(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
තම කුලී නිවසේ දෛනිකව එක්රැස්වන කැළි කසළ බැහර කිරීමට නව ක්‍රමයක් සොයාගත් නව යොවුන් යුවළක් තම කට පරිස්සම් කරගැනීමට නොහැකිවීමෙන් කුලී නිවසින් ඉවත් වන්නැයි ද අනතුරු ඇඟවීමේ පුවතක් කටුගස්තොට නගරාසන්න ගමකින් වාර්තා වේ.
ඔහු මහනුවර ප්‍රදේශයේ රජයේ රැකියාවක නියුතු අතර ඇය දිගන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරතවී සිටින්නීය. විවාහයෙන් පසු කටුගස්තොට නගරාසන්න ගම්මානයක කුලී නිවසකට පදිංචියට පැමිණ තවමත් ගතවී ඇත්තේ දෙමාසයකටත් අඩු කාලයකි.
ජල විදුලි මාර්ග සියලු පහසුකම්වලින් සමන්විත නිවසේ ඔවුනට වූ ප්‍රධානතම ගැටලුව වී තිබුණේ දෛනිකව නිවසේ එක්රැස් වන කැළි කසළ බැහැර කිරීමට විධිමත් ක්‍රමයක් නොමැතිවීමයි.
නිවෙස් හිමියන් ගෙවත්තේ කැළි කසළ බැහැර කිරීමට නොදීමත් එක්රැස් වන කැළි කසළ බෑගයක හෝ දමා නගරයේ කැළි කසළ එක්රැස් කරන ස්ථානයකට ගෙන ගොස් දැමීමත් ඔවුනට මහත් හිසරදයක් මෙන් විය.
මීට විකල්පයක් කල්පනා කළ ඔවුනට පහළ වූ කදිම විසඳුම වූයේ එසේ එක්රැස් වන කැළි කසළ මල්ලක දමා ඉවතලන හාල්මැස්සන් හෝ කරවල, මාළු වැනි පිළිහුඩු ස්වල්පයක් දමා රාත්‍රී කාලයේ ගැට ගසා නිවස ආසන්න මාර්ගය අයිනේ තැබීමට පමණකි.
පිළිහුඩු ගඳට ලොල් වූ දඩාවතේ යන සුනඛයින් ඒ මල්ල දෛනිකව රැගෙන යාම නිසා ඔවුනට කැළි කසළ ප්‍රශ්නය තවත් ප්‍රශ්නයක් නොවූ නමුත් තම නව සොයාගැනීම පිළිබඳව ඔවුන් තම සේවා ස්ථානවල මිතුරු මිතුරියන්ට පැවැසීමෙන් අනතුරුව එය කෙසේ හෝ නිවෙස් හිමියන්ට ද කන වැකී ඇත්තේ ඔවුන් දෙදෙනාට ද තවත් ප්‍රශ්නයක් ඇති කරවමින්ය.
අදාළ ක්‍රියාව වහා නතර කිරීමට පියවර නොගතහොත් කුලී නිවෙසින් වහා පිටවන ලෙසට නිවෙස් හිමියන් පැවැසීම නිසා එම යුවළ මේ දිනවල කබලෙන් ලිපට වැටී ඇති තත්ත්වයකට පත්ව ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක වැඩ කරාට පාරේනේ කුණු දාන්නේ. අසල්වැසියෝ කරන්නේ මොකක්ද කියලා බලලා හොර වැඩක් නොකරා නම් හොඳයි නේ.
හොර වැඩත් කරලා, තව තැන, තැන පම්පෝරිත් ගහනවා. පුදුම වෙන්න දෙයකුත් නැහැ ඉතින්... ලංකාවනේ.
කොළඹ විතරක් නෙමෙයි නුවර, ගාල්ල, මාතර නගරාසන්න නිවාස හිමියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක... පර්චස් 6-7 ඉඩම පුරා ගේ හදලා කුණුවලක් කපන්න තැනක් නැහැ. නගර සභාවෙන් කුණු ලොරිය එන්නෙත් සතියට දවසයි. සමහරවිට එහෙමත් නැහැ. කුණු ගෙනියන දවසට ගෙදර ඉඳලා ලොරියට ගිහින් නුදුන්නොත් අරන් යන්නෙත් නැහැ. වරිපනම් වැඩි කරලා හරි පිළිවෙලට මේක එකතු කරනවා නම් මිනිස්සු තැනතැන කුණු දාන්නෙ නැහැ.
විධායක අංශය රැකියා කළාට හරිම පෙරේත විදියට ජීවත් වෙන දෙන්නෙක් වගේ...... ගෙදරින් විතරක් නෙමෙයි ඔය පළාතෙන් ම එලවන්න ඕනේ, දැනටම මුළු පළාතම ගඳගස්සවලා ඇති......
අපිටත් තියෙන්නේ මේ ප්‍රශ්ණයම තමයි. කුණු ලොරිය එන්නේ සතියකට, නැත්නම් සති දෙහෙකට සැරයක්. සමහර කාල වලට මාස ගණන් එන්නේ නෑ. එන දවසටත් අපි ගෙදර නෑ. ළගපාතක දාන්න තැනකුත් නෑ. පාරේ අයිනේ ගේ ඉස්සරහා සමහර දවස් වලට කුණු එක තියලා යනවා ලොරියෙන් ඒක අරන් යයි හිතලා, නමුත් සමහර දවස් වලට ඒක අරගෙන යන්නෙත් නෑ. දැන් අපි කරන්නේ ඒක නිසා දිරණ ජාති වත්තේ වලලනවා කුණු වළක් කපලා, අනෙක් නොදිරන කුණු විතරක් එකතු කරලා ආවම දෙනවා. මේකට විසදුමක් ආණ්ඩුව ඉක්මනින්ම හොයන්න ඕනේ. මේ කුණු ප්‍රශ්ණය හැමෝටම වගේ ලොකු ප්‍රශ්ණයක්.
අපේ රටේ කුණු ප්‍රශ්නයට එකම විසඳුම නම් මාර්ගය දෙපස කුණු දැමීමට භාජන සවි කිරීමයි. එවිට මිනිස්සුන්ට පාරේ හැමතැනම දැමීමට අවශ්‍ය නැත.. එහෙත් ඒවා වර්ග කර දැමීමද අවශ්‍ය වේ.