IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


රට ඉඳන් ආ මව ගෝනි බිල්ලෙක් කියා දැරිය බයවෙලා

(බෙන්තොට ජේ. ඉඳුරුවගේ)
වසර කීපයක් අරාබි රටක ගෘහ සේවිකාවක ලෙස සේවය කර නිවසට පැමිණි මව දුටු කුඩා දියණිය ගෝනි බිල්ලෙක් එනවා යැයි කියමින් හඬාගෙන ගොස් ඇඳ යට සැඟවී සිටියේ යැයි කියන සිද්ධියක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබිණි.


දැරියට වසය අවුරුදු දෙකක පමණ වයසේ දී පවුලේ අග හිඟකම් මකා ගැනීමට මව රට ගිය පසු පියා වැඩිමහලූ දියණිය ද සමග වෙහෙස දරමින් කුඩා දියණිය රැකබලා ගත්තේය. වැඩිමහලූ දියණිය පාසල් ගිය විට කුඩා දියණිය නළවා නිදිකර තබා ගෙදර වැඩපල කිරීමට පියාට සිදුවිය. ඇතැම් අවස්ථාවල දී බත් කවන විටත් දඟ කරන විටත් ගෝනි බිල්ලන්, ඇතින්නියන් ගැන කියා දියණිය බිය ගැන්වීමට ද කටයුතු කළේය.


කුඩා දියණියට වසය අවුරුදු හතර පමණ වෙද්දී රට ගිය මව ස්වාමිපුරුෂයාට ද දන්වා දිවයිනට පැමිණ ගුවන් තොටුපොළේ සිට කුලී රියකින් නිවෙසට පැමිණියාය. ඇය පැමිණෙන තුරු පියාත් දියණියන් දෙදෙනාත් මග බලා සිටියහ. වරින් වර පියාගෙන් මව ගැන අසා තිබුණත් කුඩා දියණියට මව ගැන එතරම් මතකයක් නොවීය.


මුළු ඇඟම වැසෙන පරිදි ලිහිල් ගවුමකින් සැරසී සිටි මවගේ දෙතොල් රතු පැහැති ආලේපයෙන් වර්ණ කර තිබිණි. කන්වල එල්ලෙන ලොකු කරාබු විය. කොණ්ඩය ලිහා තිබිණි. ලොකු කළු අවු කණ්ණාඩියක් පැළඳ තිබුණි. අත් දෙකින් ලොකු ගමන් මලූ දෙකක් ද රැුගෙන නිවසේ ගේට්ටුව අසල දී කුලී රියෙන් බැස නිවෙසට එමින් සිටි ඇය ඉදිරියට පියා දියණියන් දෙදෙනා ද සමග ආහ.


පුතේ මෙන්න ඔයාගේ අම්මා යැයි පියා පවසනවාත් සමගම බොරු, බොරු මේ මගේ අම්මා නොවෙයි. බිල්ලෙක් තාත්තේ ගෝනි බිල්ලෙක්. කියමින් කුඩා දියණිය නිවෙස තුළට දිව්වාය.


පසුව සොයා බලද්දී නිවසේ ඇඳක් යට සැඟවී සිටි එම කුඩා දියණිය අස්වසා බිය නැති කර දැරිය මවට හුරුකර දුන්නේ පියාත් වැඩිමහලූ දියණියත් මහත් වෙහෙසක් ගැනීමෙන් පසුවය.



අදහස් (0)

රට ඉඳන් ආ මව ගෝනි බිල්ලෙක් කියා දැරිය බයවෙලා

ඩෝසන් Monday, 28 September 2015 04:08 AM

අනේ හනිච්චන් ලංකාවට ගිය කලක්. තවමත් ගෑනු රට ඇරලා ගෙට වෙලා කන පිරිමි ඉන්න රටක් (බ)

:       0       0

ඉෂාන් Sunday, 27 September 2015 06:02 AM

ඉන්න තැනට හරියන විදිහට ඉන්න දන්නේ නැති ගැහැණු. (නි)

:       0       0

ජනක Thursday, 24 September 2015 06:41 PM

මුස්ලිම් කාන්තාවන් සංවරශීලයි කියපු ගමන් සමහරුන්ට භූමිතෙල් ගෑවිලා වගෙයි දඟලන්නේ. දමිළ සහ මුස්ලිම් බවලතුන් සිරුර හොඳින් ආවරණය කරගෙන තමයි ඉන්නේ. තිත්ත ඇත්ත ඒකයි. (නි)

:       0       0

මාගලී Thursday, 24 September 2015 07:02 PM

අම්මෝ! ලංකාවට නම් කොටට ඇඳගෙන එන්න එපා. පුළුවන් තරම් අරාබි ඇඳුම දරුවන්ටත් අරගෙන එන්න. (නි)

