IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වතුර උණුකරන්න පැරණි ලීබඩු ළිපට දාලා

(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ නමක් දිනූ ප්‍රභූ පවුලකි. ආර්ථික පරිහානිය නිසා දැන් අමාරුවෙන් ජීවත් වුවද පැරණි සේවිකාව තවමත් එහි සිටී. වියපත් දෙමහල්ලන් හැරුණු විට පුතාගේ දියණියක්ද එහි සිට ප්‍රධාන නගරයක කාර්යාල සේවයට යයි. ඒත් ඇය ගෙදර ගැන කිසිදු සොයා බැලීමක් නැත.


නිවසේ වූ පැරණි ඇඳ පුටු ලී බඩු අබලන් නිසා ඉන් වැඩක් ගැනීමට සිතූ මව සේවිකාවට කීවේ ඒවා වෙන්දේසි කිරීමට හෝ අලුත්වැඩියා කොට විකිණීමට හෝ වෙනත් ප්‍රයෝජනවත් වැඩකට ගත යුතු බවය. හදිසියේ ඇය පුතාගේ නිවසට ගොස් දෙදිනකට පසු ආපසු එන විට පැරණි ලී පුටු කිසිවක් ගෙදර නොවීය. මුළුතැන් ගෙට ගිය ඇයට තරු පෙනුණේ ලී බඩු සියල්ල කෑලිවලට කඩා දරට ගෙන ඇති බව දැකීමෙනි.


මහත්තය නාවන්න වතුර උණුකරන්න මේව ගත්තේ විදුලි හීටරෙන් වතුර උණුකරන්න ගියානං ලොකු බිලක් යනවා. මේක ලාබයි නෝනා. ඇය කීවේ පුටු කකුලක් දර ළිපට ඔබන ගමන්ලු.

 



අදහස් (0)

වතුර උණුකරන්න පැරණි ලීබඩු ළිපට දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site