(කළුතර - සුනිල් එස්. තන්ත‍්‍රිආරච්චි)
කාන්තාවකට දුන් ණය මුදලක හිලව්වට ඇයට අයුතු යෝජනාවක් කළ බව කියන පුද්ගලයෙක් උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
තම ස්වාමිපුරුෂයා විදේශගතවී ඇති බවත් තමා සැකකරුගෙන් රුපියල් පනස් දාහක මුදලක් ණයට ගත් අතර ඉන් රුපියල් විසිපන් දාහක් ආපසු දුන් බවත් ඉතිරි රුපියල් විසිපන්දාහ එපා කියමින් ඔහු තමාට ලිංගික තර්ජන කළ බවත් කියමින් එම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබුණි.
සැකකරු තමාට දුරකථනයෙන් කතා කර ඔයාට ණයට දුන් සල්ලි එපා. හොඳ තැනක් තියනවා එතැනට එන්න. මම ත‍්‍රීවීල් එකක් එවනවා යැයි කී බවත් මේ බව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු තවත් අයෙකු සමග පැමිණ තර්ජනය කළ බවත් පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි උතුරු කළුතර පොලිසිය කියයි.
උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අනුර සිල්වා, පොලිස් පරීක්‍ෂක ජයතිස්ස, උප පොලිස් පරීක්‍ෂක පද්මසිරි කුලතුංග, කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අමාල් රත්නායක යන මහත්ම මහත්මීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් ඇයි පිරිමින්ට ණය වෙන්නේ? පිරිමින්ට ණය උනාම ඔහොම දේවල් වෙනවා. (නදී)
සැමියා ඉන්නේ රට නම් රුපියල් විසිපන් දාහක් වත් අතේ නැත්තේ ඇයි? (නදී)
මෙතන සල්ලි ණයට දුන්නේ රංජිත්වත්ද ? (බ)
කවුද දන්නේ කාන්තාව බොරුවට සල්ලි නොදී ඉන්න ඒ වගේ කතාවක් කියනවද කියලා. කොහොම වුණත් දෙන්නවම පොලිසියේ තියන්නයි තිබුණේ (නි)
ඕක නය මුදල නොගෙවා ඉන්න කරපු උප්පරවැට්ටියක් (නදී)
රංජිත්, මේ සිදුවීම ඔබ අනුමත කරනවද....? නැතිනම් ඔබ සල්ලි ණයට දෙන්නේ, මේ ආකාරයට පියවා ගන්න බලාපොරොත්තුව ද....?(හේ)
මුදල් දෙන්න වෙනවට මෙවැනි ගැට ගහනවා. (නදී)
ඔය කතාව ඇහුවම මට මතක් උනා, මගේ යහළුවෙකුගේ බිරිඳට වෙච්ච වැඩක්. මගේ මිතුර විදේශයක රාජකාරි පුහුණුවකට ගියා, මාස 6 ට. යද්දී එයාලා අලුතින් නිවසක් තනමින් හිටියේ. මිත්‍රයාට යන්න උනාට නිවාස තැනීම දිගටම කරගෙන ගියා. මේ අතරේදී රු, 25000/- ක් විතර අඩුපාඩුවෙලා තියෙනවා. මිතුරාගේ බිරිඳ එයාගේ මවත් එක්ක ගිහින් අක්කගේ මහත්තයගෙන් ණයට මුදල් ඉල්ලලා. එයා ණය දෙන්න එකඟ වෙලා. හැබැයි ඇපයට ඉඩම් ඔප්පුවක් තියන්න