(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ප්‍රකට පාසලක සේවය කොට විශ්‍රාම ලද ගුරුවරයෙකි. දුව පේරාදෙණිය සරසවියේ උගත් අතර පුතා අගනුවර තාක්‍ෂණික ආයතනයක ඉගෙනුම ලැබුවේය. පසුගියදා පුතා තාත්තාට දුරකථන ඇමතුමක් දුන්නේ තම ආයතනයේ සංස්කෘතික වැඩ සටහනක් සඳහා රුපියල් පන්දහසක් කඩිනමින් එවන ලෙසටය. කෝපයට පත් පියා ඔය විකාරවලට මුදල් නැතැයි කියා ඇමතුම විසන්ධි කළේය.
පසුගියදා දුව මවට කතා කොට “තාත්ත මල්ලිට සිත් රිදෙන කතාවක් කිව්වද ඔන්න එයාගේ ෆේස් බුක් එකේ හිර කුටියක එයා අඬන ෆෝටෝ එකක් දාලා කීවෙන් මවට තරු පෙනිණි.
සැමියාගෙන් තොරතුරු දැනගත් ඇය “දෙන්නනෙ තිබුණේ” කියා නැවත “දරුව මොන වින්නැහියක් කරගෙනද දන්නෙ නෑ” කීමෙන් ඔහු මුදලත් රැගෙන කඩිනමින් කොළඹ ගියේ මහත් සිත්වේදනා මැදය.
මෙය අක්කා සහ මල්ලී එක්ව කළ කුමන්ත්‍රණයක් බව මේ මවුපියන් තවමත් දන්නේ නැතිලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැම තැනකම ලමයි වංචාවල් කරනවා.(හේ)
වරද ළමුන්ගේ නොව සමාජයේයි. මේ පිරිහුණු සමාජයෙන් ගුණගරුක පුරවැසියෙකු බිහිකරගැනීම අති දුෂ්කරය. ආගමික නායකයන්, දේශපාලකයන්, මාධ්‍ය හා වැඩිහිටියන්ගෙන් ළමුන්ට ආදර්ශයට ගත හැකි කිසිවෙක් නැත. එසේ වුවාය කියා දෙමාපියන්ටද ඇඟ බේරාගත නොහැක. (නි)
අර දෙමවුපියෝ දරු කැක්කුමෙන් විඳවන්න ඇති. ඒ අතරේ හෘදයාබාධයක්වත් හැදුනා නම් කොච්චර පවුද? අන්තිම පහත් ගති ඇති දරුවෝ දෙන්නෙක්නෙ. මට දුක ඒ තාත්තා ගැන. (නි)
විශ්‍රාමික ගුරු මහතකුගේ උගත් දුවත්, පුතාත් ලැජ්ජා වියයුතුයි, තම දෙමව්පිය දෙදෙනා මෙවැනි අපහසුවකට පත්කිරීම ගැන. අපි පාසල් යන කාලයේ 1955-1970 මගේ දෙමව්පියන් මට දිනකට දෙන ශත 05- 10 ත් සමහරවිට ඉතුරු කරගෙන ඒවායින් වසර අවසානයට සපත්තු කුට්ටමක් ගැනීමට යොදාගන්නවා. (නි)
ලැජ්ජයි මොවුන් ගැන! (නි)
පව් අහිංසක අම්මා තාත්තා. දරුවන් නොවේ මේ දෙමාපියන්ගේ මරුවන්.... (නි)
මව්පිය සෙනෙහස අවමානයකට ලක් කළ මේ අයට ඥානය පහළ වේවා! (නි)
අද කාලේ හැදෙන ළමයි ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
ඉල්ලලා තියෙන්නේ පන් දහසක්. හිරේ ගියා කියලා බොරු කියලා නෑ. තමන්ගේ වේදනාව ෆේස් බුක් එකේ දාලා. මෙතන කිසිම කුමන්ත්‍රණයක් නෑ.(රේ)
ගොඩාක් පවුල් වල උගත් දූ දරුවන් අද මෙවැනි පහත් තත්වයකට පත් වී ඇත. ඔවුන්ට අපහසුතා විඳ දරාගෙන උගන්වන ලද දෙමව්පියන්ට විවිධ ආකාරයේ ගැහැට සිදුකර අනාථ තත්වයකට පත්කර දැමීම අද කාලේ උගත් දූ දරුවන්ගේ මෝස්තරයක් බවට පත් වී ඇත. උගත්කම සමඟම ගුණවත්කමද දූ දරුවන්ට ලබාදීමට අද කාලේ දෙමව්පියන් වෙහෙස නොගැනීම මෙයට ප්‍රධාන හේතුවක් බවට පත් වී තිබේ. (නි)
රුපියල් පනස්දාහකට මවුපිය සෙනෙහසට නිගා කළ දරුවනි, නුඹලාගේ උගත්කම කුමටද? (නි)