IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


බැංකු පොත නැතිවුණාට අපූරු දිවුරුම් සහතිකයක් දීලා

ඩොටී අක්කාගේ බැංකු පොත අස්ථානගත විය. ඇය මුළු ගෙදරම කනපිට හරවමින් එය සෙව්වාය. ඊට සහාය නොදුන් තම දියණියන් දෙදෙනාට බැණ වැදුණාය. ”එකෙක් නෑ මට මේක හොයා ගන්න උදව් කරන්නෙ. මම දහදුක් විඳ විඳ හම්බකරනවා. වරෙල්ලකො අරකටයි මේකටයි කිය කියා මගෙන් සල්ලි ඉල්ලන්න. අර මිනිහ හම්බකරන හැම සතේම ගිනි වතුරට වියදම් කරනවා. මම  ඕන මැරි මැරි පවුලක් රකින්න.”  ඕ කෝපයෙන් බෙරිහන් දුන්නාය. ”දිවුරුම් පෙත්සමක් ලියලා අත්සන් කරගෙන එන්න. අපි අලූත් පොතක් දෙන්නම්.” ඩොටී අක්කාට බැංකු කළමනාකරු කීවේය. ”බොලා දන්නවැයි දිවුරුම් පෙත්සමක් ලියන හැටි?” ගෙදර පැමිණි  ඕ දියණියන්ගෙන් ඇසුවාය. ”අනේ අපි දන්නේ නෑ” ඔව්හු ගත් කටටම කීහ. උඹල දන්නෙ මිදුලෙ අඹ ගහ යටට ගිහින් අර හත් ඉලව්ව කනේ ගහගෙන කොල්ලොත් එක්ක මනමාලකම් කතා කරන්න විතරයි. හිතන්න එපා මම මුකුත් දන්නෙ නෑ කියලා.” එසේ බැණ වැදුණු  ඕ තමා දන්නා ආකාරයට දිවුරුම් පෙත්සමක් ලීවාය. ”දෙවියන් පල්ලා බුදු හාමුදුරුවන් පල්ලා. බේබද්දා වුණත් මගේ මිනිහා පල්ලා මගේ ඇස්දෙක වගේ ඉන්න කෙල්ලො දෙන්න පල්ලා මගේ බැංකු පොත නැතිවී ඇත.” එසේ ලියා එහි අත්සන් කළ  ඕ එය බැංකු කළමනාකරු වෙත රැගෙන ගියාය. බැංකු කළමනාකරු ආයාසයෙන් සිනා නොවී සිටියේය. ඔහු දිවුරුම් පෙත්සමක් ලියා ඇයට දුන්නේය. ”සාම විනිසුරු කෙනෙක් ළඟට ගිහින් මේක සහතික කරගෙන අරගෙන එන්න.” හේ කීවේය. මේ සිද්ධිය අසන්නට ලැබුණේ ගාලූ දිස්ති‍්‍රක්කයේ ගමකිනි.



අදහස් (0)

බැංකු පොත නැතිවුණාට අපූරු දිවුරුම් සහතිකයක් දීලා

ෆාරා Tuesday, 08 May 2012 04:55 AM

ඇත්තටම හිනා යනවා. ඒත් ගොඩක් දුනයි

:       0       0

කුමාර Tuesday, 08 May 2012 09:02 AM

හොද බැංකු නිලධාරීයෙක්

:       0       0

පාලිත - මාලදිවයින Wednesday, 09 May 2012 09:56 AM

ඇයි දරුවනේ අම්මට මෙහෙම කරන්නේ? ඔයාලව ඔය තත්ත්වෙට ගේන්න අම්ම කොච්චර මහන්සි වෙන්න ඕනද? එහෙම කරන්න එපා දෙමාපියන්ට. හොඳට සලකන්න.

:       0       0

ප්‍රියන්ත Monday, 07 May 2012 10:37 AM

කතාව ලස්සනට ලියල තියෙනව. කියවන්න ආස හිතෙන විදියට.

:       0       0

අනුර Monday, 07 May 2012 10:43 AM

අනේ පවු.ඉගෙන ගෙන නැතුව ඇති.හිනා වෙන්න එපා

:       0       0

දයා Monday, 07 May 2012 11:48 AM

අනේ පවු දෙයියනේ

:       0       0

ෆාරු Tuesday, 08 May 2012 10:44 AM

ඩොටී අක්කා හරි

:       0       0

ජයන්ත Tuesday, 08 May 2012 11:11 AM

හැමෝටම හොද උගත් දරුවෝ හදන්න පුළුවන් විදියේ සමාජීය සහ ආර්ථික පසුබිමක් අද ලංකාවේ නෑ

:       0       0

බබා Monday, 07 May 2012 12:02 PM

පවු අසරණ අම්මා

:       0       0

මංඡුල බිරුටි Monday, 07 May 2012 12:11 PM

කුමට හැදුවද මෙවන් දුවරු ?

:       0       0

අලිබබා Monday, 07 May 2012 02:07 PM

ඩොටි අක්කාට කොහේ ගියත් යමක් කමක් කොරගන්න පුලුවන් කෙනෙක්බව නමි මෙම සිද්ධියෙන් පේනවා. අපේ සමහරක් තරුණ ගැටවු කටයුතු කොරන හැටි දැක්කාහම ඩොටි අක්කා ඉදිරියෙන්.

:       0       0

හොරුහතලිහ Tuesday, 08 May 2012 02:02 PM

අල්බබා කියන්නෙ ඇත්තමයි.

:       0       0

ඉෂන්ක Tuesday, 08 May 2012 02:24 PM

පවු.හැමෝම උගත් නෑනේ.මේ වගේ තව කොච්චර ඇද්ද?

:       0       0

ප්‍රදීප් Monday, 06 October 2014 09:49 AM

හිනා වෙන්න එපා (නදී)

:       0       0

indu Monday, 07 May 2012 06:23 PM

පව් නුගත් කම නිසානේ. බැංකු කලමනාකර තුමා බුද්දියෙන් කටයුතු කර ඇත

:       0       0

akila Tuesday, 08 May 2012 08:12 PM

බැංකු කලමනාකර තුමා බුද්දියෙන් කටයුතු කර ඇත

:       0       0

අසන්ක Monday, 07 May 2012 09:45 PM

පවු අහිංසක අම්මා.පොත හැබෑවටම නැතිවෙලා වෙන්න ඇති

:       0       0

හසිත Monday, 07 May 2012 11:21 PM

ඉතින් හරිනේ දිව්රුම් පෙත්සමක්නේ ඉල්ලලා තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1666 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 564 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site