්නුම් කළේ වෛරක්කාරී දේශපාලනයයි. ඒ අනුව පක්ෂ දෙකක එනම් ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය එකතුවී එකට මුල්ගල් තබාගත්හ. යම් සංවර්ධන කටයුත්තක් සිදුවන්නේ නම් එය විරලය. මෑත කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා යන දෙපලගේ නම් එකට ඇතුළත්ව විවෘත කිරීම් ඵලක ඇතත් 2015ට පෙර එවැනි විවෘත කිරීම් ඵලක දක්නට ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. එනමුත් එම සහජීවන දේශපාලන ප්‍රතිපත්තිය අප එකල ද අනුගමනය කළ බවට හොඳම නිදසුනක් තිස්ස - කතරගම පාරේ බෝගහපැලැස්ස ප්‍රදේශයේ මහපාර අයිනේ ඇති විවෘත කිරීම් ඵලකයක් තුළින් මැනවින් දිස්වේ. ඒ මා මුලින් කී පාඨශාලාචාර්ය සිරිපාල මහතාගේ මූලිකත්වය තුළින් ඉල්ලුම්කරන ලදුව එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමන් හා මා එක්ව එකම ප්‍රතිපාදන යොදා එකට විවෘත කළ විදුලියෝජනා ක්‍රමයයි. තංජනගරය, කාවන්තිස්සපුර, බෝගහපැලැස්ස හරහා කතරගම දක්වා විදුලිය ලබාදීමේ මෙම විදුලියෝජනා ක්‍රමය පටන් ගැනීම සඳහා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මාත් දෙදෙනාම ප්‍රතිපාදන ලබාදුන් අතර අප දෙදෙනාම බලාපොරොත්තු වූයේ ඡන්ද ගොඩ වැඩිකරගැනීම නොව එම ප්‍රදේශවාසී දුප්පත් ජනතාවගේ නිවාස හා පාසැල් ගොඩනැගිලි ආදිය සඳහා සහ ප්‍රධාන පාරක් වන එම කතරගම පාර, ආලෝකමත් කිරීමයි. කෙසේ හෝ අධික මුදලක් වැයකොට තැනූ මේ විදුලියෝජනා ක්‍රමය 1991 ජූනි 22 දින විවෘත කරන ලදී. විවෘත කරන අවස්ථාවට එවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාත් මමත් සහභාගී වුණෙමු. මා එවකට රාජ්‍ය ඇමතිවරයෙකි. ඒ නිසා ඒ වන විටත් දේශපාලනයේ පළපුරුදු පැරණි අයෙකු වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා සිටියත් අප කෙරෙහි සැලකිල්ලක් දක්වමින් එම කටයුත්ත කිරීමට සැලසුම් කළ බව සිරිපාල මහතා මට කීවේය. සිරිපාල මහතාගේ වචනයෙන් කිවහොත් “විදුලිය විවෘත කරන්න ඵලකය හදන්නේ කොහොමද කියලා අහන්න දවසක් මා මහින්ද මහත්තයා හම්බ වෙන්න ගියා. එතුමා කීවා තිස්සකුට්ටි ආරච්චි මහතා ඇමතිතුමෙක් නිසා එයාගෙ නම ඉහළින් යොදන ලෙසත්, මම මන්ත්‍රීවරයෙකු නිසා මගේ නම පහළින් යොදන ලෙසත්” කියා. එසේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කී බවත්, රැස්වීමේදීත් තිස්සට (මට) ප්‍රමුඛතාවයක් දී කටයුතු කරන ලෙසත් කී බව පාඨශාලාචාර්ය සිරිපාල මහතා කීවේය. අපි දෙදෙනා එය සුහදව විවෘත කොට සුහදව රැස්වීමේ කථා කළෙමු.


එම පාඨශාලාචාර්ය සිරිපාල මහතා දැන් පොල්ගස්ඕවිට පැත්තේ විදුහලක විදුහල්පති. එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා ඇමති තනතුරු දරා අග්‍රාමාත්‍ය වරයාවී විධායක ජනාධිපති විය. එසේ වුවද රාජපක්ෂ මහතා එසමයේත් සහජීවනය අගය කළ දේශපාලන වාදභේද පසෙකලා සුහදත්වයෙන් කටයුතු කළ ජනතාවාදී නායකයෙකු බව මේ තුළින් පැහැදිලි වන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

 

 



අදහස් (1)

දේශපාලන සහජීවනයේ ඇත්ත කතාවක්

sam Friday, 05 April 2019 04:43 PM

හොරු අල්ලන්නේ නැත්තෙත් මේ නිසා වෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12501 3

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6920 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14640 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 15112 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2899 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 486 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1427 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site