IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ළඟ තිබුණ ලක්ෂ 7 1/2 ක් සොයා රට වටේ ඇවිදලා

මීරිගම ප‍්‍රදේශයේ පදිංචි ඔහු 55 හැවිරිදි අයෙකි. පසුගිය දිනෙක ඔහු නගරයේ පෞද්ගලික බැංකුවක තම ගිණුමින් රුපියල් ලක්‍ෂ 7 1/2ක් ලබා ගත්තේ ණයක් ගෙවීමටය. මුදල් බෑගයක දමාගත් ඔහු පැමිණි ත‍්‍රිරෝද රියෙන්ම රජයේ බැංකුවකට ගියේ එම මුදල ණය හිමියාගේ ගිණුමට බැර කරන්නටය. ලියකියැවිලි සම්පූර්ණ කර කවුන්ටරයට දුන් ඔහු බෑගය විවෘත කළේ මුදල් බාර දෙන්නටය. මුදල් පාර්සලය බෑගයේ නැත. ඔහු කලබලයට පත්විය. බැංකු සේවකයන් හෝ ත‍්‍රිරෝද රියදුරා මුදල් සොරා ගන්නට ඇතැයි ඔහු සැක කළේය. ත‍්‍රිරෝද රියදුරත් සමග ඔහු තම නිවසටත් මුදල් ගත් බැංකුවටත් ගියත් මුදල් ගැන තොරතුරක් නැත. අවසානයේ සවස 3.30ට පමණ ත‍්‍රිරෝද රියදුරාත් සමග ඔහු මීරිගම පොලිසියට ගියේ පැමිණිල්ලක් කරන්නටය. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.බී.එස්. කල්‍යාණතුංග මහතා පැමිණිල්ලට සාවධානව කන් දුන්නේය. එය සටහන් කර ගැනීමට නිලධාරියකුට උපදෙස් දෙන අතරම, ”මාමේ ඔය බෑග්එක ටිකක් බලමුයි” එම බෑගයේ එක් සාක්කුවක් විවර කරද්දී එහි පාර්සලයක් තිබෙනු දැක මේ මොකක්දැයි පැමිණිලිකරුගෙන් ඇසීය. ”අනේ මහත්තයෝ මගේ සල්ලි ටික” ඔහු සතුටු කඳුළු වගුරවමින් කීය. මේ කටයුතු නිම වන විට බැංකුවේ ගනුදෙනු කටයුතු නිමාවී තිබුණ ද පොලිසිය මැදිහත් වී ඔහුගේ මුදල් බැංකු ගත කිරීමට පහසුකම් සලසා දීමෙන් පසු මෙම පුද්ගලයා පොලිසියට ස්තුති කරමින් පිටව ගියේ තමන් වඩාත් හොඳින් බෑගය පරීක්ෂා නොකළ බවට පසුතැවෙමිනි.



අදහස් (0)

ළඟ තිබුණ ලක්ෂ 7 1/2 ක් සොයා රට වටේ ඇවිදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site