IMG-LOGO

අගමැතිනියට රහසෙන් ඇඳිරි නීතිය පනවලා

 

1947 සෝල්බරි ව්‍යවස්ථාව අනුව රටේ ජාතික ආරක්ෂාවට අනතුරක් සිදුවන විටදී රට පුරා ඇඳිරිනීතිය පැනවීමට රාජ්‍ය නායකයා වූ අගමැතිට බලය ලැබේ. එහෙත් එය සිදු විය යුත්තේ රාජ්‍ය නායකයාගේ පූර්ව අනුමැතිය ඇතිව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත්වන නියෝගයකිනි.

 

 

1971 අප්‍රේල් 05 වැනිදා අලුයම ජනතා විමුක්ති පෙරමුණ විසින් වැල්ලවාය පොලිස් ස්ථානයට හදිසි ප්‍රහාරයක් එල්ල කළ අතර දහවල් වනවිට තවත් පොලිස් ස්ථාන ගණනාවකට පහර දී නාඳුනන තුවක්කුකරුවන් විසින් ඒවා යටත් කරගෙන ඇති බව කොළඹට වාර්තා විය. ඒ අතර කොළඹදී අත්අඩංගුවට ගත් තරුණ පිරිස් අතින් කියවුණේ අද රාත්‍රී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය අත්අඩංගුවට ගන්නා බවත් ඒ සඳහා සූදානම් පිරිස නගරයේ සිනමා ශාලා කීපයක රාත්‍රී 9.30 චිත්‍රපටි දර්ශන නරඹමින් සිටින බවත්ය. චිත්‍රපටිය අවසානයේ පැති කීපයකින් රොස්මීඞ් පෙදෙසට පැමිණ අගමැතිනිය පදිංචිව සිටින රොස්මීඞ් වලව්වෙන් ඇය පැහැර ගන්නා බව ප්‍රකාශ විය. ජනරාල් අනුරුද්ධ රත්වත්ත එකල අගමැතිනියගේ පෞද්ගලික ආරක්ෂාව භාර සම්බන්ධීකරණ නිලධාරියා ලෙස සේවය කළ අතර ඔහුට මෙම ඔත්තුව ලැබුණි.


සැණෙකින් රොස්මීඞ් නිවසට ගිය රත්වත්තේ මහතා තත්ත්වය පැහැදිලිකර ආරක්ෂාව සඳහා අරලියගහ මන්දිරයට යන ලෙස මැතිණියගෙන් ඉල්ලා සිටියේය. නිවසින් යෑම දැඩිලෙස ප්‍රතික්ෂේප කළ අගමැතිණිය “පිස්සුද අනුරුද්ධ? මම මේ ගේ අතහැරලා කොහේ යන්නද? ඔයගොල්ල ගිහින් ඒ කටයුතු බලා ගන්නැයි” දැනුම් දුන්නාය. මැතිණිය මෙසේ අරලියගහ මන්දිරයට යාම තරයේ ප්‍රතික්ෂේප කළත් පොලිස්පති ස්ටැන්ලි සේනානායක, හමුදාපති සේපාල ආටිගල යන ආරක්ෂක ප්‍රධානින් අගමැතිණියගෙන් ඉල්ලා සිටියේ අරලියගහ මන්දිරයට යන ලෙසය.


අවසානයේ යාමට එකඟ වූ මැතිණිය මම බඩු අරගෙන හෙමිහිට එන්නම්. එනකං ඕගොල්ල යන්නැයි දැනුම් දුන්නාය. එකල දැන් මෙන් සෘජු දුරකථන හෝ ජංගම දුරකථන නොවූයෙන් දුර පළාත්වලින් පණිවිඩ ලබාගැන්ම බොහෝ ප්‍රමාදකාරී විය. මේ තත්ත්වය යටතේ රට පුරාම ඇඳිරි නීතිය පැනවීම සුදුසුම ක්‍රියාමාර්ගය වූ අතර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට මැතිණිය නොපැමිණීම ප්‍රමාදයට හේතු විය. එකල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හැර ගුවන්විදුලි වෙනත් නාළිකා නොවූ බැවින් ගුවන්විදුලි සංස්ථාවේ විකාශන දිනපතා රාත්‍රී 10.30ට අවසන් වීම සිදුවන නිසා එහි සභාපති සුසිල් මුණසිංහ මහතාට කතාකර වැදගත් ප්‍රකාශයක් කිරීමට ඇති බැවින් විකාශන කටයුතු නතර නොකර කරගෙන යන ලෙස අනුරුද්ධ රත්වත්තේ මහතා දැන්වීය. ඒ සමගම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ආතර් රත්නවේල් මහතාටද අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස දැන්වීය.


