(හික්කඩුව ඤාණදාස රන්මුතු)
අපේ අග නගරයේ පිහිටි රජයේ එක්තරා කාර්යාලයකි. එම කාර්යාලයේ සේවය කරන විවාහක මහතෙකු පුරුද්දක් වශයෙන් සිය නිවසින් රැගෙන එන දිවා ආහාරය ගැනීමට යන්නේ සිය කාර්යාලය අසල තිබෙන මහල් හයකින් සමන්විත රජයේ කාර්යාලයක ඉහළම මහලේ පිහිටි ආපන ශාලාව වෙතය.

මෙම කාර්යාලය අවට තිබෙන කාර්යාලවල සේවය කරන බොහෝ දෙනෙක් ද නිවසින් රැගෙන එන දිවා ආහාරය ගැනීමට මෙම ස්ථානයට පැමිණෙති. මේ සැම මෙම කැන්ටිම වෙතම පැමිණෙන්නේ එය හරිම සුන්දර ස්ථානයක් බැවිනි. කැන්ටිමට පැමිණි පසු කොළඹ නගරයෙන් භාගයක්ම මනාව දිස්වේ. හමන සුළඟ ද ගතට සිසිලකි. අපේ කථානායකයා හීන් මනමාලයෙක් බව කාර්යාලයේ බොහෝ දෙනෙක් දැන සිටියහ. දිවා ආහාරය ගැනීමට වෙනත් කාර්යාලයක සේවය කරන කාන්තා නිලධාරියන් කීප දෙනෙක්ද පැමිණෙන්නේ ඉහළම මාලයේ පිහිටි මෙම කැන්ටිම වෙතය.
අපේ කථානායකයා මේ නිලධාරිනියන් අතර සිටි ඇහට කනට පෙනෙන එක් නිලධාරිනියක් සමග ඇසුරට වැටුණි. කාලයක් යත්ම එම ඇසුර අනියම් සම්බන්ධතාවකට හැරුණි. දැන් දෙදෙනා දිවා ආහාරය ගන්නේ එකටය. යන්නෙ එන්නෙත් එකටය. මේ අනිසි සම්බන්ධය කාර්යාලයේ සෑහෙන පිරිසකට ද දැන ගන්නට ලැබුණි. ඒ බව අපේ කථානායකයාගේ බිරිඳගේද කන වැටුණි. ඇය ද කාර්යාලයක ලිපිකාරිණියකි. දිවා ආහාර වේලාවට ඇයද කැන්ටිම පිහිටි කාර්යාලය අසල රැඳී සිටියේ මේ හොරය අල්ලා ගැනීමේ අපේක්ෂාවෙනි. ඇගේ සැමියා වෙනත් කාන්තාවක සමග උකුලු මුකුලු පාමින් කැන්ටිම වෙත පිය නගනු ඇය දුටුවාය. යක්ෂාවේශයෙන් මෙන් සිය සැමියා සහ කාන්තාව වෙත එකවර කඩාපැන්න ඇය එම කාන්තාවට තම අත තිබූ කුඩයෙන් එළව එළවා පහර දෙන්නට වූයේ දෙනෝදාහක් බලා සිටියදීය.
සැමියාට කර කියා ගත හැකි කිසිවක් නොවීය. කුඩය රැගෙන ඔහු වෙත පැමිණි බිරිඳ මගේ සාරියක් නේද තමුසෙ අර ගෑනිට තෑගි කරල තියෙන්නෙ, ඒකත් ඇඳගෙන තමයි අද ඇවිත් තියෙන්නේ.
ලැජ්ජාවෙන් මිරිකී ගිය ඔහු තම කාර්යාලයේ ගේට්ටුවෙන් ඇතුළු වූයේ සිය බිරිඳගෙන් බේරීම පිණිසය.
2025 නොවැම්බර් මස 04
60
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොරේ අසුවුණ බිරිඳගෙන් සැමියාට කුඩ පූජාවක්