(වියලුව වාර්තාකරු)
සේවා මුර ක්‍රමයට පැය විසිහතර පුරා ක්‍රියාත්මකවන ආයතනයකි. මහල් කීපයකින් යුත් ගොඩනැගිල්ලේ ඉහළ මාලයක ඉඩ කඩ ඇති කාමරයක් වෙන් කර තිබුණේ එම කොටසේ සේවය කරන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ආහාර ගැනීමට හා සනීපාරක්‍ෂක කටයුතු වෙනුවෙනි.

මෙම කටයුතුවලට අමතරව ආයතනයේ පිරිමින් මෙහි විවේක ගැනීමත්, ඇතැම් විට හීන් අඩියක් ගසා ඇඟ රත්කර ගැනීමටත් පුරුදු වී සිටියේ එම කාමරය ඒ තරමටම එබඳු කටයුතුවලට කදිමට ගැළපුණු නිසාය. කරුණු කාරණා ඒ අයුරින් සිදුවුවත් එහි පැමිණෙන කාන්තා පාර්ශ්වයේ ඇතැමුන්ගෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධතාවකි.
එහෙත් ඉන් කලබල නොවූ පිරිමින් කීපදෙනකු පසුගිය දිනෙක ඊට අපූරු උපායක් යෙදූහ. හිටිහැටියේම කිසියම් අවශ්‍යතාවක් සඳහා පෙර කී කාමරයට මැදියම් රැයේ ගිය තරුණයකු මොහොතක් ගත වෙද්දී හූ කියාගෙන පහත මාලය වෙත දිව ආයේ ඉහින් කනින් දහඩිය ද පෙරාගෙනය.
රාත්‍රී සේවයේ නිරතව සිටි කාන්තාවන් කීපදෙනකු ළඟට හූ හඬ නගමින් දිව ආ ඔහු ඔවුන් ඉදිරියේ කපාලූ කෙසෙල් ගසක් සේ ඇද වැටුණේ කලින් කතිකා කරගත් සැලසුම අකුරටම ක්‍රියාවට නංවමිනි.
විනාඩි කීපයක් යන තෙක් දැඩි භීතියකින් පසුවන බව පෙන්වූ තරුණයා, පිරිමි පාර්ශ්වයේ ඇප උපස්ථාන හමුවේ දෑස් විවර කරමින් කියා සිටියේ මාස කීපයකට පෙර මියගිය එම ආයතනයේම සේවකයකු තමුන් ඉහළ මාලයේ කාමරයට යනවිට එහි ඇඳක හාන්සි වී සිටිනු දුටු බවකි.
තරුණයාගේ කතාව ඇසූ ආයතනයේ කාන්තා පිරිස පමණක් නොව ඇතැම් පිරිමින් ද රෑ බෝ වූ වහාම අදාළ කාමරයට ගොස් තමුන් සතුව තිබූ රෙදිපිළි ඇතුළු සියල්ලක්ම රැගෙන කාමරයෙන් පිටතට පැමිණියේ යළිත් එම කාමරයට කිසි දිනෙක නොඑන බව එකිනෙකාට කියා ගනිමිනි.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
හොල්මනට බයේ සේවිකාවන්ට විවේක කාමරයත් එපා වෙලා