IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


නොතේරෙන ලෙඩෙන් ලියන මහත්තයා උදම් වෙලා

දිගුකලක් බස්නාහිර පළාතේ උසාවියක ලිපිකරුවකු ලෙස සේවය කොට විශ්‍රාම ලද ඔහු දෙදරු පියෙකි. දරුවන් දෙදෙනාම අගනුවර ඉහළ රැකියාවල නිරත වූ අතර ගෙදර සිටියේ ඔහු හා බිරිය පමණකි.


 පසුගියදා රෝගී තත්ත්වයක් නිසා වෛද්‍යවරයකු වෙත ගියත් වෛද්‍යවරයා කීවේ, මෙය තරමක් ගැටලුසහගත නිසා රෝහල්ගත විය යුතු බවය.


 තම දරුවන්ද බිරියද දැනුම්වත් කිරීමෙන් පසු රෝහලට ඇතුළුව වෛද්‍ය පරීක්ෂණවලට ලක්ව රෝගය සොයාගත් පසු තම දරුවන්ගේ උදව්වෙන් සති එක හමාරක් පමණ ප්‍රතිකාර ලබා ඔහු නිවසට ආවෙන් ගමේ හිතවතුන් නිවසට ආවේ ඔහුට සුබ පැතීමටය.


එසේ පැමිණි කාන්තාවන් කීප දෙනකු “ලියන මහත්තයාට හැදුණු ලෙඬේ මොකක්දැයි” ඇසූවිට ඔහු කීවේ, “ඒක කිව්වට උඹලට තේරෙන්නේ නෑ. ඉංගිරිසි ලෙඩක්. ඉංගිරිස් අකුරු ඉලක්කම් තියෙන ලෙඩක්” කියා මහත් ආඩම්බරයෙන් පැවසීය.

(තිහගොඩ උපසේන ලියනගම)



අදහස් (0)

නොතේරෙන ලෙඩෙන් ලියන මහත්තයා උදම් වෙලා

ජනහිත Wednesday, 18 January 2017 03:40 AM

දැන් ඉන්න අාදිවාසිකයොත් ඉංග්‍රීසි දන්නා එකේ එ්ක කිවුවා නම් ඉවරනේ "සීනි සීනි, එ්ත් කඩේ නැහැ“ කියලා.

:       0       0

මැගී Monday, 16 January 2017 06:56 PM

තවමත් ඒරොප්පෙට ආවඩන ගතිය අඩුවෙලා නැහැ. ඉංග්‍රීසි කියන්නෙත් තවත් භාෂාවක් කියලා ලිපිකරුවෙක් වෙලත් තේරුම්ගෙන නැති හැඩයි. (නි)

:       0       0

රුවන් Monday, 16 January 2017 09:45 AM

අපේ මිනිස්සුන්ට ඉංග්‍රීසිනම් ලෙඩක් උනත් කමක් නැහැ. (ර)

:       0       0

මහේෂ් Monday, 16 January 2017 02:29 PM

ඕකට හේතුව තනිකරම හීනමානය. නැති ලොකුකමක් ළංකර ගන්න අපේ මිනිස්සු කරන්නේ ඉංග්‍රීසි පොඩ්ඩක් එහෙට මෙහෙට කරන එක. සුද්දා 1948 අපිට නිදහස ලබා දුන්නත් ඒ හදපු කළු සුද්දෝ ටික නම් තවම ඉන්නවා වගෙයි. තමන්ගේ දෙයක වටිනාකමක් නොදන්නා මෙහෙම මෝඩ මිනිස්සු! (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Tuesday, 17 January 2017 05:31 PM

මනස තියෙන්නේ තාම 20 වැනි ශත වර්ෂයේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1502 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1339 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site