(මාවනැල්ල විශේෂ - සමන් විජය බණ්ඩාර)
ළමයාගේ බර කිරන්න ගිහින් ළමයා වඩාගෙන අම්මා බඩු මල්ලත් රැුගෙන බර කිරන යන්ත‍්‍රයට නැගීමේ පුවතක් හෙම්මාතගම රෝහලෙන් අසන්ට ලැබුණි.
සිද්ධිය මෙසේය.
අඟහරුවාදා හෙම්මාතගම සතිපොළ පැවැත්වෙන නිසා මේ කාන්තාවත් අසල ගමක සිට බසයෙන් නගරයට පැමිණ පොළෙන් බඩුද රැගෙන හෙම්මාතගම රෝහලට ගොස් ඇත්තේ තම දරුවාගේ බර කිරීමටය. එහි ගිය ඈ එහි බර කිරන තරාදියට නැග ඇත්තේ සොපින් එකේ දමාගත් බඩුත් ළමයාත් සමගය.
එය දුටු ප‍්‍රධාන වෛද්‍යවරයා එම මවට පිරිස ඉදිරියේ බැණ වැදී ඇති අතර එය දුටු සියලූදෙනා සිනා සුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරගේ ගණිත හැකියාව දුර්වලයි, මුලින්ම දරුවා මව බඩු මල්ල බර මැන, පසුව මව බදු මල්ල මනින්න දන්නේ නැද්ද? අනෙක දොස්තරට තියෙන අයිතිය මොකක්ද මිනිස්සුන්ට බනින්න? පුදුම රෝගයක් මේ සමාජයේ මිනිස්සුන්ට තිබෙන්නේ , ඉගෙන ගත්තු කෙනාගේ මනුස්ස කම නැතිවෙනවා, අධ්‍යාපනය සහ වෘතිය මේ අය හිතන්නේ අනෙක් මිනිස්සුන්ට බන්නින්න පුප්පන්න යොදාගත හැකි මෙවලමක් විදිහට. අනෙක මෙය ජාතික මට්ටමේ පුවත්පතක පලකරන්න තරම් දෙයක්ද? (අ)
මොකද්ද මේ අම්මගෙ වැරැද්ද.? (ර)
දොස්තරගෙ නොදැනුවත් කමට සිනා නොවන්න ගනිත පන්තියකට යන්න කියන්න (නදී)
මමත් හිතනවා දොස්තර මහතා මීට වැඩිය කරුණාවන්ත වියයුතුයි කියලා. අපේ රටේ තමයි දොස්තර වුණ ගමන් ඔලුව අහස උසට උදුම්මවා ගන්නේ! (නි)
සමහර දොස්තරලා ඔහොම තමා (නි)
කුමාරි , කොහොමද බඩුමල්ල බිමින් තියන්නේ? බර කිරල බලනකොට ඒක නැතිවෙලා තියෙයි. දන්නවනේ ලංකාවේ තත්ත්වය (නි)
දොස්තරලා ඉගෙනගන්නේ ජනතාවගේ සල්ලි වලින්. එයාලා දොස්තර වුණාම අහංකාරකමයි අකරුණාවයි තමයි දකින්න තියෙන්නේ. සමහර දෙවිවරු වගේ අයත් හදිසියෙන් ඉන්නවා. ගොඩක් අයට මුල අමතකයි. සමහරුන්ගේ සදාචාරයක් නැහැ සමහර සිදුවීම් ඇහුවහම. (නි)
නියම අම්මා කෙනෙක් කියලා තමයි කියන්න වෙන්නේ, නේද? (නි)
දොස්තර මහ පුදුම කෙනෙක්නේ.බැන්නහම හරියයිද? (නි)
කෙනෙකු අතින් වරදක් සිදුවුණ විට සිනාසෙන එක අපේ අයගේ සිරිතක්ද?දොස්තර කියන්නේ ඔහොම කෙනෙකුටද? (නි)
අහිංසක මිනිස්සු හරි අවබෝධයක් නැතුව එහෙම දේවල් කරනවා. එහෙත් සමහරු කඩාපනිනවා හොඳින් කියන්නේ නැතුව. කාටද හිනාවෙන්න ඕනෑ? (නි)
