IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගරු සරු ලබන්න ගිහින් අතේ පිච්චියටත් තට්ටු වෙයි

විදුහල්පතිගෙන් ගරුසරු ලබන්නට ගිය සිසුවියක නිසා තම පියාගේ අතට තට්ටු වූ පුවතක් වයඹ පළාතට අයත් ගැමි පෙදෙසක පාසලකින් අසන්නට ලැබුණි.
ගම්බද පෙදෙසක් වුවත් පාසල දියුණු කරන්නට විදුහල්පතිවරයාට ඇත්තේ දැඩි අවශ්‍යතාවයකි.
මේ නිසා මවුපියන්ට බරක් නොදී දන්නා හඳුනන දානපතියන් හා පරිත්‍යාගශීලින්ගේ උදව් උපකාර ඇතිව පාසලේ අඩුපාඩු රැසක් සපුරා දීමට ඔහු පියවර ගත්තේය.
ඒ අනුව පාසලට අවැසි තූර්ය වාදක භාණ්ඩ, සංගීත භාණ්ඩ ලබා ගැනීමටත් අවිධිමත් පාසල් වැට අංග සම්පූර්ණයෙන් හදන්නට හා ක්‍රීඩා පිටිය  නිසි ලෙසට සකසා දීමට හැකි විය.
දන්නා හඳුනන පරිත්‍යාගශීලින් පාසලට රැගෙන එන ලෙසට විදුහල්පතිවරයා මවුපියන් ද දැනුවත් කළේය.
ඒ අතරේ පාසලට පුස්තකාලයක් ඉදිකරන්නට පටන් ගත්තේය. එහි වැඩ නිමවී ඇතත් දැනුම වඩන්නට කියවීමට අවැසි පොත් ගෙන ඒමට මුදලක් නැතිව ගුරුවරු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
මෙම පාසලේ ඉගෙනුම ලබන දියණියකගේ පියා සේවය කරන්නේ වෙනත් ප්‍රදේශයක රාජ්‍ය ආයතනයකය. ඔහු පාසලේ පුස්තකාලයට උදව් උපකාර කරන අයගේ පිහිට පැතුවේය.
එහි දී ඔහුගේ මිතුරා අන් අයට උදව් උපකාර කරන හිතවතකු හඳුන්වා දුන්නේය. ඒ දුරකතනය ඔස්සේය.
“මචං පාසලේ පුස්තකාලයට පොත් ටිකක් අඩු පාඩු තියෙනවා. අරන් දෙන්න පුළුවන්ද. මගේ යහළුවකුගේ දුව ඒ පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. ඒ දුවගේ ඉල්ලීමක් ඉටු කරන්නට උදව් කරනවාද ? ඔහු ඇසුවේ තම හිතවතා ද අසල රඳවාගෙනය.


“ඔච්චර උදව් කරන එකේ ඕක මොකක්ද මට. දැන් නිවාඩු කාලයනේ. පාසල පටන් ගත්තාම අරගෙන දෙමු.” එම සගාය ද පැකිලීමකින් තොරව පිළිතුරු දුන්නේය.
දුවගේ පියාගේ ඉහේ මලක් පිපුණි. ඒ කතාව ඔහු තම දියණියට කීවේය.
පාසල පටන් ගත්දාම දියණිය පාසලේ පුස්තකාලයට අවශ්‍ය පොත් ටික අරන් දෙන්න උදව් කරන්න කෙනෙක් ඉන්නවා. සිසුවිය විදුහල්පතිට කීවාය.
විදුහල්පතිවරයා ඒ කතාව රැස්වීමේ කීවේය. සියලු දෙනා අත්පොළසන් දෙමින් ඇයගේ උත්සහාය ඇගයීමට ලක් කළහ.
 පුස්තකාලය විවෘත කිරීමේ උත්සවය දින ටිකෙන් ටික ළං විය. නමුත් පොරොන්දු හිතවතා පොත් අරන් දෙන පාටක් නැත.
ඉන් දියණිය දැඩි අසරණතාවයකට පත්ව සිටියාය.
තමා නිසා දුවගේ අසරණ භාවය දුටු පියා නගරයට ගියේය. රුපියල් 25,000 ක පමණ වටිනාකමින් යුත් පොත් කට්ටලයක් ගෙනාවේය. එය උත්සව අවස්ථාවේ දී පාසල් පුස්තකාලයටම ගොස් බාර දුන්නේය.
‘‘පරිත්‍යාග කළ අය පසුව එන්නම් කීවා. එතෙක් අවැසි වේලාවට පොත් ටික මම අරන් ආවා.’’ දරුවාගේ පියා කීවේය.
විදුහල්පතිවරයා දියණිය ද ඉදිරියට කැඳවා නැවතත් ඇගයීමට ලක් කොට පොත් ටික බාර ගත්තේය.
පියා ගෙදර ගියේය. බිරිය යකින්නක් මෙන් සැමියාගේ ඇඟට පැන්නාය.
ඒ සැමියා දුවගේ මල්වර වීමේ උත්සවය නෑයින් දුන් අත් පලඳනාව උකසට තබා පොත් ගෙනැත් ඇති බව දැන ගැනීමෙනි.
‘‘කෑ ගහන්න එපා. ඒක දුවට දැන ගන්නට තියන්නත් එපා. මම කොහොම හරි ඒක බේරලා දෙන්නම්’’ සැමියා පැවසුවාය.
“අතේ පිච්චිය නැතිව කට වාචාල කමට දොඩ වන්නට ගිහින් අප්පටයි, දුවටයි ඔහොම වෙලා මදි” යැයි බිරිය නැවතත් ගෝරනාඩු කරද්දී ඇය සන්සුන් කරන්නට සැමියා උත්සහ කළේ සිද්ධිය අවට අයට ඇසීම වළක්වන්නටලු.



අදහස් (0)

ගරු සරු ලබන්න ගිහින් අතේ පිච්චියටත් තට්ටු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site