IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


“ අධිරාජ්‍යවාදයට එරෙහිව අපි සටන් කරමු ”

උසාවියේ ගිගුම් දුන් සිංහ හඬ - 03

අද ද එහි පවත්නේ අධිරාජ්‍ය යුද්ධයක ස්වරූපයමය. ප්‍රජාතන්ත්‍රවාදි බලගතු රටවල් හා අනෙක් පක්ෂයේ බලවත් රටවල් යුද්ධය කරගෙන යන්නේ ඒ දෙපක්ෂයෙන් කවර පක්ෂයක් ලෝකය පාලනය කළ යුතුද යන ප්‍රශ්නය තීරණයකට පත් කර ගනු සඳහාය. මේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පැසිස්ට්වාදය එකම අධිරාජ්‍යවාදය නමැති කාසියේ දෙපැත්තය. ධනපති ක්‍රමය සුනු විසුනු කොට කම්කරුවන්ගේම රජයක් එනම් කම්කරු ආධිපත්‍යයක් පිහිටුවාලීමට කම්කරු පංතියට නොහැකි වූ විට දිරාගිය ධනපති ක්‍රමය පැසිස්ට් ක්‍රමයකට පෙරැළීම නිතැතින්ම සිදුවෙයි.


අධිරාජ්‍යවාදයේ පරාජය පතමු


සෝවියට් සංගමය යුද්ධයට සම්බන්ධවීම නිසාද ලෝක යුද්ධයේ ස්වභාවය වෙනස් නොවන බව ලංකා සම සමාජ පක්ෂය පැහැදිලිවම කියා සිටී. එසේ වුවත් සෝවියට් රුසියාව හා මහජන චීනය හැර යුද්ධයට ඈඳුණු සෑම රටක්ම කරගෙන යන්නේ අධිරාජ්‍ය යුද්ධයක් බව අප පක්ෂය වහාම ජනතාවට විස්තර කළෙමු.


සෝවියට් සංගමයේ කටයුතුවල පාලනය විකෘති වුවද එය කම්කරු රාජ්‍යයකි. එහෙයින් සෝවියට් සංගමය කරන්නේ ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණ රැක ගැනීම උදෙසා අදහස් කරන ප්‍රගතිශීලි යුද්ධයකි. ලංකා සම සමාජ පක්‍ෂය මේ යුද්ධයේදී සෝවියට් සංගමයට සහාය දෙයි. සෝවියට් සංගමයට කම්කරු පංතිය විසින් දිය හැකි හැම උදව්වක්ම දීමට පුළුවන් වන පරිදි අප පක්ෂය  තමන්ට කළ හැකි සියලු දේ සකල ශක්තියම යොදවා කරනු ඇත.


හිට්ලර්ගේ යුරෝපයේ ප්‍රතිවිප්ලව හමුදාවට එදිරිව සෝවියට් සංගමය කරන සටනෙහිදී අප පක්ෂය සෝවියට් සංගමයට ජය පතා සිටියි. චීනයේ කම්කරුවෝද ගොවීන්ද ජපන් අධිරාජ්‍ය විය රැහැනින් මිදීම සඳහා කරන ජාතික විමුක්ති යුද්ධයට අපි උපකාර කරන්නෙමු.


එහෙත් යටත් විජිතවාසී ජනතාවගේ හා බි්‍රතාන්‍ය කම්කරු පන්තියේ ශක්තියෙන් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය මේ යුද්ධයේදී පරාජයට පත් කරනු සඳහා අප පක්ෂය ක්‍රියාකරයි.


යුරෝපයේ පැසිස්ට්වාදය


යුද්ධයට හවුල් ව සිටින අධිරාජ්‍යවාදී රටවල් පාලන පන්තිය කිසිසේත් බලාපොරොත්තු නොවූ අයුරින් සමාජ හා දේශපාලන බලයක් විකාශයට පැමිණ ක්‍රියාවෙහි යෙදී පවතී. සෝවියට් රතු හමුදාවේ කුළුගෙඩි පහරට පින් සිදුවන්නට යුරෝපයේ පැසිස්ට්වාදය දැනටම බිඳ වැටෙමින් ඇත. එහෙත් මහා බි්‍රතාන්‍යයේද අමෙරිකාවේද පැසිස්ට්වාදය මැඩීමේ පෙර නිමිති දැන් පැහැලිවම ප්‍රකාශ වී ඇත.


