රජයේ රෝහලක සායනයට පැමිණි රෝගියා පෝලිමේ ගමන් කර වෛද්‍යවරයා හමුවිය. ”ඉඳගන්න” වෛද්‍යවරයා කාරුණික හඬින් පැවසීය. රෝගියා පරීක්ෂා කළ හෙතෙම රෝගය සඳහා දෙනු ලබන බෙහෙත රෝගියා රැුගෙන ආ පොතේ සටහන් කර නැවත භාරදීමට කටයුතු කළේය.
පොත රැුගත් රෝගියා බෙහෙත් නිකුත් කරන කවුන්ටරයට එය භාරදුන් අතර කවුන්ටරයේ සිටි ඖෂධවේදියා පොත පරීක්ෂා කර බලා එම බෙහෙත අවසන් වී ඇති බව පැවසීය.
රෝගියා නැවත වෛද්‍යවරයා හමුවී එම ඖෂධය නොමැති බව පැවසූ විට වෛද්‍යවරයා ඖෂධයේ නමින් බෙහෙත් තුණ්ඩුවක් ලියාදී, ”මේ බෙහෙත ෆාමසියකින් ගන්න” යැයි පැවසීය.
නගරයේ පිහිටි ෆාමසියකට පිවිසි රෝගියාට කවුන්ටරය අසල සිටි රුවැති තරුණියක් දක්නට ලැබිණි. ”මොනාද ඕනේ” ඇය ඉංග‍්‍රීසි හුරුවට සිංහල උච්චාරණය කරමින් විමසුවාය. ඔහු බෙහෙත් තුණ්ඩුව ඇය අත තැබීය. එය කියවා බැලූ ඇය ”බෙහෙත් නිකුත් කරමින් සිටි සුදු හැඳගත් තරුණියකගෙන් ”කාබමැස්පින් ඉස් වට්?” (කාබමැස්පින් කියන්නේ මොකක්ද) යනුවෙන් ඉංග‍්‍රීසියෙන් විමසුවාය. එවිට සුදු හැඳගත් තරුණිය ඖෂධයේ වෙළෙඳ නාමය පවසා තිබෙන ස්ථානය ද පෙන්වූවාය.
ඖෂධ සොයා ගත් තරුණිය එය රෝගියාට දීමට කටයුතු කළාය. පසුව දැනගන්නට ලැබුණේ රුවැති තරුණිය ෆාමසියේ සේවය කරන තරුණිය හමුවීමට පැමිණි ඇයගේ යෙහෙලියක් බවය.
ක‍්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් යාළුකමට බේත් දේවිද? (බ)
ඉතින් ඇයි මේක පත්තරේ දාන්නේ? (ස)
"කාබමැස්පින් ඉස් වට්" කියන්නේ මොන රටේ භාෂාවක්ද? (ස)
මේ කතාව නම් තේරුම් ගන්න අමාරුයි.(හේ)
මේවා දාන අයට පිස්සුද නැතිනම් මේවා බලන අපිට පිස්සුද හිතෙනවා (දිල්)
මෝඩකම මහත (නදී)
අයියෝ...... මේවත් විහිළුද...? (බ)
කොයි බෙහෙත් වෙළෙඳ සැලේත් මෙහෙමම තමයි . බෙහෙත් වෙළෙඳ සැලේ ඖෂධ වේදියාගේ රජයෙන් නිකුත්කළ සහතිකයේ පිටපතක් ප්‍රදර්ශනය කල යුතුබවට නීතියක් තිබේ . එසේ තියෙනවාද? (ස)
මේවාට කියන්න මට වචන නැහැ (නි)
අක්කාගේ වැඩේ නංගි කරන්න පුරුදුවෙනවා ඇති. (නි)