මඟුල් ගෙදරකට යාම සඳහා මිතුරියකගෙන් ඉල්ලා ගත් රන් ආභරණ කට්ටලයක් හදිසි මුදල් අවශ්‍යතාවක් වෙනුවෙන් බැංකුවට උකස් කර ආභරණ වෙනුවට එහි රිසිට් පත් සිය මිතුරිය වෙත ගෙනැවිත් බාර දුන් කාන්තාවක් පිළිබඳ පුවතක් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඇගේ සැමියා රජයේ සුර්‍ළු රැකියාවක නිරත වූවෙකි. ඒ නිසාම සිය ආයතනයෙන් ලබා දෙන මාස දහයේ ණය මුදල ලබාගෙන එම මුදලින් තම බිරියට අවශ්‍ය මාලයක් වළලු_ දෙකක් ඇතුළු රුපියල් ලක්ෂ දෙක හමාරක් පමණ වටිනා රන් භාණ්ඩ කට්ටලයක් මිලදී ගෙන දුන්නේ ඇයට ඇති ආදරයටත් වඩා එය තම යුතුකමක් සේ සැලකූ බැවිණි.
තම පවුලේම ඥාති සොහොයුරියට ඇගේ සැමියා මිලදී ගෙන දුන් මෙම රන් භාණ්ඩ කට්ටලය ගැන දැනගත් එම පවුලේම තවත් ඥාති කාන්තාවක් පසුගිය දිනෙක ඇය සොයා පැමිණ එම රන් ආභරණ කට්ටලය ඉල්ලා සිටියේ සිය සැමියාගේ හිතවතෙකුගේ මඟුල් ගෙදරකට යාමට ඇවැසි බව පවසමිනි.
තරමක් අදිමදි කළ ද ඥාති හිතවතියගේ දැඩි පෙරැත්තය නිසා ඇය රුපියල් ලක්ෂ දෙක හමාරක් වටිනා රන් භාණ්ඩ කට්ටලය ඇය අත තැබුවේ හැකි විගස එය ආපසු ගෙනැවිත් දෙන්නැයි ඉල්ලීමක්ද කරමිනි.
දින කීපයක් ගතවුණි. එහෙත් රන්භාණ්ඩ කට්ටලය ලැබෙන බවක් දැන ගන්නට නොවූයෙන් දිනක් ඇය සිය සැමියාද සමග ඥාති සොයුරියගේ නිවස වෙත ගියේ රන් භාණ්ඩ කට්ටලය ඉල්ලාගෙන ඒමේ අදිටනිනි.
එහෙත් සිය ඥාති සොයුරියගෙන් අසන්නට ලැබුණේ ඇය කිසි දිනෙක බලාපොරොත්තු නොවූ පිළිතුරකි.
“අනේ නංගි මට ලොකු මුදල් හදිසියක් වුණා. මම ඒ ටික බැංකුවට උකස් තිබ්බා. පුළුවන් ඉක්මනට බේරලා දෙන්නම්” යැයි කියමින් නිවස තුළට ගිය ඇය බැංකුවට රන් බඩු උකස් තැබූ රිසිට් පත් කීපය ගෙනවිත් ඇය අත තැබුවේ තම කතාව තහවුරු කරන්නට මෙන්ය.
(වියලුව වාර්තාකරු)
COMMENTS
මහේෂ්, මිනිසුන් කියන්නේ මිනිසුන්ට. ලංකාවේ විතරක් නොවෙයි කොහේ හිටියත් මිනිස්සු මිනිස්සුමයි. හොඳ නරක දෙගොල්ලොම ඉන්නවා. අවංක සහ වංක අයත් ඉන්නවා. ඒ ඒ අයව අතේ දුරින් ආශ්‍රය කරන්න කියන්නේ මේ නිසා තමයි. (නි)
අනේ අම්මපා නෑදෑයින්ගේ සටකපට වැඩ..? (නි)
මේ වගේ වැඩක් මම රැකියාව කරන කාලේ ඒ කාර්යාලයේත් වුණා. ඉල්ලාගත් කෙනා ඊටපස්සේ රැකියාවට ආවෙත් නැහැ. කොහොමත් රන්බඩු ටික නම් ආයේ ලැබුනේ නැහැමයි. හොඳම දේ නම් ඒ හා සමාන කෘතීම රන් භාණ්ඩ ටිකක් ගෙනවිත් ගෙදර තියාගන්න එක නුවණට හුරුයි. ඉල්ලනකොට දෙන්න. ඒ වගේම උගස් තියලා තියෙන්නේ කියලා ඇඟ බේරගන්නත් පුළුවන්. ඕවට නම් කවුරුත් විශ්වාස කරන්න එපා. (නි)
අපොයි දෙවියනේ! මහා පුදුම මිනිස්සුනේ. නෑයෝ, වේයෝ වගේ කියන්නේ කට කහනවට නෙමෙයිනේ. කොයි වෙලෙත් කන්නමයි බලා ඉන්නේ. ලංකාවේ මිනිසුන්ට උදව් කරනවට වැඩිය හොඳයි පාරේ යන බල්ලෙකුට උදව් කරන එක. (නි)
මහේෂ් කියන එකේ ඇත්තක් තියනවා. අද එදා වගේ නොවෙයි මනුෂ්‍යකම තියෙන්නේ කියෙන් කී දෙනාගේද? හුඟක් වෙලාවට පිට අය ඕනෑ නැහැ, තමන්ගේ පවුලේම වුණත් ගන්න පුළුවන් කොහොමද කියලා බලන එක තමයි කරන්නේ. වැඩේ කරගත්තොත් ආයේ පැත්ත පළාත බලන්නේවත් නැහැ. පුදුම ලෝකයක්. (නි)
අම්බලන්ගොඩ හිටිය එක්කෙනෙක් එයත් කළේ මේ ටිකම තමයි, ගොඩක් මිනිස්සු රැවටුණා අන්තිමට ගෙවල් අතෑරල යන්න වුන අම්බලන්ගොඩ ෂෙඩ් එක ළඟ තමා හිටියේ (බ)
ඔය කරපු දෙය මට කළා නම්, මම අද කල්දේරම් බත් කන්නේ... (නි)