IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජවිපෙන් බිහිවුණ හතරදෙනාගේ කල්ලිය

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය කොළඹ ආමර් වීදියේ තාවකාලිකව පවත්වාගෙන ගිය අවධියේදී ටුබැකෝ සුනිල් සහෝදරයාට පක්ෂ නායක රෝහණ විජේවීර සහෝදරයා ඉතා සමීපව ඇසුරු කරන්නට අවස්ථාව ලැබිණි. ඒ සබඳතාව එකල වඩාත් හොඳින් කැපී පෙනුණේ දේශපාලන වැඩකටයුතුවලදී නොව විජේවීර සහෝදරයාගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ කාරණාවලදීය. ටුබැකෝ සුනිල් සහෝදරයා තවත් එවැනි එක් සිදුවීමක් විස්තර කළේ මෙලෙසිනි.

 


මට මතකයි ඔය කාලේ විජේවීර සහෝදරයගෙ පස්ස පැත්තෙ තුවාලයක් හැදිලා තිබුණා. මමයි උදේනි සහෝදරයයි තව කීපදෙනෙකුයි එකතු වෙලා තමයි ඒ තුවාලෙට බෙහෙත් කළේ. අපි තුවාලෙට බෙහෙත් දානකොට විජේවීර සහෝදරයා ඇඳන් හිටපු සරම අතින් උස්සන් ඉන්න අතරෙ අපිට කිව්වා කවදාහරි දවසක කියාපල්ලා විජේවීරගෙ පස්ස දැක්කා කියලා. විජේවීර සහෝදරයා නිතරම අපිත් එක්ක ඔය විදියෙ විහිළු තහළු කරලා තියෙනවා. විජේවීර සහෝදරයත් එක්ක මට ගෙවන්න ලැබුණු කාලයේදී මම ලබපු තවත් සුන්දරම අත්දැකීමක් අත්දකින්න ලැබුණෙ විජිත රණවීර සහෝදරයගෙ තංගල්ලෙ ගෙදරදී. එදා තමයි මට ඉස්සෙල්ලම පංති පහෙන් “ඉතිහාසය” පිළිබඳ පංතිය ගැන විජේවීර සහෝදරයගෙ දේශනයක් අහන්න ලැබුණෙ. ඇත්තටම මේ සිද්ධිය මගෙ ජවිපෙ දේශපාලනයෙදී මම අත්විඳපු වාසනාවන්තම සිද්ධිය කියලයි මට හිතෙන්නෙ. මාත් එක්ක මේ කඳවුරට සහභාගි වුණ වල්පොළ නන්දසීලි සහෝදරිය මම දන්න විදියට අදටත් ජවිපෙත් එක්ක සම්බන්ධයි.


මේ කාලය වනවිට ජවිපෙ අභ්‍යන්තරයේ මත ගැටුම් වාද විවාද උත්සන්න තලයකට පැමිණෙමින් කල්ලි කණ්ඩායම් නිර්මාණය වීමට සුදුසු පරිසරයක් ගොඩනැගෙමින් තිබිණි. සුප්‍රකට හතරදෙනාගේ කල්ලිය බිහිවන්නේ ද ඔය අල්ලපනල්ලේදීය. ටුබැකෝ සුනිල් සහෝදරයා ඒ ගැන ද සිය මතකය අලුත් කළේ මෙපරිදිය.


1979 - 80 කාලය වෙනකොට අපේ පක්ෂය ඇතුළෙ කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි හතරදෙනාගෙ කල්ලිය බිහිවුණේ. රොස්මිඞ් නිමල් මදුරසිංහ, රොබට් ජයසේකර, කැප්ටන් කුලරත්න කියන අය තමයි ඔය කල්ලියේ හිටියෙ. ඔය අතරින් රොස්මිඞ් නිමල් සහෝදරයා මටත් කොක්ක ගහන්න හැදුවා මට මතකයි. කොහොමහරි මේ හතරදෙනාගේ කල්ලියෙ කුමන්ත්‍රණය ගැන තොරතුරු පක්ෂයේ ඉහළට ආරංචි වුණාට පස්සෙ ඒ අයව පක්ෂයෙන් නෙරපුවා. ඊට පස්සෙ පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුරට දයා වන්නිආරච්චි සහෝදරයව පත් කළා.


ඔය කාලෙදිම ලෝක තරුණ ශිෂ්‍ය උළෙලට සහභාගි වීමේ අවස්ථාවත් අපේ පක්ෂයට උදාවුණා. ඒ සමුළුවට රෝහණ විජේවීර සහෝදරයා එක්ක වාස් තිලකරත්න, කෙලී සේනානායක, සෝමවංශ අමරසිංහ, සුනිලා අබේසේකර කියන සහෝදර සහෝදරියොත් සහභාගි වුණා. මේ සමුළුව තිබුණෙ හවානා නුවර. හවානාවලට යන්න කලින් විජේවීර සහෝදරයා ලන්ඩන්වලට ගියේ හෘද රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා. ජවිපෙ හවානා ශාඛා කමිටුව තමයි විජේවීර සහෝදරයව එහෙම ගෙන්න ගත්තෙ. ප්‍රතිකාර ගත්තට පස්සෙ විජේවීර සහෝදරයා සමුළුවට සහභාගි වෙන්න හවානාවලට ගියා. ඔය සමුළුවට පරණ වමේ පක්ෂ නියෝජිතයොත් සහභාගි වෙලා හිටියා.


සමුළුවට ගෙනිහින් තිබුණු අපේ පක්ෂ කොඩිය පරණ වමේ පක්ෂ සාමාජිකයො පිරිසක් එකතු වෙලා විනාශ කරලා කියලත් අපිට දැනගන්න ලැබුණා. ඔය සමුළුව ඉවර වෙලා කට්ටිය ලංකාවට ආපු දවසෙ එයාලව පිළිගන්න මමත් ගුවන්තොටුපොළට ගියා. මට මතකයි සෝමවංශ අමරසිංහ සහෝදරයා එදා ඒ ගමන ගැන වගේම කියුබානු සමාජවාදී විප්ලවය ගැනත් දේශනයක් කළා.
තවත් කොටසක් ලබන සතියට.

උපුල් වික්‍රමසිංහ



අදහස් (0)

ජවිපෙන් බිහිවුණ හතරදෙනාගේ කල්ලිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 5 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 591 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site