බදාදා දිනයකි. අධ්‍යාපන කාර්යාලයේ ලිපිකාරිනියන්ට වැඩ අධික දිනයක් විය. රාජකාරි කටයුතු අතරේ එක් ලිපිකාරිනිියකගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුමකට පිළිතුරු දුන් ඇය දුරකථනය මේසය මත තබා වැඩ කටයුතුවල නිරතවූවාය.
පැය දෙකකට පමණ පසු දිවා ආහාර වේලාවේ දී දුරකථන ඇමතුමක් ගැනීමට ඇයට අවශ්‍ය විය. දුරකථනය සෙව්වත් හමු නොවීය. එය තම මේසය මත තබා වැඩ කළ බව ඇයට හොඳට මතකය. ඇය නැවතත් මේසයේ ලිපි ගොණු අතරත් ලාච්චුවෙන් ගමන් මල්ලේත් සොයා බැලූවත් දුරකථනය හමු නොවීය. ඇය මේ පිළිබඳව යාබද මේසයේ මිතුරියට ද දැන්වුවාය.
එදින ඇයගේ මේසය අසලට පැමිණියේ ගුරුවරියන් පිරිසක් පමණි. එම පිරිසේ එකිනෙකා පිළිබඳව දෙදෙනා සාකච්ඡුා කළා. එක් ගුරුවරියක් පිළිබඳව දෙදෙනාගේම සැකය මතුව තිබුණි. ඔවුන් නැතිවූ දුරකථනයේ අංකයට ඇමතුමක් ලබාගත් අතර පිළිතුරු දුන්නේ පිරිමියෙකි.
”මේ මගේ නැතිවුණු පෝන් එක. තියෙන්නේ කොහෙද?”
”මේක මගේ නෝනගේ පෝන් එක” යැයි පවසනවාත් සමගම දුරකථනය විසන්ධි විය. පුද්ගලයාගේ කථා විලාශය අනුව සැකයට භාජනය වූ ගුරුවරියගේ සැමියා බව ඔවුනට විශ්වාසය.
ඉන්පසු අවස්ථා කීපයකදීම එම දුරකථන අංකයට ඇමතුම් ලබාගත්තත් පිළිතුරක් නොවිය.
වැඩ නිමවීමෙන් පසු ලිපිකාරිනියන් දෙදෙනා කුලී ති‍්‍රරෝද රථයකින් සැකයට භාජනයවී ඇති ගුරුවරියගේ නිවසට ගියහ.
”බැරි වීමකින් නෝන මගේ පෝන් එක ගෙනැල්ල ඇති කරුණාකරල ඒක දෙන්නැ”යි ඉල්ලා සිටියහ. දුරකථනය ඔවුනට ලැබුණි. එය ගෙනගිය ගුරුවරිය ඔවුනට මුහුණ දීමට නොපැමිණියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගුරුවරියක් වීමට බැරිය. ගුරුවරුන් ආදර්ශමත්ය.(නදී)
අනේ අනේ මෙහෙමත් මෝඩ වැඩ (දී)
අඩුම ගානේ හොරකම කරලත් ඒකෙන් ගැලවෙන්න ක්‍රම වේදයක් වත් නොදැනයි හොරකම කරලා තියෙන්නේ. අඩුම ගානේ අත්වැරැද්දකින් වත් බෑගයට ගියා කියල ජංගම දුර කථනය ගෙනල්ල දුන්න නම් ඉවරයි.(නදී)
ගුරු හොරුන් කියන්නේ ඔන්න ඔහොම අයට.(දිල්)
ඇත්තටම එක වගේ ෆෝන් එකක් වීමෙන් මාරු වෙලා වැරදිලා ගෙනිච්චද දන්නෙත් නැහැ. නැත්නම් අපහු දෙන්නේ නැහැනේ.(නදී)
තව ඉස්සරහට වෙන දෙවල් හිතා ගන්න බැරි වෙයි (දී)
මරු ටීචර් කෙනෙක්.(නදී)
හොරකමත් ආවට ගියාට බැහැ. හොඳ මොලයකුත් පලපුරුද්දකුත් තිබිය යුතුයි.(නදී)