හොර පොල් කඩන්නට ගොස් අසුවූ හොරා අයිතිකරුගෙන් වැඳවැටී සමාව ඉල්ලා සමාව ලද පසු පොල් කැඩුවාට ගස් කුලිය ඉල්ලීමේ සිද්ධියක් මීරිගම ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
තරමක් විශාල පොල් වත්තකි. නිතර සොරකමට පුරුදු අයකු හිමිදිරියේම හොරාට පොල් කඩන්නට ගියේ අයිතිකරුවන් එන්නට පෙරය. ගස් තුන හතරක පොල් කැඩූ ඔහු තවත් ගසකට නගින්නට සූදානම් වෙද්දී එහි ආ අයිතිකරු ඔහු අල්ලා ගත්තේය. කැඩූ පොල් කවරය ගසක් මුල තිබිණි. කර කියාගත හැකි දෙයක් නොවූ සොරා අයිතිකරු හමුවේ වැඳ වැටුණේ බේරෙන මගක් සොයා ගනු පිණිසය.
ජීවත් වෙන්නට මගක් නැති කමත් ලෙඩදුක් කරදර ගැනත් පුන පුනා කියමින් සමාව ඉල්ලද්දී හිත උණුවු ඉඩමේ අයිතිකරු කෑමට පොල් ගෙඩි දෙක තුනක්ද දී යාමට ඉඩ දුන්නේය. පොල් ගෙඩි තුනක් අතට ගත් හොරා “ මහත්තයා පොල් කැඩූ ගස්වලට කුලිය දෙන්න”යි ඉල්ලද්දී පොල්ලක් අතට ගත් අයිතිකරු හොඳ කුලියක් දෙන්නම් කියද්දී අතට ගත් පොල් ගෙඩි තුනත් බිම දමා හොරා පලාගියේ ගුටි නොකා බේරෙන්නටය.
(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හොරෙන් පොල් කඩා කුලියත් ඉල්ලලා
අජිත් Tuesday, 31 January 2017 02:36 PM
බය වෙන්න එපා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් බෙහෙත් ලබෙයි (හේ)
සමන්ති Tuesday, 31 January 2017 12:43 AM
අජිත්, මේ නිකවැරටියේ තිබී අර හෙලිකොප්ටරයෙන් කොළඹට ගෙනා පොල්වත්ත නොවෙයි. (නි)
පිටිගල - මිලානෝ Tuesday, 31 January 2017 02:44 AM
අජිත් ඉක්මණින් ඔය ලෙඩේට බෙහෙතක් කර ගන්න. (ම)
සරත් Monday, 30 January 2017 10:24 AM
මොහු මහ බැංකුවේ රැකියාවකට සුදුසුයි (ම)
අජිත් Monday, 30 January 2017 01:29 PM
හොරා කොටද, උසද ? උස නම් සිකුරිටි, කොට නම් කම්කරු. (බ)
ලංකා Monday, 30 January 2017 08:08 PM
හරි ෂෝක්. මේක තමයි ලංකාව! (නි)