IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ලිපිකාරියගේ දුරකථනය ගුරුවරිය උස්සලා

බදාදා දිනයකි. අධ්‍යාපන කාර්යාලයේ ලිපිකාරිනියන්ට වැඩ අධික දිනයක් විය. රාජකාරි කටයුතු අතරේ එක් ලිපිකාරිනිියකගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුමකට පිළිතුරු දුන් ඇය දුරකථනය මේසය මත තබා වැඩ කටයුතුවල නිරතවූවාය.

පැය දෙකකට පමණ පසු දිවා ආහාර වේලාවේ දී දුරකථන ඇමතුමක් ගැනීමට ඇයට අවශ්‍ය විය. දුරකථනය සෙව්වත් හමු නොවීය. එය තම මේසය මත තබා වැඩ කළ බව ඇයට හොඳට මතකය. ඇය නැවතත් මේසයේ ලිපි ගොණු අතරත් ලාච්චුවෙන් ගමන් මල්ලේත් සොයා බැලූවත් දුරකථනය හමු නොවීය. ඇය මේ පිළිබඳව යාබද මේසයේ මිතුරියට ද දැන්වුවාය.

එදින ඇයගේ මේසය අසලට පැමිණියේ ගුරුවරියන් පිරිසක් පමණි. එම පිරිසේ එකිනෙකා පිළිබඳව දෙදෙනා සාකච්ඡුා කළා. එක් ගුරුවරියක් පිළිබඳව දෙදෙනාගේම සැකය මතුව තිබුණි. ඔවුන් නැතිවූ දුරකථනයේ අංකයට ඇමතුමක් ලබාගත් අතර පිළිතුරු දුන්නේ පිරිමියෙකි.

”මේ මගේ නැතිවුණු පෝන් එක. තියෙන්නේ කොහෙද?”

”මේක මගේ නෝනගේ පෝන් එක” යැයි පවසනවාත් සමගම දුරකථනය විසන්ධි විය. පුද්ගලයාගේ කථා විලාශය අනුව සැකයට භාජනය වූ ගුරුවරියගේ සැමියා බව ඔවුනට විශ්වාසය.

ඉන්පසු අවස්ථා කීපයකදීම එම දුරකථන අංකයට ඇමතුම් ලබාගත්තත් පිළිතුරක් නොවිය.

වැඩ නිමවීමෙන් පසු ලිපිකාරිනියන් දෙදෙනා කුලී ති‍්‍රරෝද රථයකින් සැකයට භාජනයවී ඇති ගුරුවරියගේ නිවසට ගියහ.
”බැරි වීමකින් නෝන මගේ පෝන් එක ගෙනැල්ල ඇති කරුණාකරල ඒක දෙන්නැ”යි ඉල්ලා සිටියහ. දුරකථනය ඔවුනට ලැබුණි. එය ගෙනගිය ගුරුවරිය ඔවුනට මුහුණ දීමට නොපැමිණියාය.



අදහස් (0)

ලිපිකාරියගේ දුරකථනය ගුරුවරිය උස්සලා

සමන්ති Thursday, 06 February 2014 07:23 PM

මෙයා ගුරුවරියක් වීමට බැරිය. ගුරුවරුන් ආදර්ශමත්ය.(නදී)

:       0       0

නිරෝෂා ඩයස් Friday, 07 February 2014 04:49 PM

අනේ අනේ මෙහෙමත් මෝඩ වැඩ (දී)

:       0       0

ආරියසේන Thursday, 06 February 2014 08:35 PM

අඩුම ගානේ හොරකම කරලත් ඒකෙන් ගැලවෙන්න ක්‍රම වේදයක් වත් නොදැනයි හොරකම කරලා තියෙන්නේ. අඩුම ගානේ අත්වැරැද්දකින් වත් බෑගයට ගියා කියල ජංගම දුර කථනය ගෙනල්ල දුන්න නම් ඉවරයි.(නදී)

:       0       0

පෙරේරා Monday, 10 February 2014 09:47 AM

ගුරු හොරුන් කියන්නේ ඔන්න ඔහොම අයට.(දිල්)

:       0       0

නාලක Thursday, 06 February 2014 10:20 AM

ඇත්තටම එක වගේ ෆෝන් එකක් වීමෙන් මාරු වෙලා වැරදිලා ගෙනිච්චද දන්නෙත් නැහැ. නැත්නම් අපහු දෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

චම්න්ද Friday, 07 February 2014 11:01 AM

තව ඉස්සරහට වෙන දෙවල් හිතා ගන්න බැරි වෙයි (දී)

:       0       0

රජීව් Thursday, 06 February 2014 10:36 AM

මරු ටීචර් කෙනෙක්.(නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 06 February 2014 03:30 PM

හොරකමත් ආවට ගියාට බැහැ. හොඳ මොලයකුත් පලපුරුද්දකුත් තිබිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 622 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site