චිත්‍රපටි හෝල්වල සිට එළියට එන පිරිස අත්අඩංගුවට ගැනීම ප්‍රධාන අවශ්‍යතාව වුවත් ඒ සඳහා ඇඳිරිනීතිය පැනවීමට අගමැතිනියවත් ආරක්ෂක ලේකම්වරයාවත් නොපැමිණීම නිසා දැන් රාත්‍රී 9.30ත් පසුවී ඇති බැවින් අනුරුද්ධ රත්වත්තේ මහතා දුරකථනයෙන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිට කතාකොට (සුසිල් මුණසිංහ මහතාට) වහාම ක්‍රියාත්මක වන පරිදි රටපුරා ඇඳිරි නීතිය පනවා ඇති බව විනාඩි දහයෙන් දහයට ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරන ලෙස ඉල්ලීය. එම ඉල්ලීම ප්‍රචාරය කිරීමට සභාපතිතුමා ඇදි මදි කළ අතර ඒ සඳහා ආරක්ෂක ලේකම්ගේ නියෝගයේ පිටපතක් අවශ්‍ය බව දැන්වීය. පවතින නීති රීති ගැන සභාපතිගේ කතාව ඇසූ රත්වත්තේ මහතා,


“මිස්ටර් මුණසිංහ මේක අගමැතිතුමියගේ ඕඩර් එකක්. වහාම ඒ ඇඳිරිනීති නිවේදනය මේ දැන්ම ඉඳන් විනාඩි දහයෙන් දහයට ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්න” යැයි දැඩි ස්වරූපයෙන් ප්‍රකාශ කළේය. ඒ කතාව අසා සිටි පොලිස්පතිවරයාත් හමුදාපතිවරයාත් මුහුණට මුහුණ බලාගත්තේ අගමැතිනියගේ පූර්ව අනුමැතියකින් හා ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ඔවුන් දන්නා බැවිණි.


විනාඩි කීපයකින් ගුවන් විදුලිය මගින් රටපුරා ඇඳිරිනීතිය පැනවූ බව ප්‍රකාශ කෙරිණි. ඒ සමගම ආරක්ෂක ලේකම්වරයාගේ මෝටර් රථය වේගයෙන් පැමිණි අතර “කවුද අයිසෙ ඇඳිරිනීතිය දැම්මේ මගේ අනුමැතියක් නැතිව”යි කෑගසාගෙන උඩුමහලට පැමිණියේය. ඒ සමගම අගමැතිණිය රැගත් ආරක්ෂක රිය පෙළ පැමිණි අතර රත්වත්තේ මහතා පහළට බැස සිදුවූ දේ කෙටියෙන් මැතිනියට ප්‍රකාශ කළේය.


අගමැතිනිය පියගැට පෙළ දිගේ ඉහළට නැග මෙහෙයුම් මැදිරියට එන විට ආරක්ෂක ලේකම් “බලන්න මැඩම් මේ අය රටපුරා ඇඳිරිනීතිය දැම්මායි කියලා රේඩියෝ එනවුස්මන්ට් එකක් දීලා. ඒත් මම එහෙම දෙයක් දන්නෙත් නෑ”යි කියමින් ලොකු පැමිණිල්ලක් කළේය. රත්වත්තේ මහතා වෙතින් කරුණු දැන සිටි මැතිනිය “මමයි කිව්වේ එයාට එහෙම කරන්න කියලා. කෝ දැන් ඒ ලියකියවිලි ටික ගන්න මම අත්සන් කරන්නම්”යි කියද්දී එතෙක් වේලා ඉහමොළ රත්වී සිටි ආරක්ෂක නිලධාරීන්ගේ ඇඟට ලේ ඉනුවේය.


එදා එසේ නොකරන්නට ත්‍රස්තවාදී කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමට ඉඩ තිබුණි.



අදහස් (0)

අගමැතිනියට රහසෙන් ඇඳිරි නීතිය පනවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 8 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site