හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන

ප්‍රාණ භුක්තිය තබාගෙන පුතාට පැවරූ ඉඩමෙහි තේක්ක ගස් කිහිපයක් කැපීම නිසා උරණ වූ පුතකු ගස්වලට අලාබය ඉල්ලා පියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට යාමේ අපූරු කතාවක් දකුණු පළාතේ ප්‍රදේශයකින් වාර්තාවේ.
මහලු යුවලට දරුවන් හතර දෙනකු සිටින අතර සියල්ලෝම විධිමත් අධ්‍යාපනයක් ලැබීමෙන් පසුව රජයේ රැකියාවල නිරතව සිටිති. බිරිය දැනට වසර කිහිපයකට පමණ පෙර මිය යාමෙන් පසු බාල දියණිය පියා සිය නිවෙසට කැඳවා ගත්තාය. විශ්‍රාමිකයකු වන පියාගේ ජීවිතය සතුටින් තැබීමට දැඩි වෙහෙසක් ගෙන ගත හැකි සෑම දෙයක්ම ඉටු කිරීමට දියණිය කටයුතු කළාය.
මසකට හෝ දෙකකට හෝ වරක් සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය බැලීමට පියා කැටුව යාමට දියණියත් බෑනාත් අමතක නොකළහ. බිරිය මිය ගිය පසු ඔවුන් දෙදෙනාට හිමිව තිබු කුඹුරු වතුපිටි සියල්ල දරුවන් හතර දෙනාට නිරවුල්ව බෙදාදුන් අතර මහ ගෙදර ඉඩම ලොකු පුතාට පැවරුවේ ප්‍රාණ භුක්තිය තබාගෙනය.
බාල දියණිය ලැබුණු දේපළ සියල්ලම ප්‍රතික්ෂේප කර ඒවා ද සෙසු තිදෙනාට බෙදා දෙන ලෙස පියාට කීවාය.
ආගමික ස්ථානයක ඉදිකරන ගොඩනැගිල්ලේ දොර ජනෙල් සෑදීම සඳහා තේක්ක ගස් දෙකක් ලබාදෙන ලෙස ඉල්ලීමක් ලැබුණු නිසා පියා විසින් මහගෙදර වත්තේ ඇති ගස් දෙකක් පරිත්‍යාග කළේය.
ලොකු පුතා සති අන්තයේ නිවෙසට පැමිණි පසු ගස් කපා දමා ඇති අයුරු දැක කෝපාවිෂ්ඨ විය.
පසු දින උදේම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හමුවී තම ඉඩමේ ගස් අනවසරයෙන් කපා ඇති බව පවසමින් පියාට විරුද්ධව පැමිණිලි කර ගස් ඉවත් කිරීම ද තහනම් කිරීමට ඔහු ක්‍රියා කළේය. ඇති වූ සිද්ධිය හේතුවෙන් දැඩි මානසික පීඩාවට පත් පියා සැනසීම සඳහා දියණිය සෑම උත්සායක්ම ගත්තාය.
ගස් ප්‍රවාහනය තහනම් කර ඒවායේ අලාබ ඉල්ලා සිදුකළ පැමිණිල්ල විභාග කිරීමට පෙර මෝඛා සුළි කුණාටුව නිසා අධික වැසි තත්ත්වයක් ඇති විය.
උදේ පාන්දර ආරම්භ වූ වැස්ස රාත්‍රී කාලය උදාවන විට මහ ගෙදර පහළින් ගලායන කුඩා ගංගාව උතුරා යමින් මහා ගංවතුරක් බවට පරිවර්තනය විය. පසුදා උදෑසන වන විට යම් තරමක් ගංවතුර අඩු විය. වත්ත පහළ කපා දමා තිබු තේක්ක ගස් දෙක තිබූ ස්ථානයක්වත් සොයා ගැනීමට නොහැකි වන සේ පෙරදින රාත්‍රියේ ගංවතුර විසින් රැගෙන ගොස් තිබුණි.
තේක්ක ගස් සැඩ පහරට ගසා ගෙන ගොස් ඇති පුවත ලැව්ගින්නක් සේ පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය.
පියාට පිනක් කරගත හැකිව තිබූ අවස්ථාවට බාධා කළ පුතාට ගම්වාසීන්ගෙන් දැඩි විවේචනයක් වූයෙන් ඔහු ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් වැළකී සිටියේය. පසුව ඔහු සිදුකළ පැමිණිල්ල ද ඉවත්කරගෙන පියාගෙන් සමාව ගත් බව ද පැවසේ.
2025 දෙසැම්බර් මස 04
258
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
400
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තාත්තා වත්තේ ගහක් කැපුවාට පුතා පොලිසි ගිහින්
ලාසුරුස් Wednesday, 17 May 2023 08:45 PM
මේක සතිපතා පළවන කතාවක් නේද? කියවලාම එපාවෙලා...