කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
ලොකුකම් පෙන්වන්න තමාගේ ඔළුව අනුන්ට දන් දී තම ඔළුවට අලුත් ලෙඩක් දා ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගැන අපූරු කතාවක් දකුණේ ගමකින් වාර්තා වේ.
අඩු වැඩ වැඩි කයිය ඇත්තෙකි. අනුන් කරන වැඩත් තමන් කළා යයි පෙන්වීමේ ද රුසියෙකි. කාට හෝ ඔහු යමක් කරන්නේ ප්‍රතිඋපකාර බලපොරොත්තුවෙනි. ගමේ මොන හොඳ වැඩක් කිරීමට ගත්තද අංක එක කෑමය. දෙක බීමය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම ඔහු හිස මුදුනේම තියාගෙන සිටියේය. එය නැතිවුණද එහි වෙනසක් නම් නොවීය. පොලිසිය තමන්ගේ අතේ වගේ පෙන්වීමට ඔහු දැරූ අවස්ථා නැත්තේද නොවේ.
එදා ඔහු සිය යතුරුපැදියෙන් නගරයට ගියේ අවශ්‍යතාවකටය. එය ඉටුකර ගත් පසු නගරයෙන් ගමට එමින් සිටියේය. ඒ එන අතරමග තමන් දන්නා තරුණයන් දෙදෙනෙක් ද යතුරුපැදියකින් නගරයට එමින් සිටිනු ඔහු දුටුවේය. එම යතුරුපැදියේ එමින් සිටි දෙදෙනාගෙන් ආරක්ෂිත හිස් ආවරණ පැලඳ සිටියේ පැදිකරු පමණි. පිටුපසින් පැමිණි තරුණයා එවැන්නක් පැලඳ නොසිටියේය. වහාම ඔහු ඔවුන් දෙදෙනා අත දමා නතර කර ගත්තේය.
“මල්ලිලා ඉස්සරහා ට්‍රැෆික්ලා ඉන්නවා. හෙල්මට් නැතිව ගියොත් ඉතිං දඩේනම් ෂුවර් තමයි” ද කීය. එය පිළිගත් තරුණයින් දෙදෙනා ඔහුට ස්තූති කොට ආපසු ඒමට සැරසුණාහ. “නැහැ මල්ලිලා ආපු ගමන යන්න කෝ. මගේ හෙල්මට් එක දාගෙන ගිහිල්ලා එන ගමන් අපේ ගෙදරට දෙන්නකෝ” යයි කියමින් හේ සිය ආරක්ෂිත හිස් ආවරණය කොල්ලන්ට දුන්නේය.
“එතකොට අයියා යන්නේ කොහොමද? පොලිසියට අහුවුණොත් ලෙඩක්නේ“ යයි තරුණයෝ දෙදෙනා කීහ. “පිස්සුද මල්ලී, මට පොලිසිය ඉතින් නතින් තමයි. පොලිසිය මට කොහොමද දඩ කොළ දෙන්නේ” යයි කියමින් වහසි බස් දෙඩීය.
තරුණයෝ දෙදෙනා නගරයට යන්න ගියහ. ඔහු ගම බලා යාමට ගියේය. සිය නිවසට යන මාර්ගයේ කවදාවත්ම නැතිව පොලිස් කණ්ඩායමක් වාහන පරීක්ෂා කරන අයුරු ඔහු දුටුවේය. ඔහු හිස් ආවරණ නැතිව යතුරුපැදිය පදවාගෙන එන අයුරු අතරමග සිටි පොලිස් නිලධාරීහු ද දුටුහ. පොලිස් නිලධාරීන්ගේ සංඥාව අනුව ඔහුට ද සිය යතුරුපැදිය නතර කිරීමට සිදුවූයේ හීන් දහඩිය දමමිනි. ඒ එම ස්ථානයේ සිටි කිසිදු නිලධාරියකු ඔහු නොඇඳිරීමත් සමගමය.
මේ දිනවල ආරක්ෂාව තරකිරීමට පිටින් ආ විශේෂ පොලිස් කණ්ඩායමක් බව හැඟුණු නිසා ඔහු තමාගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරය ගැන ද කීවත් ඒ වනවිටත් ඔහුට ආරක්ෂිත හිස් ආවරණ නොමැතිව යතුරුපැදියක් පැදවීමේ වරදට දඩ කොළයක් දෙන්න එම නිලධාරීහු කටයුතු කළහ.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්රී ලංකා ඉන්ෂුවරන
හෙල්මටය යාළුවකුට දී පලා බබා දඩ කාලා