(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
බීමතින් සිටි මිතුරන් දෙදෙනකු මාරුවෙන් මාරුවට රෑ එළිවෙනතුරු දෙදෙනාගේ නිවෙස්වලට සක්මනේ ගිය සිද්ධියක් ගම්බද ප්‍රදේශයකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.
ඔහු වඩු කර්මාන්තයේ යෙදෙන අතර, ඔහුගේ මිතුරා ඔහුගේ අත්උදව්වට සිටින්නේය. ඔවුන් වැඩ අවසන් කර දිනපතා මත්පැන් පානය කරන අතර, වේලාසනින් මත්පැන් පානය කර නිවසට යන්නේ හොල්මන්වලට ඇති බය නිසාය.
දෙදෙනා අධ්‍යාපනයක් ලබා නැති අතර, ගමේ අය පවසන්නේ නෝන්ජල් පුද්ගලයන් දෙදෙනකු බවය. සිය මිතුරාගේ නිවසට යාමට ඇත්තේ කනත්තක් අසලින් නිසා ඔහු රාත්‍රී ගමන් යන්නේ නැති අතර. මොනම හේතුවක් නිසාවත් රාත්‍රියේ ගෙදරින් පිට වන්නේ ද නැත. මෙදින ඔවුන් මත්පැන් පානය කර ඇති අතර, වෙරි මතින් සූර් වූ නිසා ඔවුන්ට කාලය ගත වන බවක් වැටහී නැත. රෑ බෝ වූ නිසා මිතුරා පවසා ඇත්තේ තමන්ට කෙසේවත් තනිවම ගෙදර යාමට නොහැකි බවය.
පසුව ඔහු මිතුරා නිවසට ඇරලවීමට ගොස් ඇති අතර, ඔහු මිතුරාට පවසා ඇත්තේ තමන්ට ද නැවත යාමට බිය බවත්, තමන් මගට හෝ රැගෙන යන ලෙසත්ය. මිතුරා පිළිබඳව දුක සිතුණ ඔහු නැවත මගට රැගෙන ගිය විට මිතුරා පවසා ඇත්තේ තමන්ට නැවත තනියම ගෙදර යා නොහැකි බවය.
කෙසේ වෙතත් මිතුරන් දෙදෙනා මාරුවෙන් මාරුවට දෙදෙනාගේම නිවෙස්වලට සක්මන් කර ඇත. වෙරි හිඳී අවසන් වන විට පාන්දර වී තිබේ.
එදින නිවාඩු දැමූ මිතුරන් දෙදෙනා දහවල් නින්දට වැටී ඇත්තේ යළි කිසි දිනෙක රාත්‍රියේ මත්පැන් පානය නොකරන බවට එකිනෙකාට පොරොන්දු වෙමිනි.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොල්මනට බියවූ මිතුරන් දෙදෙනා එළිවෙනතුරු සක්මනේ