පුවක් මිල අහස උසට නැග ඇති කාලේ හොරෙන් පුවක් ඉත්තක් කඩන්න මහ රෑ එකම ගසට නැගි මිතුරන් දෙදෙනකු පිළිබඳ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තාවේ.
කුඩා කල සිටම අඹ යාළුවන් වූ දෙදෙනාගේ කටේ බුලත් විටක් සොයා ගත නොහැකි අවස්ථාවක් නොවීය. දැඩි සේ විට කෑමට පුරුදු වී සිටි මොවුහු කූලි වැඩක් කර තම ජීවිකා වෘත්තිය කර ගත්හ.
මේ දිනවල ප්‍රදේශයේ පුවක් ගෙඩියක් රුපියල් විසිපහක් තරම් ඉහළ මිලකට අලෙවි වන අතර මිල ඉහළ යාම නිසාම දවසට බුලත් විට දහයක් පහළොවක් කෑම දෙදෙනාටම ඉතා අමාරු කාර්යක් විය.
පසුගිය දින කිහිපයේ දෙදෙනාම විශාල ගම්මිරිස් වත්තක ගම්මිරිස් කැඩීමේ නිරත වූ අතර වැඩ නිමවා සවස ඔයට ගොස් නා ගැනීම පුරුද්දක් විය. ඔයෙන් නාගෙන නියර දිගේ නිවෙස්වලට යනවිට ඔය අයිනේ තිබුණු පුවක් ඉත්තක් පිළිබඳ දෙදෙනාම ඇස ගසාගෙන සිටි අතර හොඳ පුවක් ඉත්තක් නේද? කියමින් ගස ළගින් ද කිහිප විටක් ගමන් කොට ඇත.
පුවක් මිල ඉහළ යාම නිසා පුවක් මිලදී ගැනීමට වැඩි වියදමක් යන නිසා ඔය අයිනේ තිබූ පුවක් ඉත්ත කඩා ගැනීමට දෙදෙනාට හොරෙන්ම දෙදෙනාටම සිතක් පහළ වී ඇත.
රාත්‍රි දහයට පමණ එක් අයකු වලල්ලකුත් අරගෙන හොර රහසේම ඇළ ඉවුරේ පුවක් ගස ළඟට ගොස් බාගයක් නගින විට අනෙකා ද පැමිණ පුවක් ගසට නැගීමට ටෝච් එක ගස දෙසට එල්ල කොට ඇත. එවිට තම මිතුරා සිටිනු දැක ‘‘යකෝ උඹත් මේක කඩන්න ආවද? ’’ කියා අසා ඇත. දෙදෙනාටම කරකියා ගත දෙයක් නොමැති වූ හෙයින් පුවක් ඉත්ත කඩා දෙකට බෙදාගෙන නිවෙස්වලට ගොස් ඇත.
දින කිහිපයක් යන විට සවස මත්පැන් තොල ගාමින් සිටින විට දෙදෙනාට වූ ඇබැද්දිය අනෙක් මිතුරන්ට ද තම මුවින් පිට වී ඇත. දැන් ඔවුන් දකින බොහෝ දෙදෙනකු අන්න එක ගහේ යාළුවෝ දෙන්නා යනවා කියා කට කොනින් හිනාවෙති.
ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
හොරෙන් පුවක් කඩන්න නගිද්දී මිතුරාත් ගහ උඩ