:       0       0

ප්‍රියා Saturday, 26 September 2015 04:38 AM

ඈත පිටිසර ගැහැණු සංකර වෙන්න පිටරටම යන්න ඕනේ නැහැ. ඇත පිටිසර ගැහැණු කොළඹ රස්සාවලට ඇවිත් කොළඹ පදිංචි වෙලා ටික කලක් ගියාට පස්සේ බලන්න කොයිතරම් වෙනස් වෙලාද කියලා ඇඳුමෙන් සහ හැසිරීමෙන්.(අ)

:       0       0

ප්‍රේමලාල් Friday, 25 September 2015 08:28 AM

ඔය වගේ දේවල් වෙනවා.දරුවෝ පොඩි කාලේම දලා ගියාම.(හේ)

:       0       0

කාන්ති Friday, 25 September 2015 09:05 AM

ගැහැණු අයගේ ඇඳුමේ වැරදි නිසා ස්ත්‍රී දුෂණ සිද්ධ වෙනවා නම් කුඹුරේ අමුඩ ගහ ගෙන ඉන්න ගොවි මහත්වරු දැකලා බවලතුන්ටත් මෙලෝ සිහියක් නැති වෙන්න ඕන. මේක ඇඳුමේ නෙවෙයි තම තමන්ගේ මානසික තත්වයේ ප්‍රශ්නයක්.(ම)

:       0       0

කෝකිලා රණසිංහ Friday, 25 September 2015 09:12 AM

ගමේ සිරියලතල ඇසිලින්ලා මැද පෙරදිග ගිහින් එන්නේ මොඩ් වෙලා , හරියට බමබලපිටියේ කොළඹ හතේ ඉපදුන අය මෙන් , නුදුටු කෙනෙකුට හඳුනා ගන්න බැහැ , මේ ගමෙන් ගිය ඇසිලින්ද , සිරියලතාද කියල , එකයි හේතුව (අ)

:       0       0

ඉශාර Saturday, 26 September 2015 05:30 PM

පවු අහිංසක ළමයි! (නි)

:       0       0

දිප්ත Friday, 25 September 2015 01:10 AM

ප්‍රේමලාල්, මම ජීවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. මෙහෙ කාන්තාවන් ඇදුම් ඇඳගෙන පාරේ යන විදියට ගහක් ගලක් ගානේ ස්ත්‍රී දුෂණ වෙන්න ඕනෑ. මෙහෙත් මුළු ඇඟම වැහෙන විදියට ඇදගෙන යන ඇෆ්ගන් (මුස්ලිම්) තරුණියන් දිහා වනචර විදිහට බලාඉන්න ඇෆ්ගන් තරුණයන් මම දැක හියෙනවා. අසංවරකම තියෙන්නේ ඇඳුමේ නොවෙයි. ඒ ඇඳුම දිහා බලන ඇසෙයි සිතන මොළයේයි. ලංකාවේදී මම මගේ බිරිඳට ඇඟ අනාවරණය වන විදිහේ ඇඳුම් අදින්න මම දුන්නේ නැහැ. නමුත් මම දැන් ඇයට නිදහසේ ඇඳුම් අඳින්න දෙනවා. ඒ ලංකාවේ තරම් අසහනකාරයන් මෙහෙ නැති නිසයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 25 September 2015 01:13 AM

ගැහැණුන්ට විතරක් නෙමෙයි, පිරිමින්ටත් මෙම කාරණාව පොදුයි (නි)

:       0       0

ශ්‍රීමා Sunday, 27 September 2015 10:37 AM

අජිත් කරුණාරත්න, ඔබ හරි (නි)

:       0       0

තිලක් Monday, 28 September 2015 08:59 AM

රට යන ‍ලංකාවේ කාන්තාවන්ග‍ේ මනසික වෙනස පටන් ගන්න ෆ්ලිඝ්ට් එකට නගින්න ඔනෙත් නෑ. විදේශ ගතවෙන්න එයාර්පොර්ට් එකට අඩිය තිබ්බ ගමන් වෙනස් තමයි (අ)

:       0       0

සුධාරි Sunday, 27 September 2015 11:20 AM

ඇයි ගමේ අයට 'මොඩ්' වෙන්න බැරිද? හැම ගැහැණියක්ම කැමතියි ලස්සන වෙන්න (නි)

:       0       0

ඩෝසන් Friday, 25 September 2015 02:22 AM

එකම රටක් එකම ජාතියක් ලෙසට අපි සිංහල දෙමල මුස්ලිම් හැමෝම එකතුවෙලා ළමා අපචාර කරන අය සහ ඔවුන් සුරකින්නන් මෙම සමාජයෙන් පන්නා දමමු. (නි)

:       0       0

විජේතුංග Sunday, 27 September 2015 01:30 PM

අනේ මෙහෙමත් විකාර අම්මලාගේ? (නි)

