IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


හොරා අල්ලන්න තැබූ මී කතුරට බිරියගේ අත අහුවෙලා

(වියලූව වාර්තාකරු)
තම අල්මාරියේ ඇති කැටයකින් විටින් විට මුදල් සොරාගන්නා නිවසේම සිටින සොරකු ඇල්ලීමට ගෙහිමියා විසින් අටවන ලද උගුලකට ඔහුගේ බිරිය අසුවූ බව කියන පුවතක් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.
නිවසේ ගෘහමූලිකයා ඉහළ වැටුපක් නොගත්තද ඔහු ලැබෙන වැටුපෙන් සිය දරු දෙදෙනාගේත් බිරියගේත් අඩුපාඩු පිරිමැසුවේ එය තම පරම යුතුකමසේ සලකමිනි.


මේ අතර හදිසියකදී ගැනීම සඳහා ඔහු පුරුද්දක් ලෙස කැටයක මුදල් ඉතිරි කළේය. තම අල්මාරියේම මුල්ලකට වන්නට තැබූ කැටයකට ඔහු ඉඳහිට කීයක් හෝ දැම්මේ එය හදිසියකදී වටිනා බව තම බිරියට ද පවසමිනි.


දින සති මාස ගණන් ගත වුවද කැටය පිරෙන බවක් නම් නොපෙනිණි.


තම කැටයෙන් මුදල් ගන්නේ පාසල් වියේ පසුවන දරු දෙදෙනා යැයි සිතූ හෙතෙම දරු දෙදෙනා මට්ටු කරන්නට අපූරු උපායක් කල්පනා කළේය.
පසුදින සේවය නිමවා නිවෙසට එද්දී ඔහු තම මිතුරකුගෙන් ඉල්ලා ගත් මී කතුරක්ද රැුගෙන ආවේ උපාය ක‍්‍රියාත්මක කරන්නටය. කැටය තරමක් අල්මාරියේ අස්සට වන්නට තැබූ ඔහු ඒ අසලින් මී කතුරද තැබුවේ සැලසුමේ අවසන් පියවර සම්පූර්ණ කරමිනි. ගතවූවේ දින කීපයකි.


සේවය නිමවා නිවෙසට පැමිණෙන ඔහුට දැකගන්නට ලැබුණේ බැන්ඬේජ් පටියකින් අත ඔතාගෙන සිටින තම බිරිය සහ ඒ අසලින් සිටින දරු දෙදෙනාය. තම සැලසුම ක‍්‍රියාත්මකවී ඇති බව දැනගත් ඔහු කිසිත් නොදන්නා පරිදි හේතුව විමසද්දී ඇය කියා සිටියේ නිවෙසට පැමිණි හිඟන්නකුට කීයක් හරි දෙන්නට අල්මාරිය අරිද්දී එහි තිබූ මී කතුරකට තම අත අසුවූ බවකි. මී කතුරක් බව නොදත් තමා මහ හඬින් බෙරිහන් දුන් බවත් අසල්වාසීන් නිවෙසට එක්රොක්වූ බවත් ඇය ලැජ්ජාවෙන් ඇඹරෙමින් කියා සිටියාය.


කෙසේ වුවත් මුවගට නැගි සිනහව යටපත් කර ගත් ඔහු ඇඟට නොදැනී කියා සිටියේ ”අල්මාරියේ හරියට මීයෝ මම මී කතුරක් ගෙනත් තිබ්බා” යනුවෙනි.



අදහස් (0)

හොරා අල්ලන්න තැබූ මී කතුරට බිරියගේ අත අහුවෙලා

ප්‍රභාත් අරුණ විතානගේ Wednesday, 21 January 2015 07:33 AM

ඒ තාත්ත හරි. තාත්තගෙන් ඉල්ලුවානම් දෙනවනේ. ගෙදර උනත් හොරකම් කළා නම් දඬුවම් දෙන්න ඕනේ. නැතිනම් ඊට වඩ ලොකු හොරකමක් කරලා හිරේ යන්න පුළුවන්. හොරකම කවුරු කලත් එකයි. නෝනට වියදමට සල්ලි දෙනවා නම් අැයි හොරකම් කරන්නේ. (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 21 January 2015 01:43 AM

මරු මොලකරයෙක්නේ මේ තාත්තා. ළමයෙක්ගේ ඇඟිල්ල වෙන් වුණා නම් නියම පාඩමක් තමයි. සමහර පිරිමින්ගේ මොළෙත් හැඳිමිටේ දිග තරම් වගේ කියල මේ කතාවෙන් පෙනෙන්නේ. (නදී)

:       0       0

සිරිපාල Wednesday, 21 January 2015 02:03 AM

ඉස්සර අපි පොඩි කාලේ තාත්තා වැඩට ගිහින් ඇවිල්ලා මුදල් පසුම්බියයි බඩු ටිකයි මේසෙ උඩ තැබුවහම අපි ගන්නවා පොඩි සල්ලි ටික.කවදාවත් තාත්තා මුකුත් කියලා නැහැ.තාත්තාටත් ලොකු පඩියක් තිබුණේ නැහැ.සල්ලි ගන්නේ තමන්ගේ අය බව දැන දැනත් ඒ අයගෙ අත් තුවාල කරන්න මී කතුරක් තියන්නෙ කොහොම අයද කියලා මට නම් හිතාගන්න බැහැ. (නි)

:       0       0

චමින්ද Wednesday, 21 January 2015 02:49 AM

හොඳ වැඩේ! (නි)

:       0       0

ලක්මාල් Wednesday, 21 January 2015 10:07 PM

බිරිය අහුවුණාම මොකද, වැරැද්ද කරලා? (නි)

:       0       0

මහින්ද රෝහණ Wednesday, 21 January 2015 03:39 AM

මමත් ඔයවගේ කතාවක් අහල තියෙනවා, හැබැයි, මී කතුරක් නම් නොවෙයි, ඒක රැවුල කපන තලයක්. (නදී)

:       0       0

සෝමේ Wednesday, 21 January 2015 03:44 AM

නියම තාත්ත කෙනෙක් හොඳ බුද්දිමතෙක් (නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 21 January 2015 03:56 AM

ඒක වැරදි වැඩක්නේ යාළුවා. තම බිරිය හා ළමයින්ට වඩා මුදල් වටිනවද?හොරෙන් ගන්නේ ඔහු මුදල් දෙන්නේ නැතිනිසානේ (නි)

:       0       0

සංජීව Wednesday, 21 January 2015 05:03 AM

අනේ බොරු ප්‍රසාද් මෙයා හොඳයි අර කැලණිය පැත්තේ හිටපු ඇමැති කෙනෙක්ගෙ සම්බන්ධීකරණ ලේකම්ට (බ)

:       0       0

මනෝජ් Thursday, 22 January 2015 02:19 AM

සල්ලි ගත්තට කමක් නැහැ, අහන්න තිබුනා කවුද ගත්තේ කියලා. ඊටපස්සේ ඒකට නිසි පිළිතුරක් දෙන්න තිබුනා. මී කතුරට අත අහුවෙලා තුවාල වුණාම තවත් වියදමක්නේ (නි)

:       0       0

රෙක්ස් Friday, 30 January 2015 04:01 PM

හොරකම් කළත් කළකම් පල දෙනවා.(හේ)

:       0       0

මැණික් Wednesday, 21 January 2015 06:50 AM

සල්ලි ඕන නම් ඉල්ලන්න තිබුණානේ. ඔහොම හොරකම් කලාට පසුව මහත්තයා ආයෙත් මේ නෝනාව විශ්වාස කරාවිද ? (නදී)

:       0       0

සෙනරත් Friday, 23 January 2015 03:08 PM

ඉස්සර මා සමග එකට වැඩ කළ ලංකාදීප පත්තරයට පුවත් සපයන යාලුවෙක් හිටියා. ඔහුත් මෙවැනි නම් ගම් නැති ලස්සන පුවත් හදල පත්තරයට යවන බව අප සමග කියා තිබෙනවා. මෙම කතාව ගැන නම් කියන්නට දන්නේ නැහැ. (නදී)

:       0       0

සරත් Tuesday, 20 January 2015 10:17 PM

මට නම් නෝනා ගැන දුකයි. ඔය කැටේ ලක්ෂ ගණන් නැනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 32 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 402 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 849 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site