IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජනපතිවරණයේ හමුදා කුමන්ත්‍රණ

 

මා විසින් රචිත ‘අලිමංකඩ පරාජයෙන් පසු’ කෘතියේ දෙවැනි මුද්‍රණය වනවිට එහි නම වෙනසකට ලක් කළෙමි. ඒ අනුව 2008 දී ප්‍රකාශයට පත් වූ එම දෙවැනි මුද්‍රණය මා නම් කළේ ‘අලිමංකඩ පරාජයෙන් පසු ශ්‍රී ලංකාව හා ඉන්දියාව, ඓතිහාසික සරසාලේ සටන් බිම වෙතට’ යනුවෙනි. ඓතිහාසික සරසාලේ සටන්බිමේ මා හඳුනාගත් වීරයා මේජර් ජනරාල් සුමේධ පෙරේරාය. සුමේධට අමතරව විශ්‍රාමික මේජර් ජනරාල් සීවලී වනිගසේකරද මගේ ලෝකයේ යුද විරුවෙකි. සුමේධ පිළිබඳ කථාකිරීමේ දී 2000 වසරේ මැයි 27 වැනි දින රාත්‍රිය පුරා යාපනය අර්ධද්වීපයේ චාවකච්චේරි නගරයට ආසන්න සරසාලේ නම් පස්මන් හන්දියේදී සිදු වූ සටන අද දවසේ ශ්‍රී ලංකාව එක් රටක් වශයෙන් පැවතීමට හේතු වූ ප්‍රධානතම සටන්බිමයි.


සුමේධ පෙරේරාගේ නායකත්වයෙන් සිදු වූ එම සටන්බිමේ ජයග්‍රහණය නොවන්නට මැයි 28 වැනිදා හිරු උදාවන්නට තිබුණේ ඊළම යථාර්ථයක් වන දෙකඩ වූ රටකටය. කෙසේ වෙතත් ජනාධිපතිවරණ සමයේ කොළඹ නගරයේ ආරක්ෂාව හා සියලු කටයුතු සිදුවන්නේ නම් ඒ බොහෝ දේ හමුදාපති දයා රත්නායකත් මේජර් ජනරාල් සුමේධ පෙරේරාගේ මැදිහත්වීමෙන් විය යුතු බව මම හොඳින් දැන සිටියෙමි. හමුදා නායකයන්ට ඇති ළඟ සබඳතාව නිසාම හමුදා කුමන්ත්‍රණ පිළිබඳ කටකථා වැඩිවත්ම මගේ දේශපාලන මිතුරන් බොහෝ දෙනෙකුගේ අදහස වූයේ එම හමුදා ප්‍රධානීන් සමඟ යම් අවබෝධතාවකට ඒම දෙපාර්ශවයටම එක ලෙස ගුණදායක බවයි. එහෙත් එම ප්‍රශ්නයේදී පමණක් මම දෙවරක් නොව දස වරක් සිතීමි. මා ඔවුන් දෙදෙනා සමඟ මේ සම්බන්ධයෙන් කථාකිරීම දෙපාර්ශ්වයටම ඉතා අවාසිදායක විය හැකි බව මට ඉවෙන් මෙන් වැටහී ගියේය.
කෙසේ වෙතත් ජනවාරි 5 වැනිදායින් පසු රනිල් වික්‍රමසිංහ මහතාගේ හා රාජිත ඇමතිතුමාගේ අදහස් තුළ ගැබ්වූයේ හමුදාවේ ඉහළ නිලධාරීන් හමුදා කුමන්ත්‍රණයකට අණ දුන්නද ඔවුන් එම අණ නොපිළිපැදීමට වුවත් සූදානම් බවය.


ප්‍රසිද්ධ සිල්රෙදි බෙදාහැරීම ක්‍රියාත්මක වූයේ ජනවාරි 5 වැනිදාට යෙදුන පොහොය දිනට සමගාමීවය. පොලිතින් දවටනයක අසුරන ලද සිල්රෙදි කට්ටලය සමඟ පින් පොතක්ද තිබුණි. විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන් ලබාගත් රුපියල් මිලියන 600 ක මුදලක් මේ සඳහා වියදම්කර තිබුණ අතර මැතිවරණ කොමසාරිස්වරයාට මේ පිළිබඳ පළමු පැමිණිල්ල පැමිණියේ අනුරාධපුර කැකිරාව ප්‍රදේශයෙනි. ඒ ඔහු අනුරාධපුරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින අතර වාරයේය. එහිදී පැමිණිලිකරු මෙම සිල්රෙදි කට්ටලය සමඟ තිබූ පත්‍රිකාවක් පෙන්වමින් එහි නීතිවිරෝධී බව පෙන්වාදෙනු ලැබීය. එම පත්‍රිකාවේ සඳහන් වූයේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ සදාචාරවත් සමාජයක් ගොඩනැඟීම උදෙසා මෙම සිල්රෙදි කට්ටල බෙදාදීම සිදුකරන බවකි. මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත්කර තිබූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මැතිවරණයකට ඉදිරිපත්ව සිටි අවස්ථාවක මහින්ද චින්තනය යටතේ තුටුපඬුරු බෙදීම නීති විරෝධීය. 


