IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ළිඳක් ඉහින්න ගිහින් පොලිසි යන්නත් වෙලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දංඕවිට ප්‍රදේශයේ නිවසක ළිඳක් ඉහින්නට එන්නැයි සොහොන් බිමක සිට දුරකථනයෙන් කළ ව්‍යාජ දැනුම්දීමක් නිසා විය පැහැදම් කරගෙන ගිය ළිං ඉසින්නා මෙන්ම දුරකතනය හිමිකරුද පීඩාවට පත්වීමේ සිද්ධියක් මීරිගම පොලිසියෙන් වාර්තා විය.


ඔහු බෝතලේ ගම්මානයේ දිවි ගෙවන ජීවන ගමනේ අඩ සියවසද ඉක්ම වූවෙකි. බිරිය ලෙඩ ඇඳේය. ජීවිකාව සඳහා කරන්නේ ළිං ඉසීමය. දුරකතනයෙන් දැනුම්දීමක් කළ විගස ගණන් හිලව් කතා කර බාර ගන්නා කාර්යය සාර්ථකව ඉටු කිරීම ඔහුගේ සිරිතය.


ගම්මානයේ මරණයක් සිදුවිය. ගමේ පිරිස වළ කැපීමට සොහොන් බිමට එක්වූයේය. වැඬේ කරන අතර සප්පායම් වූ අයද මේ අතර සිටියහ. කුටුම්භ ගෙයි කොනක එල්ලූ කමිසයක සාක්කුවේ තිබූ දුරකතනයක් අතට ගත් ගමේ කෙනෙකු ළිං ඉසින අයට කතා කළේ දුරකතනයේ හිමිකරුටත් හොර රහසේය.


මම දංඕවිටින් කතා කරන්නේ අපේ ළිඳේ වතුර නරක් වෙලා බොන්න විදියක් නැහැ. අදම සුද්ද කරලා දෙන්න ඔහු ඉල්ලා සිටියේය. රුපියල් 2500 කට ගණන් කතා කර ගත් පසු ආ යුතු ස්ථානයද ඔහුට දැනුම් දුන්නේය. මෝටර් ආදී අඩුම කුඩම කුඩා ලොරියේ පටවාගත් ඔහු ගමන පිටත්වූයේ සොහොන් බිම පසු කරමිනි. 


ලොරිය සොහොන් බිම පසු කරනවාත් සමග යළි ඇමතුමක් ආයේය. අනේ ඔයා එනවා නේද වරද්දන්න එපා ඇවිටිලි කරද්දී මම එමින් ඉන්නේ ඔහු කීය. එන්නට කී තැනට ගිය ඔහු අංකයට කතා කළත් පිළිතුරක් නැත. ළිඳක් ඉසින්නට අවශ්‍ය බව කී කිසිවකු හමුවූයේද නැත. අවසානයේ ඔහු ගෙදර ආවේ යක්ෂාවේෂවය.


කේන්තියෙන් පිපිරෙමින් ඔහු කළේ පොලිසියට ගොස් පැමිණිල්ලක් කිරීමයි. තමන්ට කතා කළ අංකය එහි සඳහන් කළේය. ඒ අනුව දුරකතනයේ හිමිකරු පොලිසියට කැඳවිණි. ඒ වනවිට ඔහු සිදුවූ සියල්ල දැන සිටි බව පෙනුණි. එහෙත් ඔහු පැවසුවේ වෙනඑකකි.


මම කිසිවක් දන්නේ නැහැ. කතා කළ කෙනෙක් තමුසේ හොයා ගන්නවා ඔහු ගුගුලේය. 


දුරකතනයේ අයිතිකරු නිසා තමන්ට කිසියම් වගකීමක් ඇති බව පොලිසිය ඔහුට අවබෝධ කරදීමෙන් පසු තරමක් සන්සුන් විය. ළිඳ ඉසින්නට කියා ගිය ගමනට අලාභයක් අවශ්‍ය බව කී අය පසුව පැවසුවේ ඉදිරියට මෙවන් අශික්ෂිත වැඩ නොකරන ලෙස හා ඒ සඳහා අනුබල නොදෙන ලෙසට අවවාදයක් කරන ලෙසයි. එයින් සෑහීමකට පත්වූ  පුද්ගලයා සියල්ල ඉවසා පිටව යනු දැකිය හැකිවිය.


මීරිගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.පී. විමලරත්න මහතා ඉදිරියේ මේ සිදුවීම දිග හැරුණි.

 



අදහස් (0)

ළිඳක් ඉහින්න ගිහින් පොලිසි යන්නත් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 300 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site