IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොර අඹුවට ආදරේ වැඩිවී හිරෙත් ඉන්නවෙලා

මොරගොල්ලාගම  සිසිර කැලේගම 


අනියම්  බිරියට විවාහක බිරිය  පහරදීමේ සිද්ධියක් නිසා සිය සැමියා විවාහක අඹුව ප්‍රතික්ෂේප  කොට අනියම් කත රැගෙන යාමට පැමිණි  පුවතක්  පොල්පිතිගම  මූලික  රෝහලෙන් වාර්තාවේ.
විවාහක පවුල් දෙකකි. දෙපාර්ශ්වයේ  අයටම දරුවෝද   සිටිති. සැමියන් දෙදෙනාම රාජ්‍ය  සේවාවේය. තම විවාහක බිරිය තවත් විවාහක  සැමියකු සමඟ  අනියම්  ඇසුරක් පවත්වාගෙන  යන බවට ලද තොරතුරු  මත සැමියකු විමසිල්ලෙන්  පසුවිය.
දිනක් සැකය දුරුවිය. ඒ ඔහුගේ අතටම රංගනය  අසු වූ  නිසාය. හැමදාමත්  එහෙම දෙයක් නැහැ කියා සැමියා රවටන බිරියට ඔහු එදින පහර පිට පහර ගැසුවේය. ඒ දැන්වත්  නටන නාඩගම  නවතාලන ලෙසට අවවාද කරමිනි. ඇය සමඟ අනියම් සබඳතාවක්  පවත්වාගෙන  යන බව එම සැමියාගේ  විවාහක  බිරියටද දැනගන්නට ලැබුණාය.
විවාහක  සැමියාගෙන් පහරකා  දරුවාත් වඩාගෙන මහ මඟ යන කතට යක්ෂයා ආරූඪව  සිටි  විවාහක කත අනියම්  කතට පහර දුන්නාය.
තම සැමියාගෙන්ද,  අනියම් සැමියාගේ බිරියගෙන්ද ගුටිකෑමෙන් අසරණ වූ ඇය  රෝහලට  පැමිණ  නතරවුණේ තම දරුවාත්  රැගෙනය.
ඇයට තම බිරියත් පහර දී ඇති බව  ඇය සමඟ  සම්බන්ධතාව පවත්වන සැමියාද දැන ගත්තේය.
මත් වතුර  තොල ගෑ ඔහු තම විවාහක  බිරිය ප්‍රතික්ෂේප  කළේ ය. ඔහු අනියම්  රෝහලේ සිටින බිරිය කැඳවාගෙන  යාමට  රෝහලට  පැමිණියේය.


අවේලාවේ රෝහලේ වාට්ටුවලට ඇතුළත් වීමට අවසර නැත. පදම ඉක්මවා  සිටි ඔහු රෝහලේ ආරක්ෂක  අංශයටද තර්ජනය කළේය. රාජකාරියට  බීමත්ව බාධා කිරීමේ වරදට අන් බිරියක් රෝහල් වාට්ටුවෙන් රැගෙන යාමට ආ අනංගයා  රෝහල්  පොලිසිය  මැදිහත්ව අත්අඩංගුවට  ගත්තේය.
 වෙරි සිදුණු ඔහු පොලිස්  ඇප මත මුදා හැරිය බවත්, ඒ අතරේ රෝහලේ සිටි බිරිය ඔහු සමඟ යාම ප්‍රතික්ෂේප කර තිබුණු අතර  වරදට සමාව දී නිත්‍යානුකූල  සැමියා  සුපුරුදු  නවාතැන  කරා  ඇය ගෙනගිය බවත් රෝහල් ආරංචි  මාර්ගවලින් දැනගන්නට  ලැබුණි.



අදහස් (1)

හොර අඹුවට ආදරේ වැඩිවී හිරෙත් ඉන්නවෙලා

pakeer Wednesday, 20 March 2024 12:58 PM

ඇත්තටම පවු මේ මිනිස්සු. අපි තව හුඟක් දියුණු වෙන්න ඕනෑ ජාතියක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site