ශ්රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්මත කර ගැනීම ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය උඩු යටිකුරු කළ සිද්ධියක් බව කියනු ලැබේ. ඇතැමුන්ගේ මතය වී තිබුණේ යකාටවත් බය නැති අයෙකු බව කී ජේ. ආර්. ඉන්දියාවේ රජීව් ගාන්ධිට බයවී මෙම සංශෝධනය සිදු කළ බවයි. ඊට මූලික හේතුව රජිව් ගාන්ධි යාපනයට ගුවනින් පරිප්පු දැමූ සිද්ධිය බව ඇතැමුන්ගේ මතයයි. මේ මා ලියන්නේ රටපුරා පළාත් සභා පිහිටුවීමට අනුමැතිය ලැබුණ යථෝක්ත සංශෝධනයේ ආදීනව ගැන නොවේ.
මෙය වූ කලී ලංකා මාතාව බිහි කළ විශිෂ්ටතම, අනාගත අවදානම මනාව අවබෝධ කරගත්, දුර දක්නා නුවණැති, ජාති මාමක, ගුණ ගරුක හා විනය ගරුක චරිතයකින් හෙබි, ජාති හිතෛෂී යුග පුරුෂයෙකුගේ නික්ම යාම පිළිබඳ කතාන්දරයෙන් බිඳකි.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළ අනගාරික ධර්මපාලතුමාගේ කිට්ටුම ඥාතියකු වූ ඔහු ගාමනී නන්ද ජයසූරියයි. නැතහොත් කවුරුත් දන්නා මහාබෝධි සමාගමේ හිටපු සභාපති ගාමනී ජයසූරිය නමැති මහෝපාසකයාය. රට වෙනුවෙන් ඇමැති පදවිය පූජා කළ ජනහිතකාමී වියතාය.
ඔහු මුදල් යටි මඩි ගැසීමට දේශපාලනයට පිවිසි අයෙකු නොවීය. ඔහු දේශපාලනය කළේ රස්සාවට නොවේ. අසික්කිත කතා හා චරිත ඝාතනවලින් ජනතා සිත් සතන් දූෂ්‍ය කළ අයෙකු නොවේ. ඉහළ තනතුරු ලැබුවත් නිල නිවාස ලබා ගත්තේ නැත. තමාට අයත් කොල්ලුපිටියේ සුවිසල් නිවසක මුළු දිවියම ගත කළේය. ආත්මය පාවා දී පගා ගහන්නට කොමිස් ගන්නට ගියේ නැත. තමාටම අයත් දැවැන්ත ව්‍යාපාර සමූහයක ලොක්කා වශයෙන් එහි සේවක සේවිකාවන් ද තළා පෙළා දැමීමට ක්‍රියා නොකළේය. වසර 20ක්ම මන්ත්‍රී පදවිය රැක ගත්තේය.
1987 නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට මෙන්ම ජේ. ආර්. - රජීව් ගිවිසුමට ද තම විරෝධය පළ කරමින් ඇමැති පදවියෙන් ඉල්ලා අස්වී ගෙදර ගොස් යළි දේශපාලනයට පිවිසෙන්නේ නැතිව සම්බුදු සසුනේ චිරස්ථිතිය තකා නිහඬ සේවයක් ඉටු කළ ගාමනී ජයසූරිය බල තණ්හාවෙන් ඔළුව උදුම්මවා ගත් පුද්ගලයකු නොවීය.
පෙර කී ව්‍යවස්ථා සංශෝධනය මාර්ගයෙන් අනාගතයේ දී ශ්‍රී ලංකාවට සිදුවිය හැකි අයහපත පිළිබඳව ඔහු පාර්ලිමේන්තුවේ පැවැත් වූ සාරගර්භ දේශනය හැන්සාඞ් වාර්තාවට පවා ඇතුළත් කරනු නොලැබීය. ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතක පළාත් 9කට ආණ්ඩුකාරවරුන් 9 දෙනෙකු ද, මහ ඇමැතිවරුන් 9 දෙනකු ද වෙනම අමාත්‍ය මණ්ඩල ද පත් කිරීම අනවශ්‍ය කාර්යයක් බව ද, අනාගතයේ දී උතුරු - නැගෙනහිර පළාත් එක්වීමේ තර්ජනයකට රට මුහුණ දිය හැකි බව ද ගාමනී ජයසූරිය තම දේශනයේ දී පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවේ දී ඇමැති පදවිය අහිමි වූ අනිත් තැනැත්තා වූයේ ජේ. ආර්. ගේ දකුණු අත මෙන් සිටි කලුවාදේවගේ සිරිල් මැතිව් විය. ඔහු ජේ. ආර්. ගේ අග්‍ර පුරෝහිතයෙකි.
