IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


හොර වැඬේට කැලේ රිංගලා අනංගයා ඇඟට පැනලා

ගෙදර අයට හොරෙන් දුම්වැටියක් බීමට ගොස් අමාරුවේ වැටුණු තරුණයකු පිළිබඳව ගම්බඳ ප්‍රදේශයකින්  වර්තාවිය.


සිද්ධිය මෙසේය.


ඔහු අවිවාහක තරුණයකි. ඔහුත් නැගණියන් මවත් පමණක් නිවසේ ජීවත්වී තිබේ. 


නිවස ඉදිරිපිට පුංචි කැලෑ රොදක් තිබෙන අතර ඔහු දුම්වැටි බීමට මෙම ස්ථානය තෝරාගත්තේ නිවසට නොපෙනෙන නිසාය. ඒ අසලම නිවසක විවාහක තරුණ යුවළක් ද පදිංචි වී සිටිති. එම නිසා නිවසේ තරුණයා රාත්‍රි කාලයේදී ආයතනයක මුර වැඩකට යන්නේය.


මුලින් කී තරුණයා සුපුරුදු පරිදි රාත්‍රි වෙනතුරු රූපවාහිනිය නරඹා රාත්‍රි 10ට පමණ කැලෑ රොදට ගොස් ඇත්තේ දුම්වැටියක් බීමටය.


සිගරැට්ටුවක් දල්වා පානය කරන අතරතුර ටික වේලාවකින් තමාව තරයේ කවුරුන් හෝ බදාගත් බව දැනුණ තරුණයාට දෙවියන් සිහි වී ඇත.


එවිටම ‘අනේ ඇයි ඔයා පරක්කු වුණේ. මෙතනට ඇවිත් මට හොරෙන් සිගරැට් බොනව නේද’ යැයි තරුණියක් අසනවා ඇසී ආයාසයෙන් ඇය දෙස හැරෙනවාත් සමග විදුලි වේගයෙන් ඇය අල්ලපු නිවස වෙත දිව ගොස් තිබේ. සිහි දල්වා ගත් තරුණයා කාරණය වැටහී තම නිවසට ගිය අතර අල්ලපු ගෙදර තරුණිය ඔහු හමුවීම මග හැරියේ තම අනියම් සම්බන්ධයතාව ගැන ඔහුට මාට්ටු වූ බැවිනි.
(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

 



අදහස් (0)

හොර වැඬේට කැලේ රිංගලා අනංගයා ඇඟට පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 335 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 172 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1849 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site