IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජේ.ආර්ගේ වත්ත ගිනි ගනී

විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ගැන මෙතෙක් අසන්නට නොලැබුණ ඔහුගේ ජීවිතයේ සැඟවුණු අපූරු කතා පුවත් කියන්නේ ජේ. ආර්.ගේ මාදම්පේ ඉස්සන්මැඩිල්ල වත්තේ වතු පාලකවරයාව සිටි අභාවප‍්‍රාප්ත ජිනදාස මංචනායක මහතාගේ ආදරණීය බිරිද සෝමා මංචනායක මහත්මිය වන්නීය. 


සෝමා මහත්මිය ජේ. ආර්.ගේ ජීවිතයේ සමහර ඇවතුම් පැවතුම් හා ගති ලක්ෂණ දැන හඳුනා ගත්තේ දැක ඇත්තේ ජේ. ආර්. ඔහුට අයත් ඉස්සන්මැඩිල්ල වත්තට පැමිණි අවස්ථාවලදීය. ඇය සිය සැමියා සමග වසර 27ක්ම ජේ. ආර්.ගේ ඉස්සන්මැඩිල්ල වත්තේ වතු බංගලාවේ ගත කර ඇති නිසා ජේ. ආර්. හා බැඳුණු කතා බොහොමයක් දන්නේය. 


රටේ විධායක ජනාධිපති පදවිය දෙවරක් හොබවා ඇති ලොව පිළිගත් කෘතහස්ත දේශපාලනඥයකුව සිටි ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා බොහොම සංවේදී හදවතක් තිබූ කාරුණික අයෙක් බව සෝමා මංචනායක මහත්මිය පවසන්නේ ඒ බව සනාථ කිරීමට තරම් කරුණු කාරණා ඇය සතුව පවතින නිසාය. 


වැරදීමකින් හෝ ඉඳුල් වතුර විසි කළ අවස්ථාවේ ඉඳුල් වතුර ජේ. ආර්. ඇඳ සිටි ඇඳුමේ විසිරුණත් ඔහු කිසිසේත් කෝපයට පත් නොවී සිනහවකින් සංග‍්‍රහ කර කරබා ගෙන සිටීම මෙයට කදිම සාධකයක් බව ඇය පවසන්නීය. 


එලීනා ජයවර්ධන ආර්යාවද සංවේදී හදවතක් ඇති කරුණාබර ආර්යාවක් බවද සෝමා මංචනායක මහත්මිය පවසන්නේ එය කදිම උදාහරණයක් ද ගෙන හැර පාමිනි. 


ජේ. ආර්. මැතිතුමාට අයිති වතුවල ඉන්නා වතු පාලකයින් සම්බන්ධීකරණය කරන්න වෙනම නිලධාරි මහත්තයෙක් පත් කර සිටියා. ඔහු රාජතේව කියන මහත්තයෙක්. වැරදි කරලා තියන සේවකයන් ගැන සොයා බලා තොරතුරු රැුස් කර ගෙන ඔවුන්ව අස් කරලා දාන්න කියා රාජතේව මහත්මයා ජේ. ආර්. මැතිතුමාට කියනවා. මගේ මහත්තයා ඒ කාලයේ වතු පාලකවරයාව සිටි ඉස්සන් මැඩිල්ල වත්තේ වැරදි කරලා තියන සේවකයන් පවා අස් කරන්න කියා පවසා තිබෙන අවස්ථා  ඕනෑ තරම් තිබෙනවා. 


එලීනා ආර්යාව ජේ. ආර්. මැතිතුමාට කතා කරන්නේ ඩාලිං කියා. ඒ තරමට දෙන්නා අතර පුදුම බැඳීමක් ආදරයක් හා ළෙන්ගුකමක් තිබුණේ. ඉතිං වැරදි වැඩ කරලා පොල් හොරකම් කරලා තියන සේවකයින්ගේ නම් කියා ඔවුන් වත්තෙන් අස්කර දමන්න කියා රාජතේව මහත්තයා ජේ. ආර්. මැතිතුමාට කියනවා. ”අනේ ඩාලිං ඔය මිනිස්සුන්ගේ තාත්තලා අම්මලා පවා අපේ වතු වල වැඩ කරපු අය. ඒ හින්දා ඔය මිනිස්සුන්ව වත්තෙන් අස්කරන්න එපා ඩාලිං” කියා එලීනා ආර්යාව පවසනවා. රටේ විධායක ජනාධිපති වෙලා හිටිය කාලේ වුණත් එතුමා එලීනා ආර්යාව කියන ඒවා අහනවා. ආර්යාව එහෙම කිව්වාම ජේ. ආර්. මැතිතුමා කරබාගෙන නිකම් ඉන්නවා. සේවකයෝ අස් කිරීමක් කිසිම දාක වෙන්නේ නැහැ. වෙලාත් නැහැ. ආර්යාවට තිබුණු ආදර බැඳීම නිසා තමා ඇය කියන දේවල් ජේ. ආර්. මැතිතුමා ඇසුවේ කියා මම හොඳින්ම කියන්න දන්නවා. 

