IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ළිඳ ළඟ හැංඟී කතුන් නාන හැටි බැලූ විවාහකයා අසූචිවලින් නාවලා

(බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා)
පොදු ළිඳක් අසල කාන්තාවන් දිය නාන හැටි බලා සිටි විවාහකයකුට අසූචි නාන්න වීමේ සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තාවේ.


එය ප්‍රදේශයේ ජනප්‍රිය පොදු නාන ළිඳකි. මොනතරම් පෑවිල්ලක් ඇති වුවත් එම ළිඳේ වතුර සිඳී යාමක් සිදු නොවේ. වෙල්යායක් ආසන්නයේ පිහිටා තිබීම නිසා පරිසරයද මනරම්ය.


නිවෙස්වලට කොතරම් නළ ජල පහසුකම් තිබුණත් මෙම ළිඳට නාන්න එන පිරිසගෙන් අඩුවක් දක්නට නැත්තේ ඒ සුන්දර පරිසරය නිසාමය. කාන්තාවෝද එම ළිඳට දියනෑමට පැමිණීම සිරිතකි. නිවාඩු දිනවලදී උදේ පාන්දරින්ම විශාල වශයෙන් කාන්තාවෝ පැමිණෙති.


කාන්තාවන් දිය නාන හැටි බලා සතුටට පත්වන විවාහකයකු ද ඒ අසල පදිංචි වී සිටියේය. දිනපතාම උදේ පාන්දරින්ම අසල තිබෙන කුරුඳු ඉඩමට වී දිය නාන කාන්තාවන් ලෙස බලා සිටීම ඔහු පුරුද්දක් කරගෙන තිබිණි. දිනක් මොහු සිටියදී විදින ලද මදුරුවෙකුට ‘චටාස්’ ගා පහරක් දී ඇත. ඒ ශබ්දය දිය නාන කාන්තාවන්ට ඇසී විමසිල්ලෙන් බලන විටදී මොහු නිරුවතින් සිටින අයුරු දැක කාන්තාවන් ඉහවහගිය කෝපයෙන් බැනවැදී ඔහුව එළවාගෙන ඇත.


එයින් පාඩමක් ඉගෙන නොගත් මොහු පසුදින ද පෙර මෙන් කාන්තාවන් දිය නාන හැටි බලා සිට ඇත.


එක කාන්තාවක් ගෙදර ගොස් පුරුෂාට එම සිද්ධිය කියා ඇති අතර සියලු විස්තර අසා දැනගත් ඔහු ‘‘මම හොඳ පාඩමක් උගන්වන්නම්. ඔයා වෙනද වගේම හෙටත් නාන්න යන්නැ’’යි පවසා තිබේ.


පසුදින උදේ කාන්තාව සුපුරුදු පරිදි නාන්න ආ විටදී විවාහකයාද ළිඳ අසල කුරුඳු කැලයට වැදී සිට ඇත. ඒ අතර කාන්තාවද දිය නෑමට පටන්ගෙන ඇති අතර මෙලෝ සිහියක් නැතිව කාන්තාව දිය නාන අයුරු බලා සිටි අවිවාහකයාට එක් වරම අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇත. දිය නෑ කාන්තාවගේ පුරුෂයා ෂොපින් බෑගයකට අසූචි පුරවාගෙන කුරුඳු පඳුරකට මුවා වී සිට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.


‘‘බුදු අම්මෝ’ යැයි එකවර කෑ ගසමින් අසූචි පහර කෑ විවාහකයා දිව ගොස් ඇති අතර,  එදායින් පසු කුරුඳු කැලේ පළාතට නොයෑමට ඔහු වගබලාගෙන ඇත.

 



අදහස් (0)

ළිඳ ළඟ හැංඟී කතුන් නාන හැටි බැලූ විවාහකයා අසූචිවලින් නාවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site