IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ෆුට්බෝල් ඔට්ටුවෙන් දිනූ සැමියා පැරදිලා

තරුණ අඹුසැමි යුවළ පාපන්දු ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූහ. සැමියා විවාහයට පෙර පාපන්දු කණ්ඩායමක සාමාජිකයෙකි. ඔහු රැකියාවක නිරත වූ අතර බිරිඳ නිවසේ ඉවුම් පිහුම්  කටයුතුවල යෙදුණාය. නගරයේ පාපන්දු තරගයක් තිබුණොත් දෙදෙනාම එය වැරැද්දුවේ  නැත. පසුගිය දිනවල පැවැති ලෝක කුසලාන සෑම තරගයක්ම ඔවුහු නැරඹූහ. ඔවුනගේ ජනප්‍රිය ක්‍රීඩකයන් වූයේ ලයනල් මෙසී හා රොනල්ඩෝය. පෘතුගාලය සහ ආජන්ටිනාව පරාජය වීමෙන් දෙදෙනාම බොහෝ කම්පා වූහ. අවසාන තරගය නැරඹීමට දෙදෙනා රූපවාහිනිය ඉදිරිපිට වාඩිවූහ.


බිරිඳගේ සහයෝගය ක්‍රොඒෂියාවටය. සැමියාගේ ප්‍රාර්ථනය ප්‍රංශය දිනීමය. තරගය අතරතුරදී ඔවුහු ඔට්ටු ඇල්ලූහ. බිරිඳ පැවසුවේ ක්‍රෝඒෂියාව පැරදුණොත් ඇය තම  මව්පියන්ගේ නිවසට ගොස් මාසයක් එහි ගත කරන බවය. “බලමු එතකොට කෑම කන්නේ කොහොමද කියලා” ඇය කීවාය. 


“ප්‍රංශය පැරදුණොත් මම අපේ අම්මලාගේ ගෙදර යනවා. ඔයා මෙහෙ තනියම ඉන්න” සැමියා ද පැවසීය. ප්‍රංශය ජයග්‍රහණය කර ක්‍රොඒෂියාව පරාජයට පත්විය. බිරිඳ පසුදිනම ඇයගේ මව්පියන්ගේ ගෙදර ගියාය. සැමියා නිවසේ තනිවිය. රැකියාවට ගොස් නිවසට පැමිණි ඔහුට තනිකමක් දැනිනි. මධ්‍යම රාත්‍රියේ නිවසේ දොර වැසූ ඔහු ඇඳුම් බෑගය ද අතැතිව තම යතුරුපැදියෙන් කිලෝමීටර් විස්සක් දුරින් පිහිටි තම මහගෙදරට ගියේය.
 ක්‍රිස්ටෝපර් සීපියන්. 



අදහස් (0)

ෆුට්බෝල් ඔට්ටුවෙන් දිනූ සැමියා පැරදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site