ගාමනී ජයසූරිය සෞඛ්‍ය, කෘෂිකර්ම, ආහාර හා සමුපකාර යන අමාත්‍ය පදවි දැරුවේය. 1987 අගෝස්තු 18 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ඔහු ද තුවාල ලැබීය.
ලෝකයේ 4 වැනි බලවත්ම හමුදාව වූ ඉන්දියන් හමුදාව ලංකාවට ඇතුළුවීමට එරෙහිව ජේ. ආර්. ජනපති සමග බහින් බස්වී වාදකරගත්තේය. ඇමැති පදවිය තඹ දොයිතුවකට ගණන් නොගත් ඔහු අතීතයේ දී ද රට දැය සමය උදෙසා සටන් කළ විද්වතෙකි.
1957 දී බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමට ද, 1965 ඩඞ්ලි - චෙල්වනායගම් ගිවිසුමට ද ඔහු විරුද්ධ වූ බව දන්නේ කීයෙන් කී දෙනා ද?
ඇමැති පදවියෙන් ඉල්ලා අස්වී දින කීපයකට පසු ඔහු කොල්ලුපිටියේ තම නිවස ඉදිරිපිට තමාට අයත් මෝටර් රථය සෝදමින් සිටියේය. පාරේ ගිය අයකු “සර් ඩ්‍රයිවර් නැද්දැයි ?” ඔහුගෙන් විමසුවේය. දැන් කවුරුවත් නැහැ. මම ‘හරි නිදහස්’ ඒ ඔහුගේ පිළිතුර විය. හැමදාම විජේරාම මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වීමට ඔහු පුරුදු වී සිටියේය. හැම පසළොස්වක් පෝයටම සිල් සමාදන් විය. ගත කළේ දැහැමි දිවියකි.
1991 දී අනගාරික ධර්මපාලතුමා ඇරැඹූ මහා බෝධි සමාගමට වසර 100ක් පිරුණි. මේ නිමිත්තෙන් පුරා දින 10ක් රට පුරා පිංකම් මාලාවක් පැවැත්වීමට ඔහු පියවර ගත්තේය.
1953 හර්තාලයේ දී පොලිස් වෙඩි උණ්ඩයකින් නව දෙනනෙකු මරණයට පත්වීමේ වගකීම භාර ගෙන අගමැති ඩඞ්ලි ඉල්ලා අස්වීමත්, 2018 දී රවි කරුණානායක හා තිලක් මාරපන යන ඇමැතිවරුන් ඉල්ලා අස්වීමත් මෙහිදී සඳහන් කළ යුතු සිද්ධීන් කීපයකි. ගාමනී ජයසූරිය ඇමැති පදවියෙන් ඉල්ලා අස්වීමේ සිද්ධිය ඒවාට වඩා හාත්පසින්ම වෙනස් සිද්ධින් වේ. එදා ගාමනී ජයසූරිය ඇමැති පදවියට ආයුබෝවන් කිව්වේ මව්බිමේ අභිවෘද්ධිය වෙනුවෙනි. ජාතියේ උන්නතිය තකාය. දේශයේ ඉදිරි පැවැත්ම උදෙසාය. ඔහු වැනි දෑ හිතකාමීන් කවදා බිහිවේද?
සිරී හීන්පැල්ල
ඡායාරූපය අන්තර්ජාලයෙනි
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගාමනී ජයසූරියගේ බිඳ නොගත් කොන්ද
ROYFEDRICKS Saturday, 04 January 2020 12:41 AM
ගාමණී ජයසුරිය ඔය පවසන තරම් ජාති හිතෛශියෙක් නම් අහිංසක ජනයා පලවා හැර අක්කර දහස් ගණනක් උක් වගාව සඳහා විදේශීය සමාගමකට පැවරුවේ කෙසේද?