මිකාඩෝගේ ඉරණම


මිකාඩෝගේ අධිරාජ්‍යයේ විනාශය එහි ඒකාන්ත ඉරණමයි. මිකාඩෝගේ කඩදාසි ගෙවල් ගිනි දළු ද සමග පියාඹනු ඇත. එහෙත් පූර්වදිග සූර්යෝදය රාජ්‍යයේ එනම් ජපානයේ ඉඩම් හිමියන්ද ධනපතියන්ද වැනසී මේ කාර්ය ජපානයේ කම්කරු පන්තිය විසින් විනා අමෙරිකාවේ හෝ බි්‍රතාන්‍යයේ අධිරාජ්‍ය හමුදා විසින් කළ හැක්කක් නොවේ. යුද්ධය අවසානවීමටත් පෙර යුරෝපයේ ද ආසියාවේද සිවිල් යුද්ධයන් පැන නගින බව ඒකාන්ත සත්‍යයකි. ඉදිරි අවුරුදු කීපය තුළ සෝවියට් සංගමය ලෝකය හැඩගැස්වීමේ කාර්යයෙහි ප්‍රබල කොටස්කරුවකු වනු නිසැකය.


යුද්ධය හා විප්ලව යුගය


දැනටම විප්ලවයන් පැන නැගීමට හේතු වූ කරුණු සම්පූර්ණ වී ඇත. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු යුරෝපයේ කම්කරු පන්තිය ඔවුන්ගේ අත්දැකීම්වලින් නිසි පාඩම් ඉගෙන නොගත්තා යයි ඇදහීමට කරුණු නැත. පැසිස්ට්වාදය නටබුන් වීමෙන් යුරෝපයේ කම්කරු විප්ලව පැන නැගෙනවා ඇත. ජපන් අධිරාජ්‍යය පරාජය වීමෙන් යටත් විජිත විප්ලව පැන නැගෙනවා ඇත. මේ යුගය යුද්ධ හා විප්ලව යුගයෙකැයි යන ලෙනින්ගේ දූරදර්ශී හා යථාර්ථවත් ප්‍රකාශය මෙයින් ප්‍රත්‍යක්ෂ වේ.

 


ඉන්දියා කම්කරු විප්ලවයට අපේ අත්වැල්


ඉන්දියානු සමාජය තුළ වරින් වර එක් උග්‍ර අවස්ථාවක් නැගී සමථයට පැමිණෙන්නටත් පෙර තවත් උග්‍ර අවස්ථාවක් පැන නැගීමේ ලක්ෂණ ඉතා ප්‍රකටය. මේ තත්ත්වයෙන් ප්‍රයෝජන සඳහා මුළු ඉන්දියාවේ සීසී කඩ විසිරී සිටි සිව්වන අන්තර්ජාතික කුඩා කණ්ඩායම් එක් කොට ප්‍රබල වූ සමස්ත ඉන්දියා කම්කරු පන්තියේ දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට උදව් දෙනු පිණිස 1942 අප්‍රේල් මාසයේදී මම සිරි ගෙයින් පැන ගියෙමි.


මාත් මගේ පක්ෂයේ සහෝදරවරුනුත් බන්ධනාගාරයෙන් පැන ගියේ ඉන්දියානු ඉතිහාසයේ ඉතා වැදගත් තීරණාත්මක එහෙත් උග්‍ර අවස්ථාවක එහිදී වැඩ කිරීම පිණිසය.


1942 අගෝස්තු මස ඉන්දියාවේ පැන නැගී ප්‍රබල වූ විමුක්තිකාමී සටන් සඳහා මඳ වශයෙන් හෝ සහයෝගය දෙන්නට සහභාගි වීමට ලැබීම ගැන අපි ඉතා ප්‍රීති වන්නෙමු.


1943 ජුලි 15 වැනිදා ඉන්දියාවේදී අපි නැවතත් සිර භාරයට ගන්නා ලද්දෙමු. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ඉන්දියානු බන්ධනාගාරයෙහි පස් මසක් ගෙවා අපි යළිත් එම බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙහි ලංකා බන්ධනාගාරයක අඳුරු බිම් ගෙයි දවස් ගෙවමින් සිටින්නෙමු.


කාලය අප සමගය. අධිරාජ්‍යවාදයේ විනාශය නියතය. අනාගතය කම්කරු පන්තිය සතුය. ඉදිරි කාලයේදී ලංකා කම්කරු පන්තිය ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වය උඩ සිය යුතුකම ඉටු කරනවා ඇත. අප සිරගත කළ බි්‍රතාන්‍ය අධිරාජ්‍ය පාලනය එදිනට මෙරටින් සදහටම තුරන්වනු ඒකාන්තය.”

 

 


ඊ. එල්. ජයන්ත ද සොයිසා
ඡායාරූප : අන්තර්ජාලයෙනි

 



අදහස් (0)

“ අධිරාජ්‍යවාදයට එරෙහිව අපි සටන් කරමු ”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site