IMG-LOGO

අසල්වාසීන්ගේ විරසකය බිඳින්න අපූරු උපායක්

තම නිවසට එහා ගෙදරින් ආ ඝෝෂාකාරී හඬ නැවැත්වීමට නීතිමය ක‍්‍රියාමාර්ග පවා ගෙන ඵලක් නැතිවූ විට ඔහු යෙදු අමුතු උපායක් නිසා එය නැවතීමේ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ හක්මන ප‍්‍රදේශයෙනි.

එකම තාප්පයෙන් වෙන්ව තිබූ එහා නිවසේ කැසට් සංගීතය මෙහා ගෙදර අයට කරදරයක් වූයේ එය දිනපතාම උස් හඬින් දිවා රෑ නොබලා ක‍්‍රියාත්මක වීම නිසාය.
මීට එරෙහිව විවිධ ක‍්‍රියාමාර්ග ගැනීම නිසා පවුල්  දෙක අතර මහ ගැටුම් නිර්මාණ වූ අතර ගතුකියමින් මෙය අවුළුවන්නෝද වූහ.

එවන් කෙනෙක් පසුගියදා මේ නිවෙසට පැමිණ එහා නිවෙසට චෝදනා නඟනවිට ගෙහිමියා කීවේ ‘‘ඒ හඬ ඇත්තටම හොඳය. බලන්න කවදාවත් ගෙඩි නැතිව තිබුණු දෙහි ගහේ ගෙඩි හැදිලා. ඒ පැත්තෙ අඹගහේ ගෙඩි පිරිලා. ඔය හඬට ගස්වල ගෙඩි හැදෙනවලූ නේ’’ යන්නය.

පසුවදාම කැසට් හඬ නැවතුනේ කේලමා ඒ ගැන එහා ගෙදරට කී නිසාලූ.



අදහස් (0)

අසල්වාසීන්ගේ විරසකය බිඳින්න අපූරු උපායක්

පහන්දී Tuesday, 27 May 2014 07:10 PM

ඔව් පිටිගල, මමත් අහලා තියෙනවා මිනිස් හඩ ඇසෙන තරමට පොල් පලදාව වැඩියි කියලා. අත්හදා බලා අපිට ප්‍රතිඵල කියන්නකෝ (නි)

:       0       0

පද්මේන් Wednesday, 28 May 2014 01:25 PM

ගයානි ගුගල් එකේ බලන්න. ටෝකින් ටු ප්ලාන්ට්ස් කියල ටයිප් කරන්න. (නදී)

:       0       0

කුමාරි Thursday, 29 May 2014 12:27 AM

කොහොම වුණත් අසල්වැසියා නුවනත්තෙක්. ඇත්තටම ගෙඩි හට ගන්නේ නැති ගහක් ලගට ගිහින් ආදරෙන් ගහ පිරිමඩල ගෙඩි ඉල්ලන්න, අනිවාර්යෙන් ලැබෙනවා.අත්දැකීමෙන් කියන්නේ.හැබැයි හදවතින්ම කරන්න ඕන වැඩක්. (අ)

:       0       0

සමන් Tuesday, 27 May 2014 09:39 AM

ඒ කියන්නේ අපි තවමත් ඉන්නේ තුන්වන ලෝකයටත් පහල රටක් විදියටද? (නදී)

:       0       0

චින්තක Tuesday, 27 May 2014 10:28 AM

ඇයි සමන් එහෙම අහන්නේ ? (නදී)

:       0       0

සමන් Tuesday, 27 May 2014 11:17 AM

අය්යෝ චින්තක ඒකවත් තේරෙන්නේ නැති හැටි (දිල්)

:       0       0

සමන්ත Wednesday, 28 May 2014 12:23 AM

සමන්ට මම හිස නමා ආචාර කරනවා. ඔබගේ ආරම්භය ඉතා වැදගත් (නි)

:       0       0

මනෝරි Thursday, 29 May 2014 08:56 AM

මෝල් ගහෙනුත් ගෙඩි ගන්න පුලුවන් ඔය විදිහට. (ස)

:       0       0

නිශාන් Wednesday, 28 May 2014 03:05 PM

චන්දේ කාලෙට දේශපාලකයන් කෑ ගහන තරමට තණකොළ වල ගෙඩි හැදේවි. (ස)