කියල. සැකයක් හිතන්න දෙයක් නැහැනේ. මස්සිනානේ කියල එය තමන්ට අයත් ඉඩමක ඔප්පුව දීල. පස්සේ නොතාරිස් කෙනෙක් ගාවට ගිහින් ඔප්පුව උගස් තියල ණය මුදල අරන්. මගේ මිත්‍රය ලංකාවට ඇවිත් ඔප්පුවේ උකස අරවන්න ගියාම අර මස්සිනා කියල මම ඉඩමට මුදල් දුන්නේ උකසට නොවෙයි සින්නක්කරේට කියල. ඒවෙනකොටත් ඔප්පුව ලියා පදිංචිවෙලා ඇවිත් තිබුනලු.කොහොම හරි එම ඉඩමේ අයිතිය මිනිහ ගත්තා.එයින් පස්සේ මේ දෙගොල්ලන් අතරේ තිබුණු නෑදෑකම් නැති උනා.ප්‍රධාන පාරක් අයිනේ පර්චස් 20 ක් . එදා වටිනාකම් රු; 300000/- ක් විතර ඇති, අද නම් පර්චස් එක ලක්ෂ 300000/- ක් වෙනවා. හොඳ වෙලාවට නිවස තනමින් තිබුන ඉඩම් ඔප්පුව බැංකුවට උගස් කරලා තිබුනේ කියල මගේ මිතුර අදටත් මතක් කරනවා. නැත්නම් ඒ නරුමය තනමින් තිබුන නිවසත් එක්ක ඉඩම උකසට අරන් මේ විදියට අයිති කර ගන්නවා කියල.ඒකෙන් උනේ මගේ මිතුරාගේ බිරිඳට අයිති ඉඩමයි, ඇයගේ එකම සහෝදරියයි අහිමි වීම විතරයි.ඒ නරුමය දැන් ගමේ මිනිසුන් අතරේ අප්‍රසාදයට පත්වෙමින් ලෙඩ ගානේ ඉන්නවා. (ස)
මෙලනිගේ කතාව හරියට හරි... මමත් එ්ක අනුමත කරනවා. එත් මේ සිද්ධියේ තව පැත්තක් තියෙනව. ගොඩක් වෙලාවට කාන්තාවන් තමන්ගේ රුපය භාවිත කරලා පිරිමින්ගෙන් වාසි ගන්න උත්සහ කරනවා. කාර්යාලදී, මගතොටේදී මේවා ඕන තරම් දකින්න පුළුවන්. ඒ වගේ දේවල් නොකර තමන්ගේ තත්වය ආරක්ෂා කරගෙන ඉන්නවනම් මෙහෙම දේවල් ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. (බ)
මෙලනි කියන විදිහට ණය ඉල්ලුවොත් කවදාවත් ණයක් ගන්න ලැබෙන්නේ නැහැ (නි)
රන්ජිත් ණය දෙන්නේ කාන්තාවන්ට විතරයිද ? (අ)
දැන් කාලය අකාලය වේගෙනයි එන්නේ (නි)
කාන්තාවන් පිරිමින් ගෙන් පුද්ගලිකව ණය ඉල්ලන්න යාමේදී අද කාලයේ පරිස්සම් වෙන්න ඕනා. නොගෙනම බැරි නම් සැමියාත් දුරක නම් තමන්ගේ සහෝදරයෙක් හෝ විශ්වාස කටයුතු ඥාති පිරිමි කෙනෙක් මැදිහත් කරගෙන ඒ දේවල් කර ගන්න තරම් නුවනක් නැද්ද ? එතකොට ඔහොම දේවල් වෙන එක යම් තරමකට හරි අඩු වෙනවා. (නදී)
අප්පච්චියේ මෙතන ණය දීලා තියෙන්නේ රංජිත්ද ? (නදී)
මට පේන්නේ රන්ජිත් ණය දෙන්නේ බවලතුන්ට විතරයි වගේ (නදී)
මෙලනි කියන්නේ කාන්තාවක් නිසා පිරිමින්ව නිතරම අවිශ්වාස කළයුතුයි කියලද? (නි)
ඉෂාන් කියන කතාවේ ඇත්තක් තියෙන්න පුලුවන් (නි)
නය ගෙවන්න වෙනවාට දාපු 64 න් එකක්ද ? (නදී)