සෝමා මංචනායක

ඉස්සන්මැඩිල්ල වත්තට යාබදව පිහිටා තිබෙන්නේ විදානේ කියන කෙනාගේ ඉඩමයි. මේ ඉඩමේ කුණු ගොඩවල් වගයකට නොසැලකිලිමත් ලෙස ගිනි තබා තිබීම නිසා ඒ ගින්න පැතිරි ගොස් ජේ. ආර්. මැතිතුමාගේ ඉඩම දක්වා පැතිර ගියා. ඒකෙන් අන්තිමේදී සිද්ධ වුණේ ජේ. ආර්. මැතිතුමාගේ වත්තේ තිබුණ හොඳට හැදීගෙන එන පොල් පැළ 25 - 30ත් විතර ගින්නට අසුවෙලා පිච්චිලා ගිය එක විතරයි. වත්තේ සේවකයෝ එකතු වෙලා ගින්න තව දුරටත් පැතිරෙන එක බොහොම අමාරුවෙන් වළක්වා නොගන්නට තවත් පොල් පැළ ගොඩක් ගින්නෙන් විනාශ වෙලා යනවා. 


වත්තේ පාලකයා විදියට මහත්මයා මේ වෙච්චි විනාශය ගැන ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට දැනුම් දුන්නා. එතුමා පහසුවදාම වත්තට එන බව මහත්තයාට කියා තිබුණා කිව්වා වගේම එතුමා පහුවදා උදේ පාන්දරම වත්තට ආවා. හොඳට හැදි වැඞීගෙන එන පොල් පැළ ගින්න අසු වී පිච්චිලා තියෙන හැටි එතුමා දුටුවා. හොඳටම කේන්ති ගොස් තිබුණ බව අපට තේරුම් ගියා. ඒත් කටක් ඇරලා කිිසිම කෙනෙකුට බැන්නේ නැහැ. එතුමාට ඇතිව තිබූ කෝපය තරහ එතුමා තනියම විඳ දරා ගත්තා මිස වචනයක්වත් කියන්න ගියේ නැහැ. අල්ලපු වත්තේ අයගෙන් වෙච්ච අලාභය අය කර ගන්න එතුමාට  ඕනෑ තරම් හැකියාව ලැබී තිබුණා. ඒත් එහෙම කරන්න ගියේ නැහැ. කොහොම වුණත් එදා දවසෙම කිසිම කෙනෙක් එක්ක වැඩිය කතා බහ කළේ නැහැ. පාඩුවේ හිටියා. එදා හවස කොළඹ යන්න ගියා. ඊට පස්සේ මේ වෙච්ච දේ ගැන මතක් කළේ වත් නැහැ. 


සෝමා මංචනායක මහත්මිය පවසන්නේ හොර බොරු වංචා වලට තදින්ම කිපෙන සුලූ ගතියක් ජේ. ආර්. තුළ පැවතුණද කාරුණික මෘදු හදවතක් ඔහුට තිබුණ බවය. 


පළතුරු ගස් වත්තේ තිබුණා. එම ගස්වල හට ගෙන ඇති ගෙඩි අමුවෙන් කඩනවාට එතුමා තුළ කැමැත්තක් තිබුණේ නැහැ. ඒවාගේම ඒවායෙන් ලැබෙන පලදාව විකුණා මුදල් ලබා ගත්තේ නැහැ. වත්තේ වැඩ කරන සේවක සේවිකාවන් හා ඔවුන්ගේ ළමයින් අතරේ පලතුරු බෙදාදෙන්න කියා තමා එතුමා වතුවල පාලකයින්ට උපදෙස් ලබා දී තිබුණේ. 1967 මහා සුළි සුළඟ වෙලාවේ සුළි සුළඟට අසු වී ඉස්සන්මැඩිල්ල වත්තේ හොඳ පලඳාවක් තිබුණ පොල් ගස් විශාල ප‍්‍රමාණයක් කඩා වැටිලා තිබුණා. මේ බව මගේ මහත්තයා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට දැනුම් දුන්නා.

එතුමා පහුවැනිදාම වත්තට ආවා. සුළි සුළඟට බිම ඇද වැටී තිබුණ පොල් ගස් උඩින් පැන යමින් සිද්ධ වෙලා තිබුණ විනාශය එතුමා සියැසින්ම දැක බලාගත්තා. ”ස්වභාවික විපත් වුණාම මෙහෙම වෙනවා. ස්වභාවික විපත් වළකන්න අපිට පුළුවන්කමක් නැහැ. මේ වගේ දේවල්වලට කම්පා වෙලා හිත රිදවා ගන්න එක කිසිම තේරුමක් නැහැ. ස්වභාව ධර්මය කියන්නේ  ඕකට තමා” කියා එතුමා අපිත් එක්ක කිව්ව හැටි තාමත් මට හොඳම මතකයි. කුරුම්බා බොන්න එතුමා කවදත් ආසයි. එදත් කුරුම්බා ගෙඩි සේවකයන් ලවා කඩා ගෙන බිව්වා. 


සුළි සුළඟට කඩා වැටිච්ච පොල් ගස් වෙනුවට අලූත් පොල් පැළ සිටුවීමට එතුමා උපදෙස් දුන්නා. ඒවාට හොඳට සාත්තු කරන්න කියාත් මගේ මහත්තයාට උපදෙස් ලබා දුන්නා. සුළි සුළං නිසා පොල් ගස් කඩා වැටී වත්තේ කිසිම කෙනෙකුට සුළුවෙන් හෝ හානියක් නොවීම ගැන එතුමා සතුටු වුණා. ”වැටිච්ච පොල් ගස් වෙනුවට අලූත් ගස් සිටුවන්න පුළුවන්. ඒත් බැරි වෙලාවත් ජීවිත අනතුරක් එහෙම සිදු වුණා නම් ඒ ජීවිත වලට අයෙත් පණ දෙන්න බැහැනේ” කියාත් එතුමා එදා පැවසුවා.
 

මතු සම්බන්ධයි.



අදහස් (0)

ජේ.ආර්ගේ වත්ත ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 207 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site