:       0       0

නුවන් Friday, 25 September 2015 01:10 PM

ප්‍රේමලාල් නමින් ඉන්නේ බෙලි කපන ජාතියකට නෑදෑකම් කියන කෙනෙක් වගේ! (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 26 September 2015 11:18 AM

සිල්වා, කාන්ති දෙදෙනාගේ අදහස් දැක්ම තාර්කිකයි, අගය කරමි. (අ)

:       0       0

රූපවතී Thursday, 24 September 2015 06:16 AM

අනේ පව් අසරණ දරු පැටව් සියුමැලියි..? අපේ කාන්තාවෝ විදෙස් ගත වුනාම ..නැවත ලංකාවට එද්දී එ් රටවල සංස්කෘතිය ගුවන්යානය තුළට පාතබද්දී ..බිම හලා යා යුතුයි..කියන තැනයි මා නම් සිටින්නේ..? නුගත්කමට ඒ රටවල නොගැළ පෙන දේවලින් සැරසිලා අපේ රටට ආවාම ..එදෙස සැවොම වපරැසින් බැලීම සාධාරණයි ..? විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් එරට ගොනිබිලි ඇදුම් ඇදගෙන අපේ රටේ හැමතැනම කරග් ගහන එකද වහාම නැවැත්විය යුතුයි..? අපේ රටට ආවේනික ඇදුම් කොපමණ තියෙනවාද ..? චීත්තෙයි හැට්ටෙයි, පාර අතුගාන සායයි හැර..? අලුත් විලාසිතා චාම් අයුරින් වැදගත්, ලස්සනයි, ..ආරක්ශාකාරියි..? (බ)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 24 September 2015 01:49 PM

රට යන ‍ලංකාවේ කාන්තාවන්ග‍ේ වෙනස පටන්ගන්නේ ආපසු එන ගුවන් යානයේදීමයි (නි)

:       0       0

ප්‍රේමලාල් Thursday, 24 September 2015 02:05 PM

අපේ සමහර සිංහල කාන්තාවගේ අඩනිරුවත් ඇඳුම් පැළදුම් නිසා මොනතරම් කාම අපරාධ දැන් රටේ සිදුවෙනවාද? මුස්ලිම් කාන්තාවන් ඒ අතින් කොපමණ සංවරශීලීද? (නි)

:       0       0

පිටිගල Thursday, 24 September 2015 07:18 AM

මම දන්නා එක කාන්තාවක් අවරුදු 2 කට පස්සේ ලංකාවට ඇවිත් තමන්ගේ පුංචි ගෙය ඉදිරි පිට කොට කලිසමකින් සැරසී නංගිත් එක්ක බැඩ්මින්ටන් ගහලා ඉංග්‍රිසි කැලි කතා කරමින්. මාසයක් විතර එසේ සිට නැවතත් ගේ උගස් කර ආපහු රට ගියා. රට ගිය පසු මොකක් හෝ මානසික විප්ලවයක් සිත ඇතුලේ සිදිවෙනවා වෙන්න ඇති. (අ)

:       0       0

සිල්වි Thursday, 24 September 2015 03:30 PM

කාන්තාවන්ගේ ඇදුම නිසා කාන්තාවන් දුෂණය වෙනවනම් ඔය බටහිර රටවල් වල කාන්තාවෝ දුෂණය වෙන්න ඕන හැම තප්පරයකම . ලංකාවේ පිරිමින්ගේ තියන මානසික අසහනය , වනචර කම , නුගත් කම සහ ලංකාවේ නීතියේ තියන ලිහිල් බව නිසයි කාන්තාවෝ දුෂණය වෙන්නේ (බ)

:       0       0

ප්‍රිති Thursday, 24 September 2015 07:38 AM

ජාතිකත්වය අමතකකරන්න මෙවන් අම්මන්ඩිල රටට අවමානයකි.දරුවන්ට අපහාසයකි (අ)

:       0       0

චන්දි Thursday, 24 September 2015 03:57 PM

සිල්වි ඔබට මල් මිටක් (බ)

:       0       0

නීල් Thursday, 24 September 2015 04:19 PM

කාන්තාවක් තමන්ට ගැළපෙන විලාසිතා කරන්න ඕනෑ (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 24 September 2015 04:24 PM

ඒ අම්මාට මොනවා හිතුනාද දන්නෙ නැහැ (නි)

:       0       0

තාරුක Thursday, 24 September 2015 04:26 PM

රට යන හැමෝම එකම විදිහට වෙනස් වෙන්නේ නැහැ. තමුන්ගේ සහ රටේ වැදගත්කම තියාගෙන හොඳින් ඉඳලා එන අය ඕනෑතරම් ඉන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 196 0

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 522 1

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 130 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 795 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 879 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 690 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 763 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 194 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1239 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site