(තිහගොඩ - උපසේන ලියනගම)
සන්ධ්‍යා භාගයේදී කලබලයේ සංචාරක හෝටලයකට ආ විදේශීය කාන්තාවක් හෝටල් හිමියා හමුවී උණුසුම් කතාබහක් කළේ අත පය ද එහා මෙහා කරවමිනි. ඇයගේ කතාව අසා සිටි හෝටල් හිමියාට දෙවියන් සිහිවිය.
ඇය ඉංග්‍රීසි බසින් කී කතාවේ සිංහල අදහස මෙසේය.
“අපේ පවුලේ අය ඊයේ උදේ මෙතැනින් කෑම කෑවා. කාටත් බඬේ අමාරු හැදිලා, දැන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්නවා. මට දොස්තර කීවේ අපට දීපු කෑම වට්ටෝරුව සමග කෑම සාම්පල අරගෙන එන්න කියලා”. ඇයගේ ඉල්ලීම පරිදි හෝටල් හිමියා කෑම වට්ටෝරුව ලියා දුන්නත් කෑම සාම්පල් දීමට නොහැක්කේ ඒවා ඉවත් කළ නිසා බව කීය. කෑම වට්ටෝරුව රැගත් ඇය නැවත වාහනයට නැගගත් විට හෝටල් හිමියාගේ ඇඟට ලේ පොදක් ඉනුවාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් නීතියක් තියෙනවා හෝටල් වගේ ආහාර පිසින ස්ථාන වල ආහාර සාම්පල් ආරක්ෂිතව තැබිය යුතුයි කියා මේ වගේ වෙලාවට ප්‍රයෝජනයට ගන්න. මේ නීතිය ක්‍රියාත්මක නොවන බවයි පේන්නේ (නි)
පිලුනුවුන අහාර කාට හරි බඩගිනි කාරයෙකුට කොහොම හරි විකුනනවා හැරෙන්න , මොන " සාම්පල් " තියාගන්නද...? ලංකාවේ කඩවල කෑම වගේමයි ඉන්දියාවේ වතුර. මේ දෙකම මිනිසාට අහිත කරයි...මාරකයි.(හේ)
හැමතැනම ඔය වගේ තමයි.(හේ)