මාතර මඩිහ ප්‍රදේශයේ නේවාසික පොල් ඉඩමකි. වසර පහකට පමණ පෙර පොල් වගාවට සම්බන්ධ නිලධාරියෙක් එහි පොල්ගස් පරික්ෂා කර බලා එක් ගසක් රෝගී බව පවසා සලකුණු කර ගියත් ඔහු යළි නොපැමිණි නිසා ඉඩම් හිමියා එය කපා දැම්මේය.

ඉන් පසුවද මේ ගැන කිසිවකු සොයා නොබැලුවත් පසුගියදා ඉඩම් හිමියා රාජකාරි සඳහා ගොස් සිටි අවස්ථාවක බිරිඳ දුරකථන ඇමතුමකින් කීවේ නිලධාරියකු පැමිණ පොල්ගස් තුනක් මැරීම සඳහා බේත් එන්නත් කරන බවය.
වහා ඉඩමට ආ ඔහුට දෙවියන් සිහි වූයේ කිසිදු රෝගයක් නැතැයි සැලකූ සරු සාර ගස් තුනක්ම මරා දැමීමට කටයුතු කර ඇති හෙයිනි.
මෙය වැරදීමක් බව ඔහු නිලධාරියාට කීවත් නිලධාරියා දිගින් දිගටම තර්ක කළද පසුව හේතුසාධක විමසීමේදී මේ තමාගේම නම ඇති අසල් වැසියකුගේ ඉඩමක් පටලවා ගෙන මෙහි පැමිණි බව තහවුරු විය.
අවසානයේදී නිලධාරියා සමාව ඉල්ලුවත් ඉඩම් හිමියා ඊට එකඟ නොවූ අතර ගස් තුන සඳහා වන්දි මුදල් හා නිරෝගී පොල් පැළ තුනක් දීමේ එකඟතාව ඇතිවත් ඔහුගේ 
රැකියාවට මෙය බලපාන නිසාත් කටයුතු සමථයකට පත්කර ගත්තාලු.
(තිහගොඩ උපසේන ලියනගම)
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අනුන්ගේ පව් තමන් කර පිට දැම්මාට ඉඩම් හිමියාට යකා නගී