හැඳල පැත්තේ නිවෙස්වලට සතියකට වරක් සිඟමනේ පැමිණීම පුරුද්දක් කරගෙන සිටි එක්තරා යාචකයෙකි. සතියේ දින හත සඳහා එක් එක් ප්‍රදේශ බෙදා වෙන්කරගෙන සැලැස්මකට අනුව සිඟමනේ යාම ඔහුගේ පිළිවෙළ විය. මේ සැලසුම්සහගත පිළිවෙළ නිසා කිසිම අවස්ථාවක එක් සතියක් තුළදී කිසියම් නිවසකට එක් වරකට වඩා සිඟමනේ යාමට ඔහුට සිදුවූයේ නැත.ඔහුගේ පැවති විශේෂත්වයක් වූයේ දුගී නිවාස හෝ පැල්පත්වලට සිඟමනේ නොගොස් ඉහළ පැලැන්තියේ නිවෙස්වලට පමණක් සිඟමනේ ඉල්ලා යාමය. මේ හැම නිවසකින්ම ඔහුට අඩුම වශයෙන් රුපියල් දහයක්වත් සිඟමන් වශයෙන් ලැබුණි. ඔහු එම නිවෙස්වලට කොතරම් හුරු පුරුදුවී සිටියෙ ද කිවහොත් එක් එක් නිවසින් තමාට සතිපතා ලැබෙන මුදල කොපමණදැයි හරිහැටි කියන්නට ඔහු දැන සිටියේය.”හොඳ මනුස්සයා, අපට කිසිම කරදරයක් නැහැ” ගමේ මිනිසුන් වැඩිදෙනා මේ යාචකයා ගැන කතා කළේ ඒ විදියටය. තමන්ට කරදර නොකර යමක් කමක් ඇති උදවියගෙන් පමණක් සිඟමන් ඉල්ලීමේ පුරුද්ද පිළිබඳව ගමේ මිනිසුන් වැඩිදෙනකුගේ ප්‍රසාදයට ඔහු ලක්වී සිටියේය.සතියකට වරක් මේ යාචකයා තම නිවෙස්වලට සිඟමනේ පැමිණෙන දිනය එම නිවෙස්වල පදිංචිකරුවෝ කල්තියා දැන සිටියහ. යාචකයාගේ රාජකාරිය වූයේ අදාළ නිවෙස් ඉදිරිපිටට ගොස් ගේට්ටුව ශබ්ද කිරීම පමණකි. එම සංඥාව මගින් යාචකයා සිඟමන් ඉල්ලීමට පැමිණ සිටින බව දැනගන්නා නිවෙස් හිමියන් මුදල්ද රැගෙන ගේට්ටුව වෙත දිව ඒම පුරුද්දක් වී තිබිණි. එදා ඉරිදා දිනයකි. වෙනත් ඉරිදා දිනවලදී මෙන් එදාද නියමිත ප්‍රදේශයේ හිඟමන් ලබාගැනීම සඳහා ඔහු උදෑසනින්ම පැමිණ සිටියේය. හුරු පුරුදු නියමිත නිවසක් නිවසක් ගානේ ගොස් සිඟමන් ලබාගත් ඔහුගේ බෑගය තුළ පෙරවරු 11.00 වනවිට රුපියල් දහසක පමණ මුදලක් එක්කාසුවී තිබුණි.තවත් ඉතිරිවී තිබූ නිවෙස් තුන හතරක් අතරේ ඔහුට ස්ථිරවම රුපියල් 100ක් ලැබෙන දෙමහල් නිවසක්ද විය. ඒවනවිට දැඩි මහන්සි ගතියක් දැනුන ද ඔහු එම නිවසට ද යාමට අමතක කළේ නැත. ගේට්ටුව ශබ්ද කරගෙන යද්දී ගෙතුළින් එළියට ආවේ සුපුරුදු ගෙහිමි කාන්තාවය.”මැඩම් මම ආවා” ඔහු හිස නමා කියද්දී ගෙහිමි කාන්තාව ගේට්ටුව දෙසට ආවාය.”අද නං දෙන්ඩ විදිහක් නෑ. ලබන ඉරිදා එන්න.” ඇය කීවේ කාරුණික අන්දමිනි.”ඇයි මැඩම් අද සල්ලි නැද්ද?” ඔහු ඇසීය.”සල්ලි තියෙනවා. මාරු කරන්න විදිහක් නැහැ.” ඇය කෙටියෙන් කීවාය.”ලොකු ගානක්ද මැඩම්?” ඔහු ඇසුවේ බලාපොරොත්තු සහිතවය.”රුපියල් දෙදාහේ කොළයක් තියෙන්නේ. ඒ හින්දා ලබන ඉරිදට එන්න. අද ගානත් එක්කම දෙන්නං” ආපසු යාමට සැරසෙමින් ඇය පිළිතුරු දුන්නාය.”දෙදාහක් ගාණක්ද මැඩම්? කෝ මෙහාට දෙන්න මං මාරුකරලා ඉතුරු සල්ලි දෙන්නං.” කරේ එල්ලාගෙන තිබූ බෑගයට අත යවා මුදල් නෝට්ටු මිටියක් එළියට ගත් ඔහු එයින් රුපියල් 1900ක් වෙන්කරගෙන එය කාන්තාවට දී ඇය අත තිබූ රුපියල් දෙදහසේ නෝට්ටුව ඉල්ලා ගත්තේ කිසිදු බියක් සැකක් නැතිවය.ඉතිරි මුදල ද රැගෙන කාන්තාව ආපසු තම නිවස කරා ගමන් කරද්දී යාචකයා හිඟමන් ඉල්ලාගෙන ඊළඟ නිවස කරා පියවර මැන්නේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
සිඟමන් පතා ආ යාචකයා රුපියල් 2000 නෝට්ටුව මාරුකර රුපියල් 100 ක් අරන්
samara Friday, 04 November 2011 12:58 PM
කරුණාකරලා ශ්‍රී ලංකාවේ යාචකයා පොත කියවන්න
සම්පත් - කුමුදු- තනුජා- ජගත් Friday, 04 November 2011 01:26 PM
පුරුද්දට දෙන්න ගියාම ඔහොම වෙනවා
චන්දු Sunday, 06 November 2011 07:50 PM
හිගන්නා රාජ්‍ය සේවකයන්ට වඩා දවසකට හම්බකරනවා.