IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ෆෝන් අංකය මාරුවී ලෙඩා මළැයි කියා ‘‘හර්ස්’’ එකකුත් ගෙනත්

මාවරල – පී.එස්. මද්දුමගේ


මිය ගිය රෝගියකුගේ, දේහය රැගෙන ඒමට අවමංගල රථයක් ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ගොස් හිස් අතින් පැමිණි පිරිසක් ගැන දකුණේ ගමකින් අසන්නට ලැබිණි..
සිද්ධිය මෙසේය.
මව ගාල්ල කරාපිටිය රෝහලේ නතර කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබුණි. දුර බැහැරගෙවා ගෙන නිතර රෝහල වෙත යාමට නොහැකි නිසා සාත්තු සේවිකාවක මවට සාත්තුවට පත්කර සිටි අතර, ඇය වාට්ටුවේ සිටින රෝගීන් දෙදෙනකු සඳහා සාත්තු කිරීම බාරව සිටියාය.
පසුගිය දිනක, සාත්තුවට සිටි කාන්තාව විසින් මෙම මවගේ පුතකුට දුරකථන පණිවුඩයක් දී, මව මියගිය බව දැනුම් දුන්නාය.
පුතා තම සහෝදරයන්ට සහ නෑදෑයන්ට මව මිය ගොස් ඇති බව දන්වා මෘත දේහය ගෙන ඒම සඳහා, පිරිසක් ප්‍රදේශයේ මල් ශාලාවකින් අවමංගල රථයක්ද රැගෙන ගාල්ල කරාපිටිය රෝහලට ගියෝය.


රෝහලේ වාට්ටුවට ගොස් මවගේ මෘත දේහය ගැන සොයා බැලූ ඔවුනට ලැබුනේ පුදුම සහගත තොරතුරුය. වාට්ටුවේ මව සිටි ඇඳ අසලට ගිය මෙම පිරිසට මව ජීවතුන් අතර සිටින බව දැක ගන්නට ලැබීමෙන්, පැවැති වේදනාව තුරන් වී සතුටට පත්වූහ.
සිදුවී ඇති දේ ගැන සොයා බැලීමේදී, සාත්තුවට සිටි කාන්තාවට මියගිය රෝගියාගේ බාරකරුවන්ගේ සහ ජීවතුන් අතර සිටි රෝගියාගේ බාරකරුවන්ගේ දුරකථන අංක මාරුවී පණිවිඩය දීමෙන් මෙම අලකලංචියට මුහුණ දීමට සිදුවූ බව තේරුම් ගත් පිරිස, පත්වූ අපහසුතාව හා අනවශ්‍ය වියදම පිළිබඳව සාත්තු සේවිකාවට දොස් පවරා, රෝගියාව වගකීමෙන් බලාගත යුතු බවට තරයේ අවවාද කර ආපසු ගමට ඒමට පිටත් වූයේ මවට සහ ඥාතියාට සුවය පතා ආශිර්වාද කරමිනි.

 



අදහස් (0)

ෆෝන් අංකය මාරුවී ලෙඩා මළැයි කියා ‘‘හර්ස්’’ එකකුත් ගෙනත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site