:       0       0

ශාන්ති Wednesday, 28 May 2014 01:40 AM

පිටිගල මහත්තයට ඔච්චර ලොකු දඩුවමක් දෙන්නේ ඇයි? හැම ගහක් ගාවටම යන්නේ නැතුව හරියට වත්ත මැදම ඉඳගෙන හයියෙන් සිංදු කියන්න (නි)

:       0       0

ප්‍රේමකුමාර Tuesday, 27 May 2014 12:28 PM

මට මේ කතාව තේරුනේ නෑ. (ස)

:       0       0

ගයානි Wednesday, 28 May 2014 08:44 AM

මේ ක්‍රමය ට මල් පැල වල මල හදා ගන්නත් පුලුවන්ද දන්නේ නැහැ. අත්දැකීමෙන් දන්නා කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ. (ස)

:       0       0

රාමා Tuesday, 27 May 2014 03:09 PM

ඇත්තටම සද්දේ වැඩි උනාම පලදාව වැඩි වෙනවා, ඔය පන්ති ළඟ ගස්වල පලදාව වැඩි ඒ නිසා. (ස)

:       0       0

ප්‍රේමලතා Tuesday, 27 May 2014 03:28 PM

අනේ අනේ ප්‍රේමකුමාර... (ස)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 28 May 2014 10:16 AM

මල් පිබිදීමට සහ පල හටගැනීමට ගස්වලට හැමදා උදේට ආදරෙන් කතාකළ යුතුයි. පලදාව වැඩි කිරීමට ශබ්දය බලපානවා. මම මෙය අත්දැකීමෙන් කියන්නේ . (නදී)

:       0       0

හේමන්ත Wednesday, 28 May 2014 10:36 AM

එල්ලුම් ගහ ළහ කට හඩ නැති එක හොදට ගියා. (නදී)

:       0       0

චමිලා Wednesday, 28 May 2014 07:22 PM

පිටිගල, ඔච්චර කරදර වෙන්න එපා. ශබ්ද විකාශන යන්ත්‍රයක් බදින්න එක පොල් ගහක. හැමදාම පැය දෙකක් සිඩී එකක් දාන්න. ඔයාට කැමතිනම් දේශපාලඥයෙකුගේ කතාවක් දාන්නත් පුළුවන් (නි)

:       0       0

පිටිගල Tuesday, 27 May 2014 04:48 PM

හොඳට ගෙඩි හැදෙන්නේ නැති පොල් වත්තක්ම තියෙනවා, කරගන්න දෙයක් නැතුව. විකුණන්නත් බැහැ. මේකවත් කරලා බලන්න ඕන. (ස)

:       0       0

පහන්දී Wednesday, 28 May 2014 11:28 AM

හේමන්තගේ මොලේ තමයි මොලේ ..........? (ස)

:       0       0

පහන්දී Wednesday, 28 May 2014 07:56 PM

චමිලා, ඔයා පිටිගලත් එක්ක මොකක්හරි තරහක් තියෙනවද?දේශපාලඥයෙක්ගේ කතාවක් දාන්න කියන්නේ...? (නි)

:       0       0

පද්මිණි Tuesday, 27 May 2014 05:58 PM

පිටිගල, ඔයාට පොල් කෑල්ලක් විතරද තියෙන්නේ? රබර් කෑල්ලක් නැද්ද? හැබැයි ඉතින්, ගස් වැල් වලටත් මිනිසුන්ට වගේම ආදරය,කරුණාව ඕනෑ. පිටිගල ,ඔය දන්නා සිංදු ටිකක් හයියෙන් කියන්න. (නි)

:       0       0

අසෝකා Tuesday, 27 May 2014 06:29 PM

හොඳට කටහඩවල් ඇසෙන තැන්වල ගස්වැල් ගෙඩි බොහෝ හටගන්නවා. ඉස්සර අපි කටපාඩම් කරන දේවල් කටපාඩම් කරන්නේ පළතුරු ගස් යටට ගිහින්. එතකොට හොඳ මතකයකුත් තියෙනවා. දැන් පිටිගලට සිද්ධ වෙනවා පොල්වත්තේ හැම ගහක් යටටම ගිහින් හැමදාම කතා කරන්න. අත්හදා බලන්නත් එක්ක හොදයි. මාස හයකින් අපිට ප්‍රතිඵලත් කියලා එවන්න හො‍ඳේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site