IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොර ගමනක් ගිහින් ජනෙල් කූරු අස්සේ හිරවෙලා


 සැමියා නිවෙසේ නොමැති විට හොර රහසේ බිරියගේ පහස පතා එන පුද්ගලයකු අනපේක්‍ෂිතව සැමියා නැවත නිවෙසට පැමිණීමත් සමඟ එම අනියම් සැමියා එම නිවෙසේ දොරෙන් වෙනුවට ජනේලයෙන් පැන යාමට  උත්සාහ දැරීමේදී ජනෙල් කූරු අතර එළියට හිසද ගෙතුළට කඳ කොටසද වන සේ සිරවී නිවෙස් හිමියාගේ  අතට හසුවූ පුවතක් අලව්ව ප්‍රදේශයට අයත් ගම්මානයකින් වාර්තා වේ.


 සිද්ධිය මෙසේය,


 ප්‍රසිද්ධ සිප් හලක ගුරුවරයකු වන නිවෙස  හිමිකරු පාසල බලා උදයේ පිටත්ව ගියද සුළු වෙලාවකට පසු නිවෙසේ අමතකව ගිය ජංගම දුරකතනය රැගෙන යාමට නැවත නිවෙසට පැමිණියේය. එහිදී නිදන කාමරේ බිරිය සමග යහන්ගතව සිටි අනියම් සැමියා කලබලයට පත්ව  දොරෙන් පිටව යනු වෙනුවට කාමරයේ පිහිටි ජනේලයේ කූරු මෑත් කර ඒ අතරින් රිංගා යාමට උත්සාහ කරත්දී ජනේලයේ කූරු අතර සිරවිය.


සිදුවී ඇති දේ පිළිබඳ අවබෝධ කොට ගත් ගුරුවරයා ජනෙල් කූරු මෑත් කොට සිරවි සිටි පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලාගෙන“ තමුසෙ මට හැංඟි හොරා මෙච්චර දවසක් නටපු නාඩගම අද අතටම අසුවුණා. ඒ මදිවට උගලකටත් හිරවුණා නේද? අයිසේ මේ දේවල් කරන්න තව ටිකක් පුහුණු වෙන්න වෙයි” යනුවෙන් පවසා අතින් පයින්ද එම පුද්ගලයාට පහර දුන්නේ “ආයේ මේ පැත්ත පළාතේ මට අසු වෙන්න  ආවොත් බලාගෙනයයි” යනුවෙන් පවසමිනි.


 ගුරු බිරියගේ පහස පතා පැමිණි ගුරුවරයාගේ ග්‍රහණයට හසුවූ පුද්ගලයා සිද්ධිය ප්‍රදේශය පුරා පැතිර යාමටත් පෙර ගම අතහැර ගොස් අවසන්ය. 

(අලව්ව ජයන්ත කුමාර දිසානායක)



අදහස් (0)

හොර ගමනක් ගිහින් ජනෙල් කූරු අස්සේ හිරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site