IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එජාපය පිබිදෙයි

රනිල් වික්‍රමසිංහ යෝජනා කළා මම ඉදිරිපත් කරපු යෝජනා තුනම මගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව මගේ මූලිකත්වයෙන් මේ වැඩපිළිවෙළවල් තුනම ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා.
පක්ෂයේ සියලු දෙනා සමගි කරන වැඬේ මේ අතර ඉතා ඉක්මනින්ම කළ යුතු වැඬේ විදියට අපි කල්පනා කළා. ඒ වෙද්දි රනිල් වික්‍රමසිංහත් සජිත් ප්‍රේමදාසත් අවුරුදු හතරහමාරකින් විතර එක වේදිකාවේ වාඩිවෙලා තිබුණේ නෑ. රනිල් එන වැඩවලට සජිත් එන්නේ නෑ. සජිත් එන වැඩවලට රනිල් එන්නේ නෑ. මේ වගේ තත්ත්වයක් තිබුණෙ. මේ විරසකය නැති කරන්න මට විශාල මැදිහත්වීමක් කරන්න සිද්ධවුණා. මම සජිත් එක්ක මේ ගැන සාකච්ඡා වාර කීපයක්ම පැවැත්වුවා. මේ හැම වෙලාවෙම සජිත් ප්‍රේමදාස කොන්දේසි දාන්න පටන් ගත්තා. එයාට නියෝජ්‍ය නායකත්වය ඕනෑ කියලා ඉල්ලුවා. එතකොට නියෝජ්‍ය නායකත්වය සජිත්ගෙන් අයින් කරලා හිටියේ. 


නියෝජ්‍ය නායකයාට වගේම පක්ෂයේ යම් යම් බලතල ප්‍රමාණයකුත් ඕන කියලා ඉල්ලුවා. මේවා ලැබෙනවා නම් විතරයි සමාජයට එන්නේ කියලා කොන්දේසි දැම්මා. දින ගණනක් සාකච්ඡා කරලා යම් තැනකට සජිත්ව ගේන්න මට පුළුවන් වුණා.


ඒ වගේම අපෙන් ඈත්වෙලා ඉදපු මාධ්‍ය එක්කත් මම සාකච්ඡා කළා. මව්බිම, සිරස වගේ ඒවට කතා කරලා ඒ ආරවුල සමථයකට පත් කරගෙන ආවා.


ඒ වගේම උපක්‍රමශීලි බිම් මට්ටමේ ඡන්ද යාන්ත්‍රණය සකස් කරන්නත් පටන් ගත්තා. කවුරුවත් ඒ වැඬේට පිටින් යන්න ගියේ නෑ. ආසන සංවිධායකවරුන්ටම කිව්වා තමන්ගෙ ඡන්ද මධ්‍යස්ථානයට හොඳ ක්‍රියාකාරී පුද්ගලයෙක් ඡන්දපොළ ක්‍රියාකාරිකයා විදියට පත්කරන්න කියලා. මේකට පිටින් පුද්ගලයො පත්කරන්න ගියා නම් ආසන සංවිධායකවරු මේකට අනිවාර්යයෙන්ම ලෙඩ දාන්න ඉඩ තිබුණා. එහෙම කරන්න ගියා නම් නැති කරදරවල පැටලෙන්න සිද්ධවෙනවා. අපි ආසන සංවිධායකවරුන්ගෙන් යෝජනා ඉල්ලද්දිම කිව්වා අපි ඒ පුද්ගලයෝ ගැන හොයා බලලා නුසුදුසු නම් පත් කරන්නෙ නෑ කියලත්. මම මාස දෙකක් ඇතුළත ආසන සංවිධායකවරු හරහා ඡන්දපොළ සංවිධායකවරු දොළොස්දාහක් පත් කරලා සූදානම් කළා. 


ඇත්තටම අපි හිතුවෙත් නැති තරමට ඒ යාන්ත්‍රණය ක්‍රියාකාරී වෙන්න පටන් ගත්තා. අපි ඒ අයට කිව්වා ඡන්ද මධ්‍යස්ථානය කොහොම හරි ජයග්‍රහණය කරවල දෙන්න කියලා. ඒකට වෙනස් කරන්න ඕන වුණේ ඡන්ද සීයයි දෙසීයයි. තමන්ට අඩුපාඩු තියෙන ඡන්ද ගැන හොඳ විමසිල්ලෙන් ඉඳලා ඒවා ලබාගන්න කියලා අපි ඔවුන්ට උපදෙස් දුන්නා. ගම පුරා ඇවිදලා පුද්ගලිකවම ඡන්ද දායකයෝ හමුවෙලා ඔවුන් එක්ක කතාබහ කරලා ඒ ඡන්ද ටික අපිට හරවා ගන්න කියලා තමයි අපි ඔවුන්ට උපදෙස් දුන්නේ.


මේකෙ ප්‍රතිඵලයක් විදියට 2014 ඔක්තෝබර් මාසේ විතර දවසක අපි සංවිධානය කළා කොළඹ හයිඞ්පාර්ක් පිටියේ ඡන්දපොළ සංවිධායකවරුන්ගේ වැඩමුළුවක්. අපි ඒක නම් කළේ “නියමුවො අපි” කියන සංවිධානය නමින්. අනිත් සියලු යෝජනාවලට කලින් මේ ඡන්දපොළ සංවිධායකවරුන්ගේ ජාලය අපි හැදුවා. මේ අතරෙම මම අනෙක් වැඩ ගැන බැලුවා. සජිත් ප්‍රේමදාස එක්ක කතාබහ කරන වැඩෙත් මේ අතරෙම කරගෙන ගියා. මාධ්‍ය එක්ක කරන ගනු දෙනුවත් ඒ වගේම කරගෙන ගියා. ඊළඟ ඡන්දයකට ඕනෑම මොහොතක ඉදිරිපත් වෙන්න සූදානම් වෙන්න ඕනෑ කියන අදහස අපි අපේ සියලු සංවිධායකයන්ට දීලා තිබුණේ. මේ ප්‍රබෝධය උඩ පක්ෂ සංවිධාන ජාලය තුළින් යම් උද්‍යෝගයක් ඇතිවෙන්න පටන් ගත්තා. 


මේ හැම දෙයක් ගැනම දිනපතා මම පුද්ගලිකවම හොයා බැලුවා. සංවිධායකයන් විදියට පත්කළ පුද්ගලයන්ට කතා කරලා ඒ යාන්ත්‍රණයේ ප්‍රගතිය පිළිබඳව නිතර නිතර හොයා බැලුවා.

 


තව කොටසක් ලබන සතියට....

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (1)

එජාපය පිබිදෙයි

PAKSIKA Monday, 06 August 2018 09:15 PM

තිස්ස අත්තනායක කියන ආකාරයට ඔහු තරම් එක්සත් ජාතික පක්ෂයට සේවය කරපු කෙනෙක් පක්ෂයේ ඉතිහාසයේම නැත. ඔය කියන තරම් එක්සත් ජාතික පක්ෂයට සේවයකලානම් තම නායකයාගේ අත්සන හොරට වෙනස්කර පක්ෂයත් ඇත හැර ගියේ මොකටද. මෙහෙම බොරු කාරයන්ට යලිත් එක්සත් ජාතික පක්ෂයේ තැන දෙන්නේ මොන මෝඩයෝද. ගියතැනක ඉන්නේ නැතිව තැන තැන වල සිට මාධ්‍යයට වොයිස් කට් දුන්නට පලක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site