නිවසේ අත්තිවාරමට පස් දැමීමට අවශ්‍ය වූ තරුණයෙක් තමා හඳුනන පස් කපන පුද්ගලයකු සොයා ඔහුගේ නිවෙසට ගියේය. නිවැසියන් පැවසුවේ ඔහු ගම්මැද්දට ගිය බවය. ඉදිරියට ගිය තරුණයාට, මිනිසුන් රාශියක් වටවී සිටින තැනක ඔහුද සිටිනු දැක ගත හැකි විය. තරුණයා දුටු පස් කපන්නා “පොඞ්ඩක් ඉන්නැයි” පැවසීය.
එතැන මුදල් ඔට්ටුවට කුකුළන් කොටවන ස්ථානයකි. පස් කපන්නා පැමිණෙන තුරු තරුණයා අයිනට වී බලා සිටියේය. එකනෙහිම තරුණයන් කිහිප දෙනකු යතුරපැදිවලින් පැමිණි අතර කුකුළන් කෙට වූ පිරිස හතර අතේ දුවන්නට වූහ. එතැන ඉතිරි වූයේ අප තරුණයාත් වයෝවෘද්ධ අයෙකුත් පමණි. පැමිණියේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ය. තරුණයා තදින් අල්වාගත් අයකුගෙන් “ඔයාලා කවුදැයි” හෙතෙම විමසීය.
“අපි පොලිසියෙන්. කුකුළන් කොටවන්න තහනම් කියලා දන්නැද්ද? නිලධාරියා ප්‍රශ්න කළේය. “සර් මම පස් කපන මිනිහෙක් එක්කරගෙන යන්න ආවේ. බලද්දි එයා මෙතැන. මම එයා එනකන් හිටියා.” තරුණයාගේ පිළිතුර විය. එවිට පොලිස් නිලධාරිහූ, “කුකුළන් කෙටෙව්වත් වැරදියි. බලන් හිටියත් වැරදියි” පවසා පොලිසියට රැගෙන ගොස් ඔහු පොලිස් කූඩුවේ දැමූහ. නීතිමය කටයුතු සඳහා පසුදින ඉදිරිපත් කරන තුරු දෙදෙනාටම පොලිස් කූඩුවට වී නිදි මරමින් මදුරුවෝ තලමින් සිටීමට සිදුවිය.
2025 දෙසැම්බර් මස 16
68
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පස් කපන්නෙක් සොයන්න ගිහින් එළිවෙනතුරු පොලිස් කූඩුවේ
අජිත් කරුණාරත්න Thursday, 17 March 2016 04:36 PM
පොලිසියට උවමනා නඩුවකට අවශ්‍ය චූදිතයින්වයි. වැරදි කරපු කට්ටිය පැනලා ගිය නිසා මේ දෙන්නා නඩුවට හොඳටම ඇති. මොනවද මේ කතා අපේ පොලිසියනේ? (නි)
සුජීව Tuesday, 15 March 2016 09:28 AM
චතුරට, චන්ද්‍රිකාට, මෛත්‍රීට අර හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න අපේ රට අසමත් රටක් වෙලා. පොලීසියටත් වැඩක් තියෙන්න එපැයි. ඉතින් මොකද වෙන්නේ.පොලිසිය තියෙන්නේ අහිංසකයන්ව හිරේ දාන්න (බ).
අබේරත්න Monday, 14 March 2016 10:19 AM
සිවිල් ජනතාවගේ සාමය ආරක්ෂා කිරීමට නම් මුළු මහත් පොලිසියම හිරේ දමා අලුතෙන් පොලිසියක් නිර්මාණය කළයුතු විය. (බ)
පිටිගල Tuesday, 15 March 2016 04:49 AM
ඒ තරුණයා නොදැනුවත් කමින් හෝ කර ඇත්තේ වරදක්. නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ.ඔහු එතන රැඳී සිටීම නොකළ යුතුව තිබුනා. (බ)
පිටබැද්දර ජයා Monday, 14 March 2016 08:59 PM
නීතියේ එහෙම තිබුනත් බුද්ධිමත් නිලධාරියෙක් හිටියා නම් කතාව සහසුද්දෙන් දැනගෙන මේ අහිංසකයව ගෙදර යවන්න තිබුනා. (නි)
ධම්මි Monday, 14 March 2016 07:46 AM
අනාචරයේ හැසිරැනත් වැරදියි, අනාචාරයේ යෙදීමට අවශ්‍ය භාණ්ඩ ලඟ තබාගත්තත් වැරදියි ඒක නිසා මෙි පොලිස්කාරයො ටිකත් කූඩුවට දාන්න ඕන (බ)
ඕපාත Tuesday, 15 March 2016 07:11 AM
ඇත්තම කතාව නම් අපේ පොලිසිය මුලින්ම අල්ලගන්නේ අහිංසකයෝ. පස්සේ තමයි නියම හොරු අල්ලන්නේ (නි)
ජයරත්න Monday, 14 March 2016 01:35 PM
ඇයි මේ ලිපිය කියවන අය පොලිස් නිලධාරීන්ට දොස් කියන්නෙ. ඔය වගේ තැනක් වැටලුවහම එතන ඉදල අහුවෙන හැමෝවම පොලීසියට ගෙනියනව තමයි. මේ තරුනයාට සාමාන්‍ය දැනීම නැද්ද. එහෙම නැත්නම් රටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ නැද්ද. මේ ලිපිය කියවන අයත් ආදර්ශයට ගන්න බූරු පොලවල්, හොර අරක්කු පොලවල්, ගනිකා මඩම් වගේ තැන් වල නිකන් හිටියත් අමාරුවෙ වැටෙනවා. (බ)
රෙජි-සිඩ්නි Tuesday, 15 March 2016 01:47 AM
තරුණයාට තිබුනේ "එහෙනම් මම පස්සේ ඇවිත් හමුවෙන්නම් "කියලා ගෙදර යන්න. අනික ඔය මිනිසුන්ට අහිංසක සතුන් කොටවලා සල්ලි හොයනවට වැඩිය නරකද රැකියාවක් හොයාගෙන හම්බ කරලා ජීවත්වුණා නම් (නි)