ඒ අනුව මෙම පැමිණිල්ල ලිඛිතව ඉල්ලා සිටි මැතිවරණ කොමසාරිස්වරයා එතැන් සිට වහාම ශ්‍රී ලංකාවේ විහාරස්ථානවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිල්රෙදි බෙදීම නීති විරෝධී බව ප්‍රකාශයට පත්කරනු ලැබීය. මෙම නියෝගයත් සමඟ සිල්රෙදි බෙදීම ප්‍රසිද්ධියේ සිදුකිරීම අඩාල වූ අතර බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ බිරිඳ ගම්පහ ප්‍රදේශයේදී බෙදාහැරීමට සැලසුම්කර තිබූ සිල් රෙදි බෙදීමේ උත්සවයක් මැතිවරණ කාර්යාලයේ මැදිහත්වීමෙන් තහනම් කරනු ලැබීය. ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා සමඟ රහසිගතව කටයුතු කිරීම වෙනුවෙන් බැසිල් ඇමතිතුමා පත්කර තිබූ අනුර ජයසිංහ කොමසාරිස්වරයා ඉදිරියට පැමිණ ගම්පහ ප්‍රදේශයේදී කරනු ලබන එම කටයුත්තට අකුල් හෙළීම නවතන ලෙසට දිගින් දිගටම බැගෑපත් වන ආකාරයක්ද දැකගත හැකි විය. එහෙත් ඊට කොමසාරිස්වරයා ඉඩ ලබා නොදුන්නේය.


මේ අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රුව සහිත මුහුණතකින් යුත් බිත්ති ඔරලෝසු හා අත් ඔරලෝසු ලක්ෂ 60 ක ප්‍රමාණයක් රට පුරා බෙදාහැරීමට නියමිත බවට අප වෙත තොරතුරු ලැබී තිබුණි.


කෙසේ වෙතත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල අග භාගයේදී එනම්, ජනවාරි 01 වැනිදා පමණ වන විට රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයන් තුළ ගොඩනැගු ව්‍යාකුල හා අසංවිධානාත්මක බව සමඟ එහි නීතිවිරෝධී පදනම රටට හෙළිවීමත් සමඟ ඔරලෝසු බෙදීම බලාපොරොත්තු වූ පරිදි ක්‍රියාත්මක කර ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.


2010 ජනාධිපතිවරණය ආශ්‍රිතව බඩු බෙදීමේ උප මැතිවරණ සංස්කෘතියක් දැකගත නොහැකි වුවද ඒ හා සමාන සිදුවීම් කිහිපයක් දැකගත හැකිවිය. එහිදී ජනතාව අතර බෙදාහැරීම සඳහා ජනාධිපතිතුමාගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා එක පෙළට සිටින ඡායාරූපයක් සහිත කැලැන්ඩරයක් මුද්‍රණය කරනු ලැබීය. කැලැන්ඩරයේ ඡායාරූපයට අනුව ජනපති පවුල සිටියේ නාවික යාත්‍රාවක් තුළය. තවද, යෝෂිත රාජපක්ෂ මහතා සිය නාවික හමුදා නිල ඇඳුමෙන් සැරසී සිටියේය. මේ සියල්ලම අතර ශිරන්ති රාජපක්ෂ ආර්යාව දෙමළ හා හින්දු සම්ප්‍රදායට අනුව කාන්තාවන් පලඳින නාස් පලඳනාවක් පැලඳ සිටින ආකාරයක් දිස්විය. එම ජනාධිපතිවරණයේ සියලු සටන්පාඨ ගොඩනඟා තිබුණේද යෝෂිත රාජපක්ෂ මහතාගේ නාවික හමුදා පෞරුෂය ඉදිරියට ගෙන තිබීමෙන් ද ප්‍රදර්ශනය කරවීමට උත්සාහ කර තිබුණේ දෙමළ පරදා සිංහලයා ජයගැන් වූ ජනපති පවුලේ රණශූරත්වයයි. එහෙත් ඒ සියල්ල අතර ජනපති ආර්යාව දෙමළ සම්ප්‍රදායට අනුව නාස් පලඳනාවකින් සැරසී සිටීම හේතුවෙන් බහුතර සිංහල බෞද්ධ ජනතාව තුළ යම් ආන්දෝලනාත්මක අදහසක් ඉන් මතුවිය. කෙසේ වෙතත් මෙම කැලැන්ඩරය ජනතාව අතර කිසිදු ජනප්‍රියතාවකට පත් නොවූ අතර ගම්බද ප්‍රබල ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයන් නිවෙස්වල පවා එය එල්ලා තිබුණේ කලාතුරකින් මෙනි. තවද, 2010 ජනාධිපතිවරණයට ආසන්නව නව රුපියල් දහසේ නෝට්ටුවක් මුද්‍රණය වූ අතර එහි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රුව දක්වා තිබුණේ දෑත ඔසවා සිටින ආකාරයෙනි. හේතු ගණනාවක්ම නිසා එම මුදල් නෝට්ටුවද ජන අප්‍රසාදයට පත්විය.

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

ජනපතිවරණයේ හමුදා කුමන්ත්‍රණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site