බර කිරන තැන ප්‍රධානියෙක් හිටියේ නැති එකට දොස්තර බැන්නේ නැද්ද? සිනහවිය යුත්තේ රෝහලේ වැඩටයි. (නි)
දොස්තර මහත්තයා බැන්නා නම් අනුවණ තැනැත්තා ඒ මව නොව දොස්තරයි. තරාදිය උඩ ඒ ළමයා ඉන්න අකමැති බව ඒ මව දන්නවා ඇති. ඒ නිසා කළයුතුව තිබුනේ අම්මා සහ බඩුමල්ල නැවත කිරා බලා ඒ ගණන පළමු ගණනින් අඩුකර දරුවාගේ බර දැනගැනීමයි. (නි)
තමන්ගේ ළමයාට තිබෙන ආදරේට එහෙම කළා වෙන්න ඇති. අම්මලා ආදරය වැඩිකමට ළමයා කොහෙවත් තියන්න ලෝබයි. මම කියන්නේ බොරු නම් ඒ දොස්තර මහත්තයාටයි, අර හිනාවුණ අයටයි ගෙදර ගිහිල්ලා තමන්ගේ අම්මාගෙන් අතීතය ගැන අහන්න කියන්නකෝ. (නි)
මගේ දෝනිට දැන් 24යි. එයාගේ බර කිරුවෙත් පළමුව මමත් දෝණිත්. දෙවනුව මම විතරක් නැගල බර කිරලයි. අර අම්මට එළවලු මල්ල අමතක වෙන්න ඇති. මේ එලොවටත් නැති මෙලොවටත් නැති දොස්තර කෙනෙක්නෙ...(බ)
ඉහතින් අදහස් දක්වා ඇති අය ගැන ඇත්තටම පවු . දොස්තරගේ ගණිත දැනුම වත්, අම්මගේ ආදරේ වත්,දියුණු තාක්ෂණය ගැන වත් , බලන හිටපු අය සිනා වුන එකවත්, දොස්තරට අගෞරව කරලවත් ඔහුව ගණන් පන්ති යවලවත් වැඩක් නෑ. ඒ අම්ම කල්පනා කරලා වැඩ නොකරපු එක නිසා නේද ගැටලුව ඇති වුණේ .(දිල්)
අංක ගණිතය පිළිබඳ සරල ප්‍රශ්නයක්. දොස්තරලාට අංක ගණිතය බැරි නිසා බනින්න ඇති. මව, දරුවා සහ බඩු මල්ලේ මුළු බරින් මවගේ සහ බඩු මල්ලේ බර අඩුකළවිට දරුවාගේ බර තමයි උත්තරය. (නි)
වඩාගන්න තරම් පොඩි දරුවන්ගේ බර කිරන්නේ විශේෂ බෑගයක දාලා එල්ලලා. ඔය කියන විදියට අම්මටත් නඟින්න පුළුවන් බිම් තරාදියක කිරුවා නම් අම්මා කරලා තියෙන්නේ හරි ක්‍රමයට. දෙවනුව දරුවා වෙන කෙනෙක් අතට දීලා අම්මයි බඩු මල්ලයි ඔක්කොම කිරන්න ඕනෑ. මේ දොස්තරට එක්කෝ ගණන් බැහැ.නැත්නම් දොස්තර උණ ඉහට ගහලා. (නි)
අම්මාගේ නොදන්නාකම වෙන්න ඇති.ඒකට ඉතින් බැන්නා නම් දොස්තරගේ තරම වටහාගන්න පුලුවන් අපිට. ගොඩාක් මේ වගේ සායන වල ඉන්නේ පරිණත දොස්තරවරු නෙමෙයි. මම නම් හිතන්නේ නැහැ අවබෝධයක් තිබෙන දොස්තර කෙනෙක් මෙහෙම කරයි කියලා (නි)
ඒ අම්ම නොදන්නා කම වෙන්න ඇති. (ර)
මේ තරම් තාක්‍ෂණය දියුණු ලෝකේ දරුවාගේ, අම්මාගේ සහ බඩු මල්ලේ බර වෙන වෙනම හඳුනාගත හැකි තරාදියක් රෝහලේ නැද්ද? (ර)
ගමගේ, ඔබ හරි. (ර)
නොදැනුවත් කමට සිනා නොවන්න (නදී)
පොඩි ළමයින්ගේ බර කිරන්න ලේසිම ක්‍රමය තමයි ඕක. (ර)