උසස් පෙළ ඉගෙනගන්නා සිසුවෙකි. සොහොයුරු සොහොයුරියන් කිහිප දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලාය. සිසුවාගේ ඇඳුම් සියල්ල සෝදා පිරිසිදු කරන්නේ මව විසිනි. දිනක් ඔහුගේ පාසල් නිල ඇඳුමේ කමිසයේ කහට පැල්ලමක් ගෑවිණි. කමිසය මවට දුන් ඔහු ”අම්මේ මේ කහට පැල්ලම යන්න හොඳට හෝදලා දාන්න, හෙට ස්කෝලේ අඳින්න ඕනෑ යැයි පැවැසීය. මව කමිසය අනෙක් ඇඳුම් සමග සේදුවත් පැල්ලම යැවීමට නොහැකි විය. උදෑසන පාසලට යෑම සඳහා, සිසුවා තම කමිසය හැඳීමට සූදානම්වී පැල්ලම හරිහැටි ඉවත්ව නොතිබුණු බව දැක කෝපයට පත්ව, ”බලන්න අම්මාට මේ ෂර්ට් එකවත් හරියට හෝදන්න බැරි වුණානේ. පැල්ලම ගිහිල්ලා නැහැ. ඔය වගේ පොඩි දෙයක් වත් කරලා දෙන්න බැරිද? මම කොහොමද මේක ඇඳගෙන යන්නේ. කියමින් දෝෂාරෝපණය කරන්නට විය.
මම පුළුවන් විදියට සබන් දාලා දෙපාරක් තුන්පාරක් ඇතිල්ලූවා පුතේ. ඒත් පැල්ලම ගියේ නැහැ. මව පැවසුවාය. එදා සිට පුතා තම මව සමග කතා කිරීම අතහැර දැමීය. ඇය පිළියෙළ කරන ආහාර අනුභව කළත් මව හා වචනයක් කථා නොකර සිටීමට තරම් ඔහුගේ සිත ගලක් විය. වසර කිහිපයක් ගත විය. ඔහු විශ්ව විද්‍යාලයට තේරී පත්වී, උපාධිය ද සමත්ව උසස් රැුකියාවක් ද ලබාගත හැකි විය.
තම සොහොයුරු සොහොයුරියන් සමග කථාබහ කළත් දැනට අසනීපයෙන් පසුවන මව හා තවමත් කථා නොකරන බව මේ කුඩා දිවයිනෙන් වාර්තා වේ.
ක‍්‍රිස්ටෝපර් සීපියන් - අනුරාධපුරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර උසස් සිංහල ගුරුට හැඳුන අසනීපෙට සමාන රෝග ලක්ෂණ ඇත (නදී)
අනේ උගත් කම. අර සිංහල මාස්ටර් වගේ පොරක් වෙන්න ඇති (නදී)
මට නම් හිතෙන්නේ නෑ මේ කතාව 100%ක් ම ඇත්ත කියලා. සමහරවිට ඔයිට වඩා ලොකු රණ්ඩු ඔය මවයි පුතයි අතර වෙන්න ඇති. පැහැදිලිවම ඔය කතාවේ එක පැත්තක් පමණක් බව බුද්ධියෙන් බලන කෙනෙක්ට තේරෙනවා. නමුත් අම්ම තාත්තා සමග කතා නොකර සිටීම නම් අනුමත කරන්න බෑ.(නදී)
මෙහම අය අප දුක් විදිනවා අපි දැකල තියෙනවා මේ ලොකේදිම පරිසන් දෙනවා (ම)
වදාපු අම්මා සමඟ කතා නොකර ඉන්නේ කොහොමද? (ම)
මෙවැනි දරුවන්ට තවත් ඉර පායනවාද? (ම)
රස්සාවෙනුත් අස්කරලා දාන්න ඕනේ (නදී)
දස මසක් කුසේ දරාගෙන මෙලොවට බිහිකර, ලේ කිරිකර පොවා දැඩි කල මවට සලකන්නේ මෙහෙමද ? මෙහෙමත් පුතෙක්.මිනිස් කමටත් නින්දාවක්. (නදී)
මෙයාගේ තිබෙන උගත්කම මොකක්ද.මෙයාගේ දරුවොත් දවසක මෙයාට මේ වගේ දේවල් කරන්න ඕනේ .එතකොට එයාගේ පව්කාර කම තේරෙවි (ම)
දැන් කල වයසත් හරි නිසා මම යෝජනා කරන්නේ මේ පුතාට රෙදි සෝදන යන්ත්‍රයක් සඳහා මංගල දැන්වීමක් පල කරන්න කියලා. අපේ රටේ අම්මලා තමයි පුතාලව නරක් කරන්නේ. කසාද බඳින කම් රෙදි ටික සෝදලා දෙනවා. අන්තිමේ අලුත් ලේලී පුතාගේ රෙදි සෝදන්න පටන් ගත්තාම එතනත් ප්‍රශ්නයක්. මම මගේ පුතාට අවරුදු 8 ඉඳන්ම තමන්ගේ ඇඳුම් සෝදා ගන්න පුරුදු කරලා තියෙන්නේ. මමත් උදව් කරනවා රෙදි ගොඩ වැඩි වුන දාට. නමුත් ළමයා සාමාන්‍යයෙන් තනියම ඇඳුම් සෝදා ගන්නවා. (නදී)
තමන් වදපු මාව හඳුනන්නට බැරි එකෙක් තව කවුරු හඳුනා ගන්නද ? (ම)
අර සිංහල මාස්ටර් වගේ කෙනෙක් පොරක් වෙන්න ඇති. එයාගෙන් ඉගෙන ගත්තු එක්කෙනෙක්ද දන්නේ නැහැ. ඔය වගේ අයට තමයි කියන්නේ නොට්ටිගේ පුතා කියල.(නදී)
විශ්වාස කරන්න අමාරු දෙයක් ...(බ)
අනිවාර්යෙන්ම උසස් පෙළ විද්‍යාව අංශයෙන් කරන කෙනෙක් වෙන්න ඇති (නදී)
ගුණසේකර ගේ කතාව හරියට හරි. (නදී)
ඔය කුඩා දිවයිනේ පමණක් නොව කුඩා දිවයිනෙන් පිටත, පිටරට වල ජීවත් වෙන සමහර උගත් යැයි කියන තරුණ පරම්පරාව ගැන කතාකරලා වැඩක් නැහැ.මේ ළඟකදී ලන්ඩන් වල ජීවත් වෙන අප දන්නා පවුලක ගැහැණු දරුවෙක් තමාගේ අම්මට සැලකුවේ බල්ලෙකුටත් අන්ත විදිහට.අම්මගෙන් වැරදිලා, තමුන්ගේ අඩුපාඩුවකට පිටවූන වචනයක් අල්ලාගෙනයි.ජීවිත කාලයක් පුරාවටම කරපු කැපකිරීම් විඳපු අනන්ත දුක්,පීඩා ගැන කිසිම තැකීමක් නැහැ.අසරණ අම්මා පන්සල් ගානේ යනවා හිත හදාගන්න.අපි පිට රටවල් වල ජීවත් උනත් ගෙදර බුදුන් අම්මා කියලා අම්මාගේ අගය මේ දරුවනට කියලා දුන්නත් සත පහක වැඩක් උනේ නැහැ. (හේ)
අම්මගේ අගේ දන්නේ නැති පුතෙක් ඉගෙන ගෙන තිබුණාට මොලේ හොඳ නෑ (ම)
මේ වගේ එවුන් ලග තිරිසන් සතෙක් වත් ගැවසෙන්නේ නැහැ මොවුන්ගේ පවුකාර කමට.(නදී)
මෙයා මානසික රෝගියෙක් වහාම මානසික වෛද්‍ය වරයකුට පෙන්වල ප්‍රතිකාර නොකලොත් තත්වය ඉදිරියට දරුණු වේවි (නදී)
පුදුම ළමයි තමයි.පොඩි දේකට තම මවට එතරම් දඩුවමක්.(හේ)
සිංහල මාස්ටර් අම්මට සැලකුවේ නැතුවට අම්ම ගැන පොතක් ලිව්වා .(ම)
මුළු ජිවිතකාලයම දුක් විඳලා දරුවෝ හැදුවට පස්සේ එයාලගේ කර තිබුණා තැනට ඉහ ආවම අම්මලා තාත්තලාව සත පහකට ගණන් නොගන්න දරුවෝ කොටසක් මේ ලෝකේ ඉන්නවා කියල බොහොම කනගාටුවෙන් වුණත් අපිටත් කියන්න වෙනවා !(ම)