IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


හොර ගමනේ රඟේ රටම දැකලා

(හක්මණ විශේෂ -දෙනගම යසන්ත ආරියසේන)

රජයේ  රැකියාවට අමතරව උපකාරක පන්ති පවත්වාගෙන යන  අයෙකු පන්තියට දරුවා රැගෙන පැමිණි රූමත් කාන්තාවක  සමග ක්‍රීඩා තරගයක් නැරඹීමට ගොස් සිදුවූ අපූරු අකරතැබ්බක් පිළිබඳව දකුණු  පළාතේ සුන්දර නමක් ඇති ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 


රජයේ සේවකයා පියකරු පෙනුමක් හා කෙළිලොල් ජීවිතයක් ගත කළ ප්‍රසන්න කටහඬක් හා පෙනුමකින් යුත් ළමයින් සහ මව්පියන් අතර ප්‍රසිද්ධියට  පත්ව සිටි  අයෙකි.  සිය සේවා  ස්ථානයේ  මෙන්ම  කා  අතරත් ඔහු  අතිශයින්  ජනප්‍රිය පුද්ගලයෙක් ද  විය.


රාජකාරිය අකුරට ඉටුකරන  පුද්ගලයකු  ලෙසින්  ජනතාව  අතර ප්‍රසාදයක් ලැබී තිබූ ප්‍රියමනාප  පුද්ගලයෙකු  වන  මොහු  විශේෂයෙන්ම  නිලධාරිනියන්  අතර  විශේෂ  ප්‍රසිද්ධියක් උසුලන චරිතයක් විය.
උපකාරක පන්තිය සඳහා ළමයාද සමග පැමිණි තරුණ කාන්තාවක හඳුනාගත් මොහු  ඇය සමග හිතවත් වීය.


 පන්තිය අවසන්වන  තෙක් රැඳී සිටින කාන්තාව සමග  මුහුණු පොත ඔස්සේද ඔහු ගනුදෙනු කළේය. දරුවාගේ පාඩම් වැඩ පිළිබඳව නිතර නිතර සාකච්ඡා කිරීම නිසා  ඔවුහු තවත් සමීප වූහ. දෙදෙනා අනියම් පෙම්වතුන්වීමට වැඩි කාලයක් ගත නොවූ අතර දෙදෙනා උපකාරක පන්තියේ දී බොහෝ අවස්ථාවල හමුවිය.
කාන්තාවට ජාත්‍යන්තර භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය බව සැමියාට පවසා ඇයද ඇතැම් දිනවල සවස් වරුවේ එම ගුරුවරයාගේ උපකාරක පන්තියට තනිවම සහභාගි වූවාය. 


දෙදෙනා සාකච්ඡා කරගත් පරිදි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක පැවැත්වෙන ක්‍රීඩා තරගයක් නැරඹීමට නිවෙස්වලට නොදන්වා ගියහ. කාන්තාවගේ සැමියා විදෙස්ගත රැකියාවක් සිදුකරන අතර ඔහු බිරියගේ කාර්යයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළේ නැත.


පෙම්ලෝකයේ කිමිදෙමින් දෙදෙනා ක්‍රීඩා තරගය නැරඹූ අතර බාහිර ලෝකය පිළිබඳව සැලකිල්ලක් දෙදෙනාම නොදැක්වූහ. 

පන්තියට පැමිණෙන දරුවන් හා මව්පියන් රූපවාහිනිය ඔස්සේ තරගය නරඹමින් සිටි අතර හිටි හැටියේම මෙම යුවළගේ සමිප දසුනක් රූපවාහිනී තිරයේ දිස්විය.


ළමයින් හා මව්පියන් දෙදෙනා පැහැදිලිව හඳුනාගත් අතර උපකාරක පන්ති ගුරුවරයාගේ කාර්යාලයේ අයද එම දසුන දැක ඔහුට ඇමතුම් ලබාගත්තද දුරකතන ක්‍රියාවිරහිත කර තිබුණි.


කිසිවක් නොදත් ඔහු පසුදා කාර්යාලයට ගියවිට මිතුරන් විසින් රූපවාහිනි දසුන් පෙන්වීම නිසා දෙලොවම රත්විය.


 සර් ඊයේ මැච් එක බැලු‍වා නේද යනුවෙන් සවස උපකාරක පන්තියේ ළමයින්ද ප්‍රශ්න කිරීම නිසා ඔහුට උන්හිටිතැන් අමතක විය.


සුළු වේලාවකින් පන්තිය නිමාවට පත්කර  පන්තියෙන් පිටව ගිය අතර පන්තිවල ළමයින්ට සති දෙකක් නිවාඩු ලබාදී බිරිඳ හා දරු දෙදෙනා සමග බිරියගේ මහගෙදර ගොස් කාලය  ගත කළේ බිරියට මෙම සිද්ධිය ආරංචි වේ යැයි යන බියටය.


උපකාරක පන්තියේ ළමයින් අතර සහ කාර්යාලයේ මිතුරන් අතර කතාව පැතිර යාමට වැඩි කාලයක් නොවීය.  



අදහස් (0)

හොර ගමනේ රඟේ රටම දැකලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site