IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


15 වියැති පෙම්වතිය 22 වියැති පෙම්වතා සමග කැලේට පැන ගිහින්

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
බාල වයස්කාර දැරියක් මහනුවර සිට නිකවැරටියේ සිටින පෙම්වතා සොයා ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ පෙම්වතාගේ  මව දැරියගේ මවුපියන් කැඳවා බාරදීමට උත්සාහ කළ අවස්ථාවේ අසල වූ කැලයට වැද දැරිය පෙම්වතා සමග පලායාමේ පුවතක් නිකවැරටිය පොලිසියෙන් වාර්තා විය.


පහළොස් වියැති දැරිය මහනුවර නගරයට යන බව පවසා නිවසින් පැමිණ නිකවැරටියේ සිටි තම පෙම්වතා (22) සොයාගෙන ඔහුගේ  නිවසට පැමිණ ඇත. පෙම්වතාගේ මවුපියන් වහා දැරියගේ මවුපියන්ට මේ බව දැනුම් දී දැරිය රැගෙන යන ලෙස දැනුම් දී ඇත. පසුව දැරියගේ මවුපියන් ත්‍රිරෝද රථයකින් එම නිවසට යෑමට කතිකා කරමින් සිටින අවස්ථාවේ පෙම්වතා සහ දැරිය නිවසින් අතුරුදන්ව ඇති බව දැනගෙන ඇත.


නිවස පිටුපස ඇති කැලයට වැද පෙම්වතා සහ දැරිය පලාගොස්  ඇතැයි දැනගත් දෙපාර්ශ්ව මවුපියන් කැලය පීරමින් දරුවන් සොයා ඇති නමුදු ඔවුන් හමුවී නැති අතර පසුව ඔවුන් පොලිසියට සිද්ධිය පැමිණිලි කර ඇත.
 පොලීසිය වහා එහි ගොස් මෙහෙයුම් සිදුකළද ඔවුන් සොයා ගැනීමට නොහැකිවූ බවද පොලිසිය සඳහන් කරයි.


මේ වනවිට දැරිය  සහ පෙම්වතා සොයා ගැනීම සඳහා පොලීසිය පරීක්‍ෂණ සිදුකරමින් සිටින බව ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.


කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුලු චන්දන මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධීකාරි සමරකෝන් බණ්ඩාර  මහතාගේ අධීක්‍ෂණයෙන් මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ජීවහස්ත  සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උ.පො.ප. ඉමාලි, පො.සැ. විමලා ඇතුළු නිලධාරීන්  කණ්ඩායමක් විසින් පරීක්‍ෂණ සිදුකෙරේ. 

 



අදහස් (2)

15 වියැති පෙම්වතිය 22 වියැති පෙම්වතා සමග කැලේට පැන ගිහින්

sampath Thursday, 08 August 2019 01:09 PM

මේක සාමාන්‍ය දෙයක්. ඒත් නීතියේ හැටියට පෙම්වතා වැරදි කාරයෙක් වෙනවා. ඒ විතරක් නෙවි සමහර අවස්ථාවල දෙමාපියන්ටත් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණ චෝදනාව ගොනු වෙනවා. මේ නිසා 18 ට අඩු පෙම්වතියන් සිටින අය ඉතා ප්‍රවේසමෙන්. ඒ පිලිබදව ඇති නීතිමය තත්වය අවබෝදයෙන් කටයතු කල යුතුයි.

:       0       10

kanthi Friday, 09 August 2019 07:30 AM

ලැජ්ජාවට එම ජෝඩුව ජීවිතය හානිකරගත්තොත් කාටද පාඩුව...? හදිසි තීරණ ගැනීමෙන් එම දෙදෙනා ඉක්මන් තීරණ ගත්තොත්...?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 300 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site