IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ළමයින්ගෙන් කෑ ටීචර් අයින් කළාම අනෙක් ටීචර් ඉස්කෝලෙම කාලා

හක්මණ විශේෂ - දෙන.ම යසන්; ආරියසේන


පන්තියේ දරුවන්ගේ ඉල්ලීමට ඔවුන් ගෙනා කෑම වලින් කුඩා ප්‍රමාණයක් පන්තිභාර ගුරුතුමිය ආහාරයට ගැනීමට උරණ වූ මව්පියන් කිහිප දෙනකු නිසා පාසලක්ම අමාරුවේ වැටීමට යාමේ සිද්ධියක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.

දුෂ්කර ප්‍රදේශයක සේවය කළ දක්ෂ ගුරුවරියක් ස්ථාන මාරුවීමක් ලැබ සිය ගම් ප්‍රදේශයට ආසන්න පාසලකට පැමිණියාය.

කුඩා දරුවන්ට ඉගැන්වීමට සහජ හැකියාවක් දක්වන ඇයට පන්තියක භාරකාරත්වය ද නව පාසලේ දි හිමි විය. පන්තියේ දරුවන්ට අම්මා කෙනකු වූ ගුරුතුමියට දරුවෝද අසීමිතව ආදරය කළහ.

ප්‍රාථමික පන්තිවල දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම දැඩි සේ විවේචනය කළ ගුරුවරිය පාසල වැසීමෙන් පසුවත් අමතර කාලයක් රැඳී සිටිමන් ඉගැන්වීම් කළාය.

පන්තියේ දරුවන් සමග එක්ව උදෑසන ආහාරය ගන්නා විට තම කෑම පෙට්ටියේ ඇති කෑම වලින් කොටසක් ගුරුවරියට දීමට ළමයින් සෑම දිනකම තරගයක යෙදීම සුලබ දර්ශනයක් විය. මෙම කරුණ ගැටලු සහගත විය හැකි නිසා ගුරුවරිය ඒ සඳහා උපක්‍රමයක් පාවිච්චි කළාය. ළමයින් කෑම ගන්නා අවස්ථාවේ දී ඔවුන් අසලට ගොස් පෙට්ටියේ ඇති කෑම වලින් ඉතාම කුඩා ප්‍රමාණයක් ඇය කෑවාය.

සතියේ දින පහ තුළ කණ්ඩායම් පහකට බෙදා මෙම කාර්ය සිදු වූ නිසා ළමයින් ද කිසිදු කලබලයකින් තොරව පිළිවෙළට ආහාර ගැනීම පුරුදු විය.

ටීචර් අපේ කෑම එකෙනුත් කනවා යැයි මහත් ආඩම්බරයෙන් ළමයින් කිහිප දෙනකු නිවෙසට ගොස් පැවැසුවත් සමහර මව්පියෝ එයට උරණ වූහ. කිසිවක් විපරම් නොකළ ඔවුහු ගැටලු විදුහල්පතිවරයාට පැමිණිලි කළ අතර ගුරුවරිය පන්තියෙන් ඉවත් කර සංවර්ධන නිලධාරිනියකට ප්‍රාථමික පන්තිය බාර දීමට විදුහල්පතිවරයා කටයුතු කළේය.

දින කිහිපයක් ගත වූ පසු ගුරුවරියක වන මවක සිය දියණියගේ පොතක් බැලු‍ අතර ඇයට දෙවියන් සිහිවිය. ළමයාගේ පොතේ ගුරුවරියක විසින් ලියා තිබූ වැකියේ නණ, ලළ, සහ උක්ත ආඛ්‍යාත දෙකම වැරදිය. සිය දියණියගේ පන්තියේ සිටින තවත් ළමයින් කිහිප දෙනකුගේ මව්පියන්ට කතා කළ එම මව ඒ පිළිබඳව විමසුවාය. තම දරුවන්ගේ පොත් පරීක්ෂා කළ එම මව්පියෝ ද සිද්ධියට මවිතය පළ කළහ.

ගැටලුව පැමිණිලි කරමින් ප්‍රශ්නයේ බරපතළකම දෙමව්පියෝ විදුහල්පතිවරයාට පැහැදිළි කළහ. ළමයි කිහිප දෙනකුගේ පොත් පරීක්ෂා කළ විදුහල්පතිවරයාගේ දෙලොවම රත්විය.

පන්තිය භාරව පෙර සිටි ගුරුවරිය වරදක් සිදුකර නොමැති බව විදුහල්පතිවරයා හමුවීමට පැමිණි මව්පියෝ පැහැදිලි කළහ.

එම ගුරුවරියගේ කාර්යක්ෂමභාවය නොරිස්සූ පාසලේ වෙනත් ගුරුවරුන් පිරිසක් සහ මව්පියන් සිදුකළ කුමන්ත්‍රණයක ප්‍රතිඵල බව පසුව සියල්ලෝම තේරුම් ගත්හ.

පන්ති රැස්වීමක් සහ ගුරුවරුන්ගේ රැස්වීමක් වෙන වෙනම කඩිනමින් කැඳවා විදුහල්පතිවරයා මව්පියන්ට සහ ගුරුවරුන්ට ලු‍ණු ඇඹුල් සහිත දේශනාවක් පැවැත්විය. ආහාර ගැනීම ගැටලුවක් ලෙස මවා පෑම සිදුකළ මව්වරු කිහිපදෙනා සෙසු අයගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර සංවර්ධන නිලධාරීනියට වෙනත් කාර්යාලයකට ස්ථාන මාරුවීමක් ද ලැබී ඇති බව පැවසේ.



අදහස් (2)

ළමයින්ගෙන් කෑ ටීචර් අයින් කළාම අනෙක් ටීචර් ඉස්කෝලෙම කාලා

himal Tuesday, 09 May 2023 01:29 PM

මේ ලිපියේ මුල හරියේම ගුරුවරිය හරීම හොඳා...යි කියලා දාලා ඒකෙන් කතාව නොමඟ යවනවා. ළමයි ගුරුවරියට කෑම දෙනඑක වෙනයි, ගුරුවරිය හැම ළමයාගේම කෑම පෙට්ටියෙන් කනඑක වෙනයි. මෙතැන විදුහල්පතිත් වැරැදියි. මුලින්ම හරියට පරීක්ෂණයක් නොකර ගුරුවරිය මාරුකරලා අන්තිමේ එයාගේ වරද දෙමාපියන්ගේ පිටිනුයි අර දාපු අලුත් නිලධාරිනියගේ පිටිනුයි යවලා. මේ කරලා තියෙන්නේ පැමිණිලි දාන දෙමව්පියන්ට එරෙහිව තව දෙමව්පියන් කණ්ඩායමක් කුලප්පු කරන එකයි. තමුන්ගේ ළමයාට හරියට උගන්වන්න ඕනෑ නම් මං කියන විදිහට හිටපල්ලා, කටවල් වහගෙන කියන එක අනියමින් කියලා තියෙන්නේ...

:       4       5

Pradeep Kumara Tuesday, 09 May 2023 01:34 PM

කරුණු හරිහැටි නොවිමසා තීන්දු තීරණ ගත් විදුහල්පති තමයි මෙතැන මූලිකවම වැරැදි. ඕනෑම ආයතන ප්‍රධානියෙක් කේලාම් මත යැපෙනවිට ප්‍රතිඵලය ඕක තමයි...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 646 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17679 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site