IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පිනට දුන් රුපියලින් යාචකයා මහලූ කාන්තාවගේ මුහුණට ගසයි

මීගමුවේ සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයකට වත්තල හැඳල මංසන්ධියේදී ගොඩවූ මගීන් අතරේ අන්ධ යාචකයෙක් සහ ඔහුගේ සහයට සිටි තරුණයෙක්ද විය. බස් රථයේ ඉදිරි දොරටුවෙන් ඇතුළු වූ ඔවුන් දෙදෙනා රියැදුරු අසුන අසලින්  නතරවී සිටියේ අනෙකුත් මගීන්ට බස්රියට ගමන් කිරීමට ඉඩ සලසා දීම සඳහාය. තරුණයාගේ අතින් අල්ලාගෙන සිටි අන්ධ යාචකයා බස්රථය යළි ගමන් ඇරඹූ පසු සිය දෑත් එක්කොට බස් රථයේ සිටි මගීන්ට ආචාර කළේය. ”සුබ උදෑසනක් වේවා. ගරු නෝනාවරුනි  මහත්වරුනි සහෝදර සහෝදරියනි, අන්ධ යාචකයා මගීන්ට හිස නමා කතාව පටන් ගත්තේය. ”මගේ ඈස් දෙකම අන්ධ නිසා මට තමුන්නාන්සේලා කිසිම කෙනෙක් පේන්නේ නැහැ. ඒත් මට තමුන්නාන්සේලාගේ සුවඳ දැනෙනවා. පාරේ යන වාහනවල සද්දෙ ඇහෙනවා. තරුණාකරලා මගේ ජීවිත කතාවට ඇහුම්කන් දෙන්න. තරුණ කාළේ මං මත්පැන්වලට තදින් ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. ටික කාලෙකින් මට දියවැඩියාව හැදුනා. මං බේත් වෙනුවට බිව්වේ අරක්කු. දියවැඩියාව උත්සන්න වෙලා මගේ ඇස් දෙකම අන්ධ වුණා. රස්සාවක් කර ගන්න බැරිවුණා. පවුලේ ආර්ථිකය බිංදුවට  බැස්සා. මගේ  බිරිය මාවයි මේ එකම පුතාවයි දාලා වෙන මිනිහෙක් එක්ක ගියා. ජීවත් වෙන්ඩ ක‍්‍රමයක් නැතිනිසා මේ දරුවත් අරගෙන මං හිඟමනට බැස්සා. මට කිසිම දෙයක් කරන්න බැරි නිසා මගෙ වැඩ සේරම කරන්නෙ මේ දරුවයි. හැමදාම උදේට මගෙ අතින් අල්ලාගෙන මේ දරුවා බස් එකෙන් බස් එකට මා අරන් ගිහිං කීයක් හරි සොයා ගන්නවා. අපි දෙන්නා ජීවත් වෙන්නේ කන්නේ බොන්නේ තමුන්නාන්සේලා දෙන සල්ලි වලිනුයි. ඒ හින්දා අපි ගැන අනුකම්පා කරලා අපට ආධාරයක් කරන්න” අන්ධ යාචකයා තම පුතාගේ ආධාරයෙන් අසුනෙන් අසුනට ගොස් දෑත දිගු කරමින් ආධාර ඉල්ලීය. මගීන්ගෙන් ලැබුණු රුපියල් පහේ කාසි, දහයේ හා විස්සේ නෝට්ටු සියල්ල එකින් එක ඔහු තම සාක්කුවේ දමාගත්තේ දෑස හොඳින් පෙනෙන අයකු ලෙසය. බසයේ පිටුපස දොරටුව අසලට පැමිණෙත්ම එහි අසුනක වාඩිවී සිටි මහළු කාන්තාවකට මේ අන්ධ යාචකයා ගැන දුකක් ඇතිවී තම අතේ තිබූ රුපියලේ කාසියක් ඔහු අත තැබුවාය. රුපියලේ කාසිය දෙස විමසිල්ලෙන් බැලූ අන්ධ යාචකයා  එයින් මහලූ කාන්තාවට දමා ගැසීය. රුපියලකින් මොනවද බොල කරන්න පුළුවන්.  ඕක අරගෙන ගිහිං උඹේ පිට කසා ගනින්. මහළු කාන්තාවට බැණවැදී තම පුතාව ද අතින් ඇදගෙන අන්ධ යාචකයා බසයෙන් බැස ගියේ සියල්ලන් මවිතයට  විමතියට පත් කරමිනි.



අදහස් (0)

පිනට දුන් රුපියලින් යාචකයා මහලූ කාන්තාවගේ මුහුණට ගසයි

පවිත්‍රා Friday, 25 November 2011 12:18 PM

හිගන්නට සල්ලි දුන්නු එකයි වැරදි. බිස්නස් එකක්ද කොහෙද

:       0       0

රත්න Friday, 25 November 2011 03:42 PM

මටත් ඔය වැඩේ වෙලා තියෙනවා. අලුත් රුපියල අවට පස්සෙ.. දවසක්, මදිවයසේ ගෑනු කෙනෙක්ට රු3ක් දුන්නා. ඒ එක්කෙනා ආපහු ඒක මට දුන්නා. මම නම් ලැජ්ජාවට පත් උනේ නෑ... මොකද, ඒ කෙනා හිතන්න ඇති සත හැත්තෑපහක් දුන්නා කියලා රැපියල සත සිසිපහකට ගනන් හදලා. ඔය සිද්ධිය වෙලා දැනට අවු3ක් විතර. ඉන් එදා මම කිසිම හිඟන්නෙකුට සල්ලී දෙන්නේ නෑ. උන්ට හිඟා කන්නත් ඕන, උන්ට ඕන ගාන දන්නත් ඕනා.. මම නම් කියන්නේ ආච්චී කෙනෙක්ට සීයා කෙනෙක්ට හැර කිසිම කෙනෙක්ට සල්ලී දෙන්න එපා කියලයි..

:       0       0

ජයී Friday, 25 November 2011 05:23 PM

පුඵවන් කාලේ කසිප්පු බී ඇස් අන්ධකර ගත් ඔවැනි හිඟන්නන්ට දෙන එකත් මෝඩ කමක්. කසිප්පු පෙරීමේදී ඊතයිල් ඇල්කො‍හොල් (C2H5OH) වලට අමතරව ඇතිවන මීතයිල් ඇල්කො‍හොල් (CH3OH) ඉතාමත් විෂයි. ඒ විෂෙන් ඇස් අන්ධ වෙනවා.

:       0       0

ලූෂන් Monday, 28 November 2011 02:40 PM

පොදු ස්ථානවල සිගමන් යැදීම මහජනතාවට හිරිහැරයක්. මෙවන් වංචනිකයන්ට තිත තැබිය යුතුයි.

:       0       0

උපාලි Monday, 28 November 2011 04:16 PM

ඔය වගේ අය නිසා අපේ මනුස්සකම් තමයි නැතිවෙන්නේ

:       0       0

රසික Tuesday, 23 October 2012 03:43 PM

පරම්පරාගත පුරුද්දක්ද කොහෙද ??(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site