IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ළමයින්ගේ රැවුලෙන් ඉස්කෝලෙට පාඩමක්

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
එක් දරුවකුගේ නිකටට තුවාල සිදුවන ලෙස සහ තවත් සිසුන් දහඅට දෙනකුගේ රැවුල් එකම රේසරයකින් කපා  රැවුල නොකපා පාසලට පැමිණි සිසුන් පිරිසකට අපූරු දඬුවමක් ලබා දුන් ප්‍රසිද්ධ ජාතික පාසලක් පිළිබඳව දකුණු පළාතේ නගරයකින් වාර්තාවේ.
නගරයේ දැඩි ප්‍රසිද්ධියක් උසුලන මෙම පාසලේ දොළහ වසරෙහි ඉගෙනුම ලබන සිසුන් දහඅට දෙනකු රැවුල් කපා නොමැති බවට විනය භාර ගුරුවරයාට නිරීක්ෂණය වී ඇත.
ඔවුන් සියලු‍ දෙනා කැඳවා එක් රේසරයක් භාවිතා කරමින් සියලු‍ම දෙනාගේ රැවුල් කපා ඇති බව පැවසේ.
එලෙස සිදු කිරීමේදී කුඩා කාලයේදී නිකටේ සැත්කමක් සිදුකළ එක් සිසුවකුගේ සැත්කම සිදුකර ඇති ස්ථානයේ නිකට කැපී තුවාල වී ඇති අතර මෙලෙස තුවාල වී ඇත්තේ සැත්කමක සිදුකළ එහි කැළලට බව ළමයා වෛද්‍යවරයාට පෙන්නූ පසු අනාවරණය වී තිබේ.


එම ළමයින් දහඅට දෙනාම ඒඩ්ස් නිවාරණ ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කරන ලෙස ළමයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා උපදෙස් දී ඇති අතර ඔවුන් දහඅට දෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු පිරිසක් පාසලට යාමට නියමිත බව පැවසේ.
ළමයින්ට දඬුවමක් ලබාදීම පිළිබඳව මව්පියන් අකැමැත්තක් සහ විරෝධයක් පළ නොකරන අතර රැවුල් සහ කොණ්ඩා කැපීමේදී එක් පුද්ගලයකුට එක් තලයක් පමණක් භාවිත කරන ලෙස පනවා ඇති සෞඛ්‍ය නීතිය උල්ලංඝනය පිළිබඳව මව්පියන් පොලිසියට පැමිණිලි කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.



අදහස් (3)

ළමයින්ගේ රැවුලෙන් ඉස්කෝලෙට පාඩමක්

Jayalal tharanga. Thursday, 21 December 2023 01:33 PM

මෙයා ගුරුවරයෙක් නෙමෙයි. මූලික සෞඛ්‍ය දැනුමවත් නැති කෙනෙක්...!

:       0       15

pakeer Thursday, 21 December 2023 11:03 PM

මේ වගේ බූරුවෝ ඉස්කෝල වලට ආවම මරු .මම කවදාවත් මගේ පුතාගේ කොන්ඩේ කපන්න ගියාමවත් ....රේසර් එකකින් වත් දැලි පිහියකින් වත් කාන්න දෙන්නේ නැහැ .මේ යකා බූරුවෙක් .මෝඩ මූසලයෙක්

:       0       3

Wednesday, 27 December 2023 08:09 PM

එයාලගේ අම්මලා, තාත්තලා හරියට ළමයි ස්කෝලෙට එව්වා නම් ස්කෝලේ අයට බාබර්ගේ වැඩ කරන්න ඕනෙ නෑනේ..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site