IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පම්පෝරි ගහන්න ගිහින් කූඩුවේ ලැගලා

මොරගාල්ලාගම සිසිර කැලේගම.


තම බල ප්‍රදේශයේ පොලීසිය තම අතේ යැයි කියු අයකු බේරා ගැනීමට පම්පෝරියට සවන් දුන් පිරිසක් පොලිස් ලොක්කා සොයා ගිය පුවතක් ඇතුගල්පුරවරයෙන් අසන්නට ලැබුණි.
මෙහි කතානායකයා සේවය කරන්නේ වෙනත් පළාතකය. ආයතනයේ සිටින විට ඔහුගේ දුරකථනයට නිතර දුරකථන ඇමතුම් එන්නේය. ඒ කතා කෙරුවේ ඕ.අයි.සී. මහත්තයා, දැන් කතා කෙරුවේ රථ වාහන අංශයේ බොසා. ඔවුන් සියලු‍ දෙනා හඳුනන බවත්, ඔවුන් සියලු‍ දෙනා සිටින්නේ තමන්ගේ අතේ බවත් ඔහු අන් සේවක පිරිස හමුවේ පම්පෝරි නැගුවේය.
“ලංකාවේ කොහේ ගියත් තම පොලිස් බල ප්‍රදේශයෙන් යම් අකරතැබ්බයක් වුණොත් නීතිය ක්‍රියාත්මක කරන්නට පෙර මට කියන්න. මම වැඩේ ගොඩ දාලා දෙන්නම්” ඔහු සියලු‍ සේවකයන් හා නිලධාරින් හමුවේ කියා සිටියේ ඔහුට පොලිස් වසමේ එවැනි බලයක් තිබෙන ලෙසටය.
ඒ ගැන වැඩියෙන්ම කියන්නේ පදම ඉක්මවා ඇති අවස්ථාවලදීය.
ඒ අනුව ඔහු මුළු ආයතනයේම සේවකයන් හා නිලධාරින් ඔහු පවසන වදන් කෙරෙහි දැඩි විශ්වාසයෙන් යුතුව පසු විය.


අහම්බෙන් ආයතනයේ සේවක පිරිසක් ඔහුගේ නිවසට පැමිණිය හ. ඒ වෙනත් කටයුත්තකට යන ගමනේදී ය.
“මෙහේ ඉඳන් බීලා ගියාට බයක් නෑනේ. පොලීසියේ ඔක්කෝම ඔයා අඳුනනවානේ.” අපි ඇල්ලු‍වොත් බේරා ගන්න.” යැයි කියා පැමිණි පිරිස මත් තොල ගාන්නට වූහ.
ගීත, ගැයුම්, නැටුම් හමුවේ ගෙනා අරක්කු මදි විය. පැමිණ පිරිසට ඒවා ගෙන එන්නට තැබෑරුම් කරා යාමට බැරිය. ඒ පොලීසිය මග රැඳී ඉන්න නිසාය.
“බය වෙන්න එපා මම යන්නම්” නිවෙස් හිමියා අරක්කු සිගරට් හා බයිට් වර්ග ගෙන ඒමට ගියේය.
පිටතට ගොස් බොහෝ වේලාවක් ගත විය. ඔහු එන්නට පමාය.
ආයතනයේ නිලධාරියකු ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේය. ඒ එන්නට පරක්කු ඇයි දැයි ඇසීමට ය. එයට පිළිතුරු දෙන්නේ වෙනත් අයෙකුය. ඔහු පවසන්නේ දුරකතනයේ අයිතිකරු බීමත්ව අත්අඩංගුවට ගෙන පොලිස් කූඩු වේ කියා ය.
සිද්ධිය වටහා ගත් පදම ඉක්මවා සිටි ආයතනයේ සේවක පිරිස් පොලීසිය කරා පිය නැගූහ. ස්ථානාධිපති ද මුණ ගැසුණි.
“සර්, අපි වැඩ කරන්නේ කුරුණෑගල නගරය අවට. අපි අපේ ආයතනයේ සේවය කරන සේවකයකුගේ ගෙදර ආවා. පොඩි අඩියක් ගත්තා. මදිවෙලා ගේන්න ගිය ඔහු පොලිස් කූඩුවේ. මෙයා සර්ගේ හිතවතෙක් නේද? සර්ලා ගෙදරත් ගිහින් ඉන්නවාලු‍. ගිය සතියෙත් සර්ගේ බඩු වගයක් අරන් සර්ලා ගෙදර ගියපු කෙනෙක්. පුළුවන් නම් සර් උදව්වක් කරන්න.” ගිය පිරිස අතරේ සිටි ආයතනයේ ලොක්කා පොලිස් ලොක්කාගෙන් ඉල්ලීමක් කළේය.
“ මම මාස ගණනකින් ගමේ ගියෙත් නෑ. කවුද ඔය කියන මෑන් යමු බලන්න.” පොලිස් ලොක්කා ආයතනයේ සේවක පිරිසත් කැටුවම පොලිස් කූඩුව අසලටම පිය නැග්ගේය.
“තමුසේ කවද්ද මගේ ගෙදරට ගියේ.” ලොක්කා ගෝරනාඩු දමමින් ඇසුවේය.
“අනේ සර් ගෙදර කොහේද තියෙන්නේ කියන්නවත් මං දන්නේ නෑ. ආයතනයේ තැනක් ගන්න තමයි මම එහෙම බොරුවක් කිව්වේ.” ඔහු අසරණ විලාසයෙන් කීවේය.
“බොරුවක් කිව්වේ. තමුසෙ බොරුවට බයිට් එකට ගන්නේ මම ද? මේකා බීමත්ව නේද ඉන්නේ. දානවා කූඩුවට.
.” ලොක්කා කේන්තියෙන් එතැන බාරව සිටි රාළහාමීට කිව්වේය.
ඔයාලා හිටියා කියලා කිසිම සමාවක් නෑ. බීවාට වඩා බොරු කීවාට දඬුවමක් දෙන්න ඕනෑ. ලොක්කා සේවක පිරිස් අමතා පැවසීම හමුවේ ඔවුන් “ අනේ අනිච්චං වෙච්ච දෙයක් ” කියමින් යාම්තමින් එතැනින් ඇඟ බේරාගෙන පොලිස් ස්ථානයෙන් පිටතට නික්ම ගියේ අරක්කු බොන්න තියා නැවත බොන්න ගේන්න ඔහුට දුන්න මුදලු‍ත් නැතිවලු‍.



අදහස් (0)

පම්පෝරි ගහන්න ගිහින් කූඩුවේ ලැගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site