රජයේ රෝහලක සායනයට පැමිණි රෝගියා පෝලිමේ ගමන් කර වෛද්‍යවරයා හමුවිය. ”ඉඳගන්න” වෛද්‍යවරයා කාරුණික හඬින් පැවසීය. රෝගියා පරීක්ෂා කළ හෙතෙම රෝගය සඳහා දෙනු ලබන බෙහෙත රෝගියා රැුගෙන ආ පොතේ සටහන් කර නැවත භාරදීමට කටයුතු කළේය.
පොත රැුගත් රෝගියා බෙහෙත් නිකුත් කරන කවුන්ටරයට එය භාරදුන් අතර කවුන්ටරයේ සිටි ඖෂධවේදියා පොත පරීක්ෂා කර බලා එම බෙහෙත අවසන් වී ඇති බව පැවසීය.
රෝගියා නැවත වෛද්‍යවරයා හමුවී එම ඖෂධය නොමැති බව පැවසූ විට වෛද්‍යවරයා ඖෂධයේ නමින් බෙහෙත් තුණ්ඩුවක් ලියාදී, ”මේ බෙහෙත ෆාමසියකින් ගන්න” යැයි පැවසීය.
නගරයේ පිහිටි ෆාමසියකට පිවිසි රෝගියාට කවුන්ටරය අසල සිටි රුවැති තරුණියක් දක්නට ලැබිණි. ”මොනාද ඕනේ” ඇය ඉංග‍්‍රීසි හුරුවට සිංහල උච්චාරණය කරමින් විමසුවාය. ඔහු බෙහෙත් තුණ්ඩුව ඇය අත තැබීය. එය කියවා බැලූ ඇය ”බෙහෙත් නිකුත් කරමින් සිටි සුදු හැඳගත් තරුණියකගෙන් ”කාබමැස්පින් ඉස් වට්?” (කාබමැස්පින් කියන්නේ මොකක්ද) යනුවෙන් ඉංග‍්‍රීසියෙන් විමසුවාය. එවිට සුදු හැඳගත් තරුණිය ඖෂධයේ වෙළෙඳ නාමය පවසා තිබෙන ස්ථානය ද පෙන්වූවාය.
ඖෂධ සොයා ගත් තරුණිය එය රෝගියාට දීමට කටයුතු කළාය. පසුව දැනගන්නට ලැබුණේ රුවැති තරුණිය ෆාමසියේ සේවය කරන තරුණිය හමුවීමට පැමිණි ඇයගේ යෙහෙලියක් බවය.
ක‍්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුරය.
2025 දෙසැම්බර් මස 04
600
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
512
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාළුකමට ඔසුසලට ආ තරුණිය බේත් දීලා
දුමින්ද Monday, 16 March 2015 08:13 AM
අපිටත් යාළුකමට බේත් දේවිද? (බ)
සර්වමිත්‍ර Tuesday, 17 March 2015 06:30 AM
ඉතින් ඇයි මේක පත්තරේ දාන්නේ? (ස)
අප්පුහාමි Tuesday, 17 March 2015 06:34 AM
"කාබමැස්පින් ඉස් වට්" කියන්නේ මොන රටේ භාෂාවක්ද? (ස)
අසේල Monday, 16 March 2015 09:09 AM
මේ කතාව නම් තේරුම් ගන්න අමාරුයි.(හේ)
චමින්ද Tuesday, 17 March 2015 08:12 AM
මේවා දාන අයට පිස්සුද නැතිනම් මේවා බලන අපිට පිස්සුද හිතෙනවා (දිල්)
කුමාර Thursday, 19 March 2015 01:27 AM
මෝඩකම මහත (නදී)
කුමාරි Monday, 16 March 2015 02:31 PM
අයියෝ...... මේවත් විහිළුද...? (බ)
සමන්ති Monday, 16 March 2015 04:12 PM
කොයි බෙහෙත් වෙළෙඳ සැලේත් මෙහෙමම තමයි . බෙහෙත් වෙළෙඳ සැලේ ඖෂධ වේදියාගේ රජයෙන් නිකුත්කළ සහතිකයේ පිටපතක් ප්‍රදර්ශනය කල යුතුබවට නීතියක් තිබේ . එසේ තියෙනවාද? (ස)
සංජීව Monday, 16 March 2015 08:31 PM
මේවාට කියන්න මට වචන නැහැ (නි)
රෙජි-සිඩ්නි Tuesday, 17 March 2015 12:43 AM
අක්කාගේ වැඩේ නංගි කරන්න පුරුදුවෙනවා ඇති. (නි)