IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


හොරෙන් පොල් කැඩූ කත ඉඩම් හිමියාට ගෑනු ගැටයක් දමා පැනලා

හසලක - සුනිල් ඒකනායක
ඉඩම් හිමියා බිය ගන්වා අමුතු පොතක් දමා ගෙවත්තක හොරෙන් කැඩූ පොල් තොගයක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව පුවතක් මිනිපේ ගොවි ජනපදයට යාබද ජනපද ගම්මානයකින් වාර්තා විය.
ඉතා ගුණ යහපත් මනා චරිතයකින් හෙබි 51 හැවිරිදි වියේ පසු වන ඔහු තිදරු පියෙකි. පළාතේ රාජ්‍ය ආයතනයක සැලකිය යුතු රැකියාවක් කරන ඔහුට පිය උරුමයෙන් ලැබුණු ගොඩ ඉඩමක් සහ කුඹුරු ඉඩමක්ද හිමිව තිබිණි.  
මෙම ඉඩම ඔහු පදිංචි ඉඩමේ සිට කිලෝ මීටරයක පමණ දුරින් පිහිටා ඇති අතර එම ඉඩම්වල කටයුතු කිරීමට ඔහුට ප්‍රමාණවත් වේලාවක් නොමැතිකම නිසා අඳ පංගුවට කුඹුරු ඉඩම හිතවතකුට වගා කිරීමට ලබාදුන්නේය. ගොඩ ඉඩමේද පොල් පුවක් කෙසෙල් ගම්මිරිස් වැනි වගා ඇති අතර සති දෙක තුනකට වරක් එහි ගොස් වගා කටයුතු සොයා බැලීම ඔහුගේ පුරුද්දකි. 
මෙහි ඇති වගාවල බොහොමයක් අස්වනු අසල්වාසීන් භුක්ති විඳින්නේ හොර රහසේය. විවේකයක් ලද ඔහු මෙදින දිවා කාලයේ සිය ඉඩමට යද්දී ඈත තියාම දැකගත හැකි වූයේ කාන්තාවක ඉඩමේ ඇති පොල් ගස්වලින් ගෙඩි කඩා ඒවා අහුලමින් සිටින අයුරුය. 


ඔහු එම ස්ථානයට ගියත් ඇය තම ඉඩමකින් ගෙඩි කඩා අහුලා ගන්නා විලසින් එම කාර්යයේ නිරතව සිටියාය. ඇය අසල ඉඩමක පදිංචි 55 හැවිරිදි වියේ පමණ පසුවන තමන් දන්නා හඳුනන කාන්තාවක බව ඔහු හඳුනා ගත්තේය.
ඔහු කැඩූ පොල් අහුලමින් සිටි කාන්තාව ආසන්නයට ගියේය. “මේවා තමන්ලාගේ අම්මාගේ අප්පගේ දේපළ කියලා හිතාගෙනද අපි නැති අතරේ මේවා කඩා වඩා ගන්නේ...? කැත වැඩ කරන්න එපා. අද අහුලාගත්තු පොල් ටික අරන් ගියාට කමක් නැහැ... මින් මත්තට මේ වාගේ හොරකම් කළොත් බඩුත් එක්ක පොලිසියට අල්ලා දෙනවා.” ඔහු ඇයට අවවාද කළේය.
 “පුළුවන්නම් අද පොලිසියට අල්ලා දෙන්න... එහෙම කළොත් මුළු ගමටම ඇහෙන්න ‘මෙන්න මේ මිනිහා මට ඉඩමට එන්න කියලා මට අතවර කරන්න හදනවා’ කියලා කෑගහනවා....” අවවාදයෙන් උරණ වූ ඇය ඔහුට දැඩි ස්වරූපයෙන් පැවැසුවේ ඇඟිල්ල ද දිගු කරමිනි. 
ඇය එසේ පවසනවාත් සමගම ඔහු ඉදිරියට තැබූ පය අඩියක් පස්සට ගෙන ආපසු හැරී නිවෙසට විත් සිය බිරිඳට සිද්ධිය විස්තර කර පැවැසුවේ නැවත ඉඩමට යන කොට මාත් එක්ක යන්න එන්න. එහෙම නොවුණොත් මේ හොරු හින්දා මට හිරෙත් ලගින්න වෙනවා යැයි කියමිනි.

 



අදහස් (1)

හොරෙන් පොල් කැඩූ කත ඉඩම් හිමියාට ගෑනු ගැටයක් දමා පැනලා

Janii Thursday, 28 December 2023 09:50 AM

අපරාදේ. උසාවියේ හරස් ප්‍රශ්න වලින් ගෑණු කෙනා ලේසියෙන්ම කොටු කරන්න පුලුවන්. වන්දියකුත් ගන්න තිබ්බා..!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